ලිංගය වෙනස් කිරීම අමාරු කාර්යයක්ද? – Saru News Media

0
2

තමුන් ඉපදුණු ලිංගය පසුව වෙනස් කරගැනීම කලකට පෙර නම් හරිම පුදුම කතාවක් වුණා. ඒ වැනි වෙනස්කම් කරගත් අය ගැන පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය වල පවා පළවුණා. ඒත් දැන් ඒක දියුණු රටවල බොහොම සාමාන්‍ය තත්ත්වයක්. අපේ රටෙත් යම් අයෙක්ට උප්පැන්න සහතිකයේ තමුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට ලිංග මාරුව ගැන අපි කරුණු කාරණා ටිකක් බලමු.

 

ජීව විද්‍යාත්මකව මනුස්ස ශරීරයේ ගැහැනු සහ පිරිමි කියලා වෙනස්කම් තියෙනවා. ගැහැනු අයට විශාල පියයුරු සහ ලාලිත්‍යමය හැඩයක් සිරුරට ඉබේම ලැබෙනවා. ඒ වගේම හැඟීම් දැනීම්, හැසිරීම් අතිනුත් පිරිමි ගැහැනු වෙනස්. අනෙක් අතින් සමාජයේ තිබෙන තත්ත්වයන් අතිනුත් බොහෝ සමාජ වල කාන්තා පිරිමි කියල වෙනසක් තවමත් දැඩිව තියෙනවා. ඉතින් යම් හෝමෝනමය හෝ වෙනත් හේතු නිසා සිය ලිංගය වෙනස් කරගන්න කැමති අය ඉන්නවා. එයාල එක පැත්තකින් සිරුර වෙනස් කරගන්නවා. අනෙක් පැත්තෙන් සිය ඇඳුම් පැළඳුම්, හැසිරීම වෙනස් කරගන්නවා. නැතිනම් ඉබේම ඒ අනෙක් ලිංගයේ හැසිරීම් ඔවුන්ට එනවා.

 

යම් අයෙක් ලිංගය වෙනස්වට පෙන්වන්න දැඩි ආශාවකින් ඉන්නවා නම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලැබීම ඔවුන්ගේ ලොකු මානසික සුවයකට හේතු වෙනවා. ඒ ගැන සලකා බලලා බටහිර රටවල් වලින් එලෙස ලිංගය මාරු කිරීමේ උවමනාව ඇති අයට ඒ කටයුත්ත කරගන්න නීතිමය සහ සමාජීය පැත්තෙන් පහසුකම් සලසලා තියෙනවා. ඒ අයට එතකොට දෙමාපියන්, ඥාතීන් සහ මිතුරන් විසින් ඒ අය කැමති ලිංගයෙන් අමතනු ලබනවා. ඒ වගේම තමුන්ගේ නමත් අදාළ විදිහට ඊළඟ ලිංගයට හරියන විදිහට වෙනස්‍ කරගන්නවා. ඊට අමතරව බොහෝ දෙනා එම ලිංගයට අදාළ පිරිමි හෝ ගැහැනු පෙනුම එන විදිහට අඳින්න පළඳින්න, ෆැෂන් කරන්නත් පෙළඹෙනවා.

 

 

මේ ගැන ගෝලීය වශයෙන් එකඟතා තිබුණත් කෙලින්ම නීතිමය වශයෙන් ගැහැනු නොවන අයෙක් ගැහැනියක් ලෙස නිරූපණය කිරීමත්, පිරිමි නොවන අයෙක් පිරිමි ලෙස නිරූපණය කිරීමත් වැරදි දෙයක්ය කියලා වාද කරන අයත් ඉන්නවා. වෛද්‍ය විද්‍යාත්මකව ගැහැනිය කියන එකට යම් අර්ථ දැක්වීමක් තියෙනවා. සමාජයෙත් එවැනි මතයක් තියෙනවා. එහෙත් ලිංගය වෙනස් කරගත් කෙනෙක් කිසිදාක එසේ සම්පූර්ණයෙන් ගැහැනියක හෝ පිරිමියෙකු වෙනවාද? පිරිමියෙකු යම් ඇඳුම් පැළඳුම් සහ නිරූපණ ඔස්සේ තමන් ගැහැනියක යැයි නිරූපණය කළ පමණින් එම පුද්ගලයාට ගැහැනියකට ලැබෙන සියළු දේ ලැබිය යුතුද? යන්න ගැන වාද විවාද අදටත් ලෝකයේ තියෙනවා.

 

 

ලංකාවේ නම් ගැහැනු අය කන් දෙකටම කරාබු දානවා. ඒකෙන් කාන්තා බවක් නිරූපණය වෙනවා. ඒ වගේම විලාසිතා වලදි සෙරප්පු, සපත්තු, ඇඳුම්, ආභරණ, සහ බෑග් ආදිය පවා කාන්තා සහ පිරිමි ලෙස වෙනස් වෙනවා. ගැහැනු කෙනෙක් ලෙස නිරූපණය වෙන්න ආස කරන පිරිමි අයෙක් ඒ දේවල් හරහා සිය අනන්‍යතාවය ලෝකයට පෙන්වන්නට උත්සාහ කරනවා. පිරිමි ලෙස නිරූපණය වීමට ආස කාන්තාවනුත් ඒ පිරිමි ඇඳුම් සහ පිරිමි කටහඬ ආදී දේ අනුකරණයට පෙළඹෙනවා. එය කිසිසේත්ම ඔවුන් අවඥාවට ලක් කළ යුතු අවස්ථාවක් නෙමෙයි. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here