ලෝකය විස්මයට පත් කළ ලංකාවේ මැණික් (දෙවෙනි කොටස) – Saru News Media

0
2

ඔබට මතක ඇති මීට සති කීපයකට කලින් අපි මේ ලිපි මාලාවේ පළමු කොටස ඔබ වෙත ගෙන ආවා. ඒ සඳහා ඔබෙන් ඉතාමත් ඉහළ මට්ටමින් ප්‍රතිචාර ලැබිලා තිබ්බේ ලිපිය සඳහන් කළා වගේම ලංකාවෙන් හමුවෙච්ච මිල කළ නොහැකි මැණික් පොකුරක් පිළිබඳව කතාබහක් ඇතිවෙලා තිබ්බ පසුබිමක. අද වෙද්දී නම් ඒ මැණික් පොකුර සමාජ මාධ්‍ය වලට වගේම ප්‍රධාන පෙළේ මාධ්‍යවලටත් අමතක වෙලා ගිහිල්ලා. අපිට ඒ ගැන හරි තොරතුරු දැනගන්න හම්බවෙන්නේ ඉදිරියේදී කියලා තමයි උපකල්පනය කරන්න පුළුවන්. එහෙමනම් ඒ ගැන වැඩිදුරටත් කතා කරන්නෙ නැතුව ලංකාවේ මුණගැහුණු මිල කළ නොහැකි තවත් මැණික් කීපයක් පිළිබඳව දැනගනිමු.

 

 

මෙම මැණික හමුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් බව සනාථ වී ඇතත් එහි ඉතිහාසය පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් නැහැ. දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන රොසර් රීව්ස් මෙම මැණික තමන් යන සෑම තැනකම රැගෙන ගියේ එය තමන්ට වාසනාව කැඳවන බව විශ්වාස කළ නිසයි. ඔහුගේ නමින් මෙම මැණික නම් කෙරෙන අතර පසු කලෙක ඔහු විසින් මෙම මැණික ස්මිත්සෝනියන් ආයතනය වෙතට පරිත්‍යාග කරනු ලැබුවා.

 

 

මෙම මැණිකේ මුල්බිම ශ්‍රී ලංකාවද එසේත් නැතිනම් ටජිකිස්ථානයද යන්න පිළිබඳව මතභේදයක් තිබුණත් එය ශ්‍රී ලංකාවේ වීමට වැඩි ඉඩකඩක් පවතින බව බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරනවා. මෙම මැණිකේ අයිතිය බ්‍රිතාන්‍ය රජ පවුලට හිමිවී තිබෙන්නේ 1367 තරම් ඈත අතීතයේ වන අතර වර්තමානයේදී  ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන් නම් කිරුළේ මධ්‍යයේ මෙම මැණික රඳවා තිබෙනවා.

 

 

රුසියාවේ රජකළ දෙවැනි ඇලෙක්සැන්ඩර් අධිරාජයා ලන්ඩනයේ පැවති වෙළඳ ප්‍රදර්ශනයකදී මෙම මැණික මිලදී ගෙන තිබෙන්නේ සිය අධිරාජිනිය වන මාරියා වෙනුවෙනුයි. ඇගේ මරණයෙන් පසුව රුසියානු රජය බාරයට පත් වුණ මෙම මැණික වර්තමානයේ දී රුසියානු දියමන්ති භාරයේ සුරක්ෂිතව පවතිනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here