ලෝකෙ වටේ තියෙන දැක්කම පිස්සු හැදෙන බිල්ඩින් 7ක් – Saru News Media

0
1

ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කරන කොට පිරමීඩ, ටජ් මහල සහ අපේ දළදා මාළිගාව වගේ අතීතෙ නිර්මාණය වුණ විශිෂ්ට නිර්මාණ අපිට නිතැතින්ම මතක් වෙනවා. අතීතෙ කරපු ඒ නිර්මාණ වලට අමතරව වර්තමාන ලෝකයේදි ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම මානයන් වලට ගිහිල්ලා කරපු නිර්මාණ ලෝකේ ගොඩක් තියෙනවා. ඒ අතරින් බැලූ බැල්මට ටිකක් අමුතුවට වගේම ලස්සනට පේන ගොඩනැගිලි ටිකක් අපි තෝරගත්තා ඔයාලට පෙන්නන්න. බලන්න මේවා කොච්චර නිර්මාණශීලීද කියලා.

 

චීනයේ ශැංහයි නුවර ඉතා ආකර්ෂණීය ලෙස හදලා තියන බිල්ඩින් එකක් තමයි මේ. චීනයේ Bjarke Ingels Group කියන සමාගම තමයි මේ අමුතු ගොඩනැගිල්ලෙ නිර්මාණ ශිල්පීන්. මොවුන් විසින් Better City, Better Life 2010 World Expo එකට අනුරූපව තමයි මේක හදලා තියෙන්නෙ. මෙහි හෝටලයක්, ක්‍රීඩාගාරයක් හා සම්මන්ත්‍රණ ශාලාවක් අන්තර්ගත වෙලා තියනවා. මේක නිර්මාණය කරලා තියෙන්නෙ ගොඩනැගිලි දෙකක් එකට එකතු වෙනවා වගේ පේන විදියට. එක බිල්ඩින් එකක ක්‍රීඩාගාර හා ඒ හා සම්බන්ධ පහසුකම් වලිනුත් අනික් ගොඩනැගිල්ල හෝටලය හා අනික් අංග වලිනුත් සමන්විතයි.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාඩියට් දූපතේ පිහිටා තිබෙන මේ කෞතුකාගාරය එහි ඉතිහාසය, සංස්කෘතිය, ආර්ථිකය මනාව පිළිබිඹු කරන පළමු කෞතුකාගාරයයි. ඒක බැලූ බැල්මට පියාපත් පහක් හුළඟට දිගහැරී තියෙන ආකාරයට සැකැසූ ගොඩනැගිල්ලක්. මේක ගොඩක් ලස්සන කෞතුකාගාරයක්. මේකෙ ලොකු ශ්‍රවණාගාරයක් පවා තියනවා. ඒ වගේම සාම්ප්‍රදායික නර්තනයට, සංගීතයට, කාව්‍ය රසාස්වාදයට ලොකු තැනක් දීලා තියන කෞතුකාගාරයක්. මේක 2021 විවෘත කරන්න නියමිත වෙලා තිබ්බට තවම නිශ්චිත දිනයක් නැහැ. බොහෝදුරට ලබන අවුරුද්දට කල් යන බවක් තමයි පේන්න තියෙන්නෙ.

 

ඉතා විශාල කූඩයක හැඩේට තට්ටු 7කින් යුක්තව වර්ග අඩි 180,000ක් පුරා හදලා තියන මේ බිල්ඩිම හරිම දැකුම්කළු අද්විතීය නිර්මාණයක්. 1997 විවෘත කරපු මේක පිහිටලා තියෙන්නෙ ඇමරිකාවෙ ඔහායෝ ප්‍රාන්තයේ. මේක ඇමරිකාවෙ ඩේව් ලොන්ගාබර් විසින් 1973 ආරම්භ කරපු ලොන්ගාබර් බාස්කට් කියන සමාගමේ මූලස්ථානයයි. මේකෙ තියන සිත් ඇදගන්නාසුළු ස්වභාවය නිසා සංචාරක ආකර්ෂණය දිනාගන්නත් සමත් වෙලා තියනවා. මේ බිල්ඩින් එකේ බාස්කට් එකට අදාළ හැන්ඩ්ල් ටොන් 150ක බරකින් යුක්තයි. මේ සමාගම 2016 තම ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා තියනවා. මේ වෙනකොට කොරෝනා වෛරසය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වෙලා තියන නිසා මේ බිල්ඩින් එක ගත්තු කෙනා නැවත ඩොලර් මිලියන 6.5කට විකුණන්න දාලා තියනවා. 

 

බිත්තරයක හැඩ ගත් තට්ටු 13කින් යුත් මේ අරුම පුදුම ගොඩනැගිල්ල තියෙන්නෙ ඉන්දියාවෙ මුම්බායි නගරයේ. මේක සැලසුම් කරලා තියෙන්නෙ ගෘහ විද්‍යාඥ ජේම්ස් ලෝ විසිනි. ඇත්තටම මේ නිර්මාණය විශිෂ්ටයි කියන්නෙ මේකෙ තියන පාලන අංග, පාරිසරික සැලැස්ම ඉතා විශිෂ්ට විදියට නිර්මාණය වී තිබෙන නිසා. මේක වර්ග අඩි 33000ක කාර්යාල වපසරියක්, විශාල උද්‍යානයක් හා තට්ටු තුනකින් සමන්විත වාහන 400ක් පමණ නැවැත්විය හැකි කා පාක් එකකින් සමන්විතයි. මේක විවෘත කරල තියෙන්නෙ 2010 වසරෙදි. ස්වභාවික ආලෝකය වැඩියෙන් ලැබෙන්නත් සුළං සහ සූර්ය බලයෙන් බිල්ඩිමට අවශ්‍ය විදුලිය ලබාගන්නත් පුළුවන් විදියට නිර්මාණය කරල තියෙන මේ ගොඩනැගිල්ල සියවසේ විශිෂ්ට නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here