යාළුවට කෙල්ලෙක් සෙට් කරගන්න වැඩේට වින්ග්මෑන් කෙනෙක් නැතිනම් සහායක ඩැනී කෙනෙක් වෙන්නේ මෙහෙමයි! – Saru News Media

0
3

දැන් ඔය වින්ග්මෑන් කෙනෙක් කියන්නේ මොකෙක්ද හැබෑටම? ඇත්තටම වින්ග්මෑන් කියලා ඉංග්‍රීසියෙන් කියන වචනෙට තේරුම් කීපයක් තියනවා. පළවෙනි එක තාක්ෂණික අර්ථයක්. ඒ කියන්නේ අර ෆයිටර් ප්ලේන් එකක, එලවන පයිලට්ට අමතරව තව සහායට දෙවෙනි පයිලට් කෙනෙක් ඉන්නවනේ. ආන්න එයා තමයි වින්ග්මෑන්. ඔය වචනෙට දෙවෙනි අර්ථයකුත් තියෙනවා. ඒ තමයි, අපි ඕනම කෙනෙක්ට උදව් පදව් කරන, අපිට මඟ පෙන්වන මිත්‍රයෙක් කියන එක. ඒ වගේම, වඩාත් ජනප්‍රිය තුන්වෙනි අර්ථයකුත් ඔය වචනෙට තියෙනවා. ආන්න ඒක තමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. මේ තුන්වෙනි අර්ථය තමයි, කොල්ලෙක්ට රොමෑන්ටික් සම්බන්ධයකට යන්න, ඒ කොල්ලා කැමති වෙලා ඉන්න කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන මිත්‍රයා කියන එක. විශේෂයෙන්ම මෙතනදී අර ලියුම් එහෙට මෙහෙට ගෙනිහින් දෙන සහායක ඩැනී චරිතෙට වඩා, කොල්ලෙක්ට තමන් හිත ගියපු කෙල්ලෙක්ව ආකර්ෂණය කරගන්න උදව් කරන මිත්‍රයා කියන අර්ථය තමයි වින්ග්මෑන්ට තියෙන්නේ.

දැන් වින්ග්මෑන් කියන වචනේ තේරුම දැනගත්තනේ. එතකොට දන්නවද කොහොමද හරියට වින්ග්මෑන් කෙනෙක් වෙන්නෙ කියලා? ආන්න ඒක ටිකක් හිතලා බලන්න ඕන කාරණයක්. මොකද, ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි, තමන්ට කෙල්ලෙක්ව හරියට සෙට් කරගන්නත් බැරුව කොහොමද තව එකෙක්ට කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන වින්ග්මෑන් කෙනෙක් වෙන්නේ කියන එක. ඇත්‍තටම වින්ග්මෑන් කෙනෙක් වෙන එක තමන්ට කෙල්ලෙක් සෙට් කරගන්නවා තරම් අමාරු නෑ. ඒකට ටිප්ස් ටිකකුත් අපි සපයලා දෙන්න සූදානම්!

How to be a wingman

වින්ග්මෑන්ට තියෙනවා ජොබ් එකක්. මොකක්ද ජොබ් එක? තමන්ගේ මචංට හිත ගියපු කෙල්ලව සෙට් කරගන්න උදව් කරන්න. ඔය ජොබ් එක සෙට් වෙන්න පුලුවන් විවිධ විදියට. පෙරුම් පුර පුරා හිටපු කෑල්ල එන සැණකෙලියට ගිහින් අද කොහොමහරි වචනේ දාන්න මචං අපිට කතා කරන්න පුලුවන්. නැතිනම් දෙන්නත් එක්ක ඔෆිස් ඉවරවෙලා ඇවිත් පබ් එකේ බියර් එකක් ගහ ගහ ඉන්නකොට එතන හිටපු කෑල්ලකට හිත ගිහින්, පොඩ්ඩක් ටෝකක් දාන්න පුලුවන්ද කියලා බලන්න යන්න මචං අපිට කතා කරනවා වෙන්න පුලුවන්. ඔය කොයික වුණත්, මචං අපිට වින්ග්මෑන් වෙන්න කතා කළොත්, අපිත් ඒකට එකඟ වුණොත්, ආයෙ අපිට අවධානය අරෙහෙ මෙහේ යවන්න බැහැ කියන එක මතක තියාගන්න. ජොබ් එක තමයි මචංට සපෝට් එක දෙන එක.

How to be a wingman

මෙන්න මේක ඉතාම වැදගත්. උඩ අපි කිව්වනේ වින්ග්මෑන් වෙන්න එකඟ වෙනවා කියන්නේ ජොබ් එකක් වගේ කියලා. දැන් හොඳට මතක තියාගන්න, මෙතන අපේ ජොබ් රෝල් එක වෙන්නේ අපි කොයි තරම් සිරාද, ඉන්ටරස්ටින්ග් ද, ආතල් ද කියන එක පෙන්නන්න දඟලන එක නෙවෙයි කියලා. මෙතනදී ඇත්තටම ස්ටාර් වෙන්න ඕන අපේ මචං ෆිට් එක. අපි මෙතනදී ඉන්නේ ඌට ස්ටාර් වෙන්න සපෝට් එක දෙන්න. අන්න ඒ නිසා, අපි ඌට වඩා ඉහළින් කලර්ස් පෙන්නන්න යෑම, එහෙම නැතිනම් ඌව බයිට් එකට ගැනීම, ඌව කපලම දැමීම වගේ දේවල් කරන්න හොඳ නෑ!

උදාහරණයක් විදියට කිව්වොත්, සමහර විට මචං යාළුවට ඇත්තටම විහිළු බැරි වෙන්න පුලුවන්. අපිට ගේමක් නැතුව ඕන සබාවක් හිනාගස්සන්න හැකියාවක් තියෙන්න පුලුවන්. හැබැයි මෙතනදී ඒ හැකියාව පාවිච්චි කරන්න යන්න එපා. තමන්ටත් විහිළු බෑ වගේ ඉන්න. යාළුවට කලර්ස් පෙන්නන්න කරන දෙයක් කරගන්න දෙන්න.

How to be a wingman

දැන් වින්ග්මෑන්ගේ රාජකාරියේ කොටසක්නේ මචං යාළුවට දවසේ ස්ටාර් වෙන්න උදව් කරන එක. ඒ කියන්නේ, පොරගෙ හිත ගියපු කෙල්ල, පොර තනියෙන් එතනට ගිහින් ටෝක් කළා නම් සතපහකට ගණන් නොගන්න පුලුවන් පොරව. හැබැයි අද දවසෙදි කෙල්ලගේ අවධානය දිනාගත්තු ඩයල් එකක් වෙන්න මචං යාළුවට උදව් කරන එක තමයි කරන්න තියෙන්නේ. එතනදී අපිට මචං යාළුවව නග්ගලා තියන්න වෙනවනේ. හැබැයි ඒක කරන්න ඕන අතිශයින්ම සියුම් විදියට. “මූට ලන්ඩන් වලත් ගෙයක් තියෙනවා, ප්‍රයිවට් ජෙට් එකේ තමයි පාං රාත්තලක් ගේන්න පැරිස් යන්නෙත්, මූට ඉතින් කොයි වෙලෙත් වැඩ, කොම්පැණි දහයක් විතර බලන්න තියෙනවනේ” වගේ ටෝක්ස් දීලා, ඌට කැස්සක් ආවහම, “ආයෙ ඉතින් මූට කාසේ, මූට සෙල්ලං ලෙඩ හැදෙන්නෑනේ” කියලා කාඩ් එක ඉරලම දාන්න යන්න එපා. කොටින්ම කියනවා නම් වින්ග්මෑන්ගේ රාජකාරිය වෙන්නේ මචං ෆිට් එක වෙනුවෙන් උගේ පම්පෝරිය ගහන එක නෙවෙයි කියලා මතක තියාගන්න.

ඊට වඩා සියුම් විදියට මචං ෆිට් එක උඩට නග්ගලා තියන්න වින්ග්මෑන් කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන. උදාහරණයක් විදියට, කෙල්ල මාකටින් කරන ඩයල් එකක් නම්, කෙල්ල ඔෆිස් එකේ වැඩ වැඩි වීම ගැන කතාවක් ඇදලා ගත්තොත්, අපිට පුලුවන් මචං ෆිට් එකගෙන් අහන්න, “උඹ අර එදා කියපු වැඩ ප්‍රයෝරිටයිස් කරගන්න ටෙක්නික් එක මොකක්ද මචං?” කියලා. එහෙම නැතිනම්, හොලිඩේ එකට ට්‍රිපක් යන්න පුලුවන් තැන් ගැන කෙල්ල කතාවක් ඇදල ගත්තොත්, අපිට පුලුවන් එයා යන්න ආස තැන් ගැන අහලා, එයා රිවර්ස්ටන් හරි හෝර්ටන් හරි කිව්වොත්, මචං ෆිට් එකට පිටිය හදලා දෙන්න, පොර හෝර්ටන් ප්ලේස් කෑම්පින් ගියපු සීන් එක මතක් කරලා. හැබැයි ඉතින් මචං ෆිට් එකත් දැනගන්න ඕන, එතන ඉඳන් හෝර්ටන් ප්ලේස් කෑම්පින් කරපු පම්පෝරිය ගහන්නෙ නැතුව, බොහොම සරල විදියට වැදගත් වෙන ටිප්ස් ටිකක් දීලා, එතන ලස්සන ගැන කියලා, ලකුණු දාගන්න. ඔය උදාහරණ කීපයක් විතරයි.

How to be a wingman

මෙන්න මේකත් වැදගත්. ඒ තමයි, මචං ෆිට් එක සම්බන්ධයෙන් රෙස්පොන්සිබල් පිට සිටීම. හරියට වෙඩිමක බෙස්ට්මන් වෙනව වගේ. උදාහරණයක් විදියට කිව්වොත්, පොරට බොන ලිමිට් නැති නම්, අපි අවධානයෙන් ඉන්න ඕන පොරට කරටි කැඩෙන්න ගහන්න නොදී. පොර ගොන් කතාවක් එහෙම කෙල්ලො සෙට් එක මැද්දෙ කියල බයිට් වුණොත්, ෂේප් එකේ කතාව වෙන පැත්තකට හරවලා හරි පොරව බේරගන්න ඕන. එතකොට පොර ඕවර් යන තැනක් එහෙම ආවොත්, ෂේප් එකේ පොරව කන්ට්‍රෝල් කරගන්නත් ඕන. හැබැයි මේ එක දෙයක්වත් කරන්න ඕන ප්‍රසිද්ධියේ, සෙට් එකටම පේන්න නෙවෙයි. එතකොට ඉතින් මචං ෆිට් එකේ පටිත් රෝල් වෙලා, උගේ චාන්ස් එකත් ගහල යනවා. ඒ නිසා කාටවත් නොදැනෙන්න තමයි මේ විදියට කරන්න ඕනේ. ඒ වගේම, අපිත් ලිමිට් පනින්න බොන්නෙ එහෙම නැතුව ඉන්න ඕන. මතක තියාගන්න. පළවෙනි පොයින්ට් එකේ කිව්වා වගේ මේක ජොබ් එකක්!

How to be a wingman

දැන් සාමාන්‍යයෙන් වෙන විදිය තමයි, වින්ග්මෑන් මුලින්ම අර අපේ මචංට හිත ගියපු කෙල්ල නැතිනම් හිත ගියපු කෙල්ල සහ කෙල්ලගෙ ගැංසිය ඉන්න තැනට ප්ලග් වෙන්නේ. වින්ග්මෑන්ට අනවශ්‍ය චකිතයක් නැතුව ඒක කරන්නත් පුලුවන්. මොකද, පොරගෙ අරමුණ අද දවසේ කෙල්ලෙක්ව සෙට් කරගන්න එක නෙවෙයිනේ. ඊට පස්සේ සංවාදය ගාණට නග්ගලා ගත්තහම, මචං යාලුවට එතනට ප්ලග් වෙන්න පුලුවන්. අන්න එතකොට අපි කියන්නේ “ගෑණු ළමයිනේ, මේ තමයි අඳුනගන්න සිරිපාල” කියලද? නෑ. මතක තියාගන්න. මෙතන අපිට වැදගත් තැන දෙන බව පෙන්නන්න ඕන යාළුවට නෙවෙයි. පොර ටෝක් කරන්න බලං ඉන්න ගෑල්ලමයට තමයි වැදගත් තැන ලැබෙන්න ඕන. එතකොට අපි කියන්න ඕන, “සිරිපාල මචං, මේ ඉන්න ලස්සන ළමයි දෙන්න උඹට හම්බෙලා නෑ නේද, මේ අහවලී, මෙයා අහවලී” කියලා!

හැබැයි මේ විදියටම වෙන්න ඕන කියලා එකක් නෑ. ඕන නම් දෙන්නටම ගිහින් කතාවට සෙට් වෙන්නත් පුලුවන්. මචං ෆිට් එක කලින් යවලා, වින්ග්මෑන් විදියට අපිට ඊලඟට කතාවට සෙට් වෙන්නත් පුලුවන්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here