ලොව සුපතල චරිත – නෙල්සන් මැන්ඩෙලා – Saru News Media

0
1

ලෝකය අපි අද මේ අත්විඳින සුන්දර තැනට ආවේ සිනිඳු සුමුදු මාවතක් දිගේනම් නෙමෙයි. අද අපි අත්විඳින සාමය, සෞඛ්‍ය, නිදහස, අයිතීන් හැමදෙයක් වෙනුවෙන්ම සටන් කරපු ශ්‍රේෂ්ඨ මිනිසුන් පිරිසක් ඒ හැම කතාවක් පිටිපස්සෙම ඉන්නවා. ඔවුන්ගේ ලේ දහදිය අපි අද විඳින හැම සතුටකටම නෑකම් කියනවා. ඉතින් අපි හිතුවා ලෝකය වෙනස් කරපු, ලස්සන කරපු වගේම ලෝක ඉතිහාසයට කොයි විදිහකින් හරි මතකයන් එකතු කරපු ප්‍රසිද්ධ මිනිසුන් ගැන කතා කරන්න.

නෙල්සන් මැන්ඩෙලා කියන නම අපි කාටත් හුරු පුරුදු නමක්. හැබැයි මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ නමින් එහාට ගියපු ජීවිත කතාව දන්නෙ බොහොම සුළු පිරිසයි. ඒ නිසා අද කතා කරන්න යන්නෙ ඔහු ගැනයි.  

නෙල්සන් මැන්ඩෙලා කියන්නේ දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීමකින් පත්වුණ පළමු කළු ජාතික ජනාධිපතිවරයා. රටේ කළු ජාතිකයින් වෙනුවෙන් විශාල හඬක් නගපු වීරවරයෙක්. ඒ වෙනකන්ම ඒ රටේ පැවතුන සුදු ජාතිකයින්ගේ අසාධාරණ පාලනය වෙනම මාවතකට හරවන්න සමත්වුණ, අද කළු ජාතිකයින් විඳින නිදහසේ පළමු පෙරගමන්කරු ඔහු කියල කිව්වොතින් වරදක් නැහැ. ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ හුඟක් දේවල් පවා කැපකරන්න ඔහු පසුබට උනේ නැහැ. ඒ නිසාම දකුණු අප්‍රිකාවේ පියා කියන අන්වර්ථ නාමයෙනුත් ඔහුව අදටත් හැඳින්වෙනවා.

 

මේ ශ්‍රේෂ්ඨ නායකයා උපත ලබන්නේ දකුණු අප්‍රිකාවේ Umtata කියන ප්‍රදේශයට අයත් ඉතාම දුෂ්කර Mvezo කියන ගම්මානයේ තෙම්බු ගෝත්‍රික පවුලක. ඔහු උපත ලබන්නෙ 1918 වර්ෂයේ ජූලි 18 වෙනිදා. උපතේදී ඔහුට ලැබෙන නම වෙන්නෙ රෝලිලාලා මැන්ඩෙලා (Rolihlahla Mandela) කියන නම. රෝලිලාලා කියන්නෙ ඔවුන්ගේ භාෂාවෙන් “ගැටළු ඇතිකරන්නා” කියන එක. කොහොම නමුත් ප්‍රාථමික පාසලේදී හැම දරුවෙකුටම ක්‍රිස්තියානි නමක් ලබාදිය යුතුයි කියන නියමය යටතේ ඔහුගේ ගුරුවරිය විසින් ඔහුව නෙල්සන් නමින් නම් කරනවා. අන්න එහෙම තමයි ඔහු “නෙල්සන් මැන්ඩෙලා” වෙන්නෙ. කොහොම උනත් අදටත් දකුණු අප්‍රිකානුවන් ඔහුව ආදරයෙන් සිහිපත් කරන්නෙ ඔහුගේ ගෝත්‍රික නාමය වන “මදීබා” කියන නමින්.

නෙල්සන් මැන්ඩෙලාගේ පියාගේ පරම්පරාව තෙඹු රාජ්‍ය වංශයේ නායක පරම්පරාවකට අයිති අයවලුන්. කොහොම නමුත් නෙල්සන්ගේ මව ඔහුගේ පියාගේ බිරින්දෑවරු හතර දෙනාගෙන් තුන්වෙනියා. පුංචි මැන්ඩෙලාට වයස අවුරුදු 9ක් වගේ කාලෙදි ඔහුගේ පියා අවාසනාවන්ත ලෙස මියයනවා. 

 

 

මැන්ඩෙලාට වයස අවුරුදු හතේදී ඔහුව මුලින්ම ප්‍රාදේශීය මෙතෝදිස්ත පාසලකට ඇතුලත් කරන්නෙ ඔහුගේ මව විසින්. එහිදී තමයි ඔහුට නෙල්සන් කියන ක්‍රිස්තියානි නම ලැබෙන්නෙ. පස්සේ කලෙක පියාගේ මරණයෙන් පස්සේ ඔහුගේ බාරකාරත්වය හිමිවෙන තෙම්බු රාජ්‍යාධිකාරී ජෝන්ගින්ටාබා සහ ඔහුගේ බිරිඳ විසින් මැන්ඩෙලාව ඔවුන්ගේ මාළිගාවට යාබදව පිහිටි මෙතෝදිස්ත දූත පාසලකට ඇතුලත් කෙරෙනවා. එහිදී තමයි ඔහු ඉංග්‍රීසි, ෂෝසා, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව වගේ විෂයයන් හදාරන්නේ. 

1933 වසරේදී ක්ලාක්බැරි මෙතෝදිස්ත උසස් පාසලේදී ඔහුගේ ද්විතීයික අධ්‍යාපනය ආරම්භ කරන මැන්ඩෙලා 1939 වර්ෂයේදී ෆෝර්ට් හෙයාර් විශ්විද්‍යාලයේ කලා උපාධියකින් ඔහුගේ උසස් අධ්‍යාපනය ආරම්භ කරනවා. හැබැයි අවාසනාවකට ඔහුට ඒ උපාධිය සම්පුර්ණ කරන්න ලැබෙන්නේ නැහැ. වැඩ වර්ජනයකට සහභාගීවීමේ වරද මත ඔහුව විශ්විද්‍යාලයෙන් නෙරපා හරිනවා. 

විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමෙන් පස්සෙ ඔහු නැවත භාරකාර දෙමව්පියන් වෙත ආවත් නැවත විශ්වවිද්‍යාලයට යන ලෙස ඔවුන් කළ බලපෑම් නිසා ඔහු හොර රහසේම ජොහැන්නස්බර්ග් වෙත පලායනවා. ඒ 1941 වර්ෂයේදී. එහිදී විවිධ රැකියාවන් කරන අතරේ ඔහු දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාලය හරහා ඔහුගේ උපාධිය සම්පූර්ණ කරන්නත් සමත් වෙනවා.

 

1942 වර්ෂයේ සිටම මැන්ඩෙලා විවිධ දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත උනත් ඔහු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය එක්ක සම්බන්ධ වෙන්නෙ 1944 වර්ෂයේදී. 1952 වර්ෂයේදී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සහ දකුණු අප්‍රිකානු ඉන්දියානු කොන්ග්‍රසය ඒකාබද්ධ වෙලා පවත්වපු විරෝධතා ව්‍යාපාරයක ස්වේච්ඡා ප්‍රධානියාව සිටීම වෙනුවෙන් කොමියුනිස්ට්වාදය මර්දනය කිරීමේ පනත යටතේ ඔහු ඇතුළු තවත් 19 දෙනෙකුට සිර දඬුවම් නියම වෙනවා.  

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here