ලංකාවේ ලස්සන ලෝකෙට ම ගෙන ගිය දුන්‍යාෂා – Saru News Media

0
1

Badte4cher ඉන්ස්ටග්‍රෑම් ගිණුම හිමි දුන්‍යාෂා රුසියන් කෙල්ලක්. දුන්යාෂා ගැන අපේ සමාජ ජාලාවල පහුගිය දවස්වල කතා නොකළ කෙනෙක් නැති තරම්.

 සරාගී ඇඳුමක් අඩ නිරුවතින් ඇඳ ගත් ලස්සන සුද්දියෙක් උඩරට මැණිකේ කෝච්චියේ දොරේ එල්ලිලා!

ඒ තමයි මාතෘකාව.

දුන්යාෂා දුම්රිය දොර මත සහ නයින් ආච් වල දැකලා ඇයට ඇලුම් කරන,කතන්දර හදන බොහෝ අය දුන්යාෂා ගැන ඇත්ත දන්නේ අඩුවෙන්.

ඇත්තටම ඇත්ත කතාව කිව්වොත් එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පිරිලා තියෙන්නේ එහෙම ෆොටෝවලින්. ඇය සංචාරය කරන්නියක්. ඒ වගේම ගුරුවරියක්. පහුගිය කාලේ පහසු ඇඳුමක් ඇඳගෙන රාජකාරි කරන්න අවසර ඉල්ලපු අපේ ගුරුවරියන්ට අත් වූ ඉරණම මතකද?

අන්න එතකොට හිතෙනවා දුන්යාෂා වගේ කෙල්ලන්ගේ ලෝකේ කොච්චරනම් විශාල ද මොනතරම් නිදහස් ද කියලා.

“මේක හරි සුන්දර මොහොතක්. මේ කොල්ලො තුන් දෙනාගේ හදවත නතර වුණාදෝ මන්දා”

ඇය දුම්රිය දොරේ සරාගී ඇඳුමකින් එල්ලී යනකොට පාර අයිනේ ඉන්න ලංකාවේ කොල්ලො තුන් දෙනෙක් ගැන ඇය එහෙම ලියන්නේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ.

ඒ තරුණයන් දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අවස්ථාත් සමාජ ජාලා වල දකින්න ලැබුණා.ඒත් එච්චර හැඩ ඇඟක් දිහා නොබලා ඉන්න හේතු නැහැ. 

සුන්දර බව අගය කිරීම, රස විඳීම එක් කාරණාවක්. අතිශය සරාගී ගැහැනියක දුටු විට ජීවිතේ පියවා ගන්න බැරිව ගිය සෙක්ස් ඇරියස් පියවා ගන්න අන්ත ජරා කතා කියන එක තව එකක්. සුන්දරත්වය ඒ ආකාරය දකින මිනිස්සු වැඩි වෙනවානම් දුන්යාෂා තරමටම නිදහසේ අපේ කෙල්ලන්ටත් විලාසිතා කරන්න පුලුවන් වෙයි.

ඒ වගේම තමයි ඒ ඇඳුමට සරාගී බැලුම් වැටෙන බව ඇය දන්නවා. ඇය ඉතා සුහදශීලිව ඒවා බාර ගන්නවා. ලස්සනට ඇන්දානම් ප්‍රතිචාරත් ආදරෙන් බාර ගන්න පුලුවන් වෙන්න ඕනෑ.

සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය එක්ක දුන්‍යාෂා වගේ ලස්සන කෙල්ලන්ගේ ලස්සන ෆොටෝස් ඉන්ස්ටග්‍රෑම් හරහා ලෝකයේ හැමතැනම ඉස්සරහටත් යයි. ලංකාව මොනතරම් ලස්සන රටක් ද කියලා ඔවුන් ලෝකෙට කියයි.

ඒ උදව්ව ගැන මතක තියා ගැනීම ප්‍රමාණවත්! පිටරටක යුවතියක් කොයි විදියට ඇන්දත් අපේ සංස්කෘතිය නාස්ති වෙන්නේ නෑ.

විදේශයකින් එන, අපේ රටේ ජීවත් වෙන හැම ගැහැනියකටම නිදහස් වටපිටාවක් ලැබිය යුතුයි. අපේ පැතුම අන්න ඒකයි!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here