ලෝකේ මිල අධිකම පළතුරු 7ක් ගැන තොරතුරු දැනගමුද? – Saru News Media

0
1

දැක්කම කාටත් කන්න ආස හිතෙන, ඒත් මිල දරාගන්න බැරි පළතුරු ටිකක් ගැන අද කියන්න හිතුවා. පළතුරු නිෂ්පාදනයේ ප්‍රමුඛ රටක් වන ජපානය තමා ගොඩක් මිල අධික පළතුරු නිෂ්පාදන කරන්නෙ. මේ ගොඩක් පළතුරු විශේෂ ක්‍රම වලට හදන ඒවා. සාමාන්‍ය පළතුරු නිෂ්පාදනයට වඩා වැඩි මුදලක් මේ පළතුරු නිෂ්පාදනයට වැය කරනවා. මේ පළතුරු සාමාන්‍ය මාකට් එකට එන ඒව නෙවෙයි. මේවා විකිණෙන්නෙ වෙන්දේසි, විශේෂ සල්පිල් සහ උත්සව වලදි. මේවා මිලදී ගන්නෙත් ඉතින් මෙහෙම පළතුරකට වියදම් කරන්න තරම් ධනවත් පුද්ගලයො. එහෙනම් බලමු නේද ලිස්ට් එක.

 

 

 

ලෝකේ මිල අධිකම පළතුරු ලැයිස්තුවේ උඩින්ම තියන පළතුරක් තමයි මේ. මේ මෙලන් ගෙඩි දෙකක් වටිනාකමෙන් ඩොලර් 30,000 ඉඳලා උඩට අලෙවි වෙනවා. මේ පළතුර මෙච්චර ගණන් මේකෙ තියන පැණිරස නිසා කියලා තමා ආරංචි වෙන්නෙ. ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ තියන මේ විශේෂය කැන්ටලූප් ප්‍රභේද 2ක් දෙමුහුන් කරන ලද කොමඩු විශේෂයක්. මුලින්ම හඳුන්වා දීලා තියෙන්නෙ 2014 දී. සාමාන්‍ය ගෙඩියක් කිලෝ දෙකහමාරකට වැඩියි. හොඳම ගණයේ යුබාරි කින්ග් මෙලන් ගෙඩියක පොත්තෙ පළුදු නැතිකම වගේම ගෙඩියේ වටකුරු ස්වභාවය මිල ගණන් වලට ගොඩක් බලපානවා. 2019 දී තිබ්බ වෙන්දේසියකදි ඩොලර් 45,000ක මුදලකට ගෙඩි දෙකක් අලෙවි වෙලා තියෙනවා.

 

 

 

මේ පළතුර අතිනුත් ඉදිරියටම එන්නෙ ජපන් රට තමයි. ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ තමයි මේ මිදි වගා කරන්නෙ. ප්‍රිමියම් කොලිටි මිදි පොකුරක හැම ගෙඩියක්ම ග්‍රෑම් 20කට වඩා වැඩි හා එක ගෙඩියක 18%ට වඩා වැඩි ප්‍රමාණයක් සීනි අන්තර්ගත වෙන්න ඕන වගේම එක පොකුරක ග්‍රෑම් 700ක්වත් තියෙන්න ඕන. හැම මිදි ගෙඩියක්ම විශේෂයෙන් පරීක්ෂා කළාට පස්සෙ මේකට ප්‍රමිති සහතිකයක් ලැබෙනවා. මේ මිදි වර්ගය මුලින්ම හඳුන්වා දීලා තියෙන්නෙ 2008 දී. 2021 දී මේ මිදි ගෙඩි 6ක පොකුරක් ඩොලර් 8400කට අලෙවි වෙලා තියනවා. මේ මිදි නම් අපිට හොඳටම ඇඹුල් නේද 😉

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here