වාහනේට ඉන්ෂුවරන්ස් එකක් දාන්න කලින් හිතන්න ඕන දේවල් – Saru News Media

0
5

කට්ට කාල ගත්තු වාහනේ ලංකාව වගේ රටක පාරට දාන්න කලින් අපිට ගොඩක් දේවල් හිතන්න වෙනවා. ඒකට ඕන තරම් හේතු තිබුනත් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ ගැන නෙමෙයි. අපි කැමති උනත් නැති උනත් ඕනම වාහනයක් පාරට දාන්න කලින් තමන් ගාව තියෙන්න ඕන මුලික බලපත්‍ර/ සහතික තුනක් තියෙනවා. සමහර වාහන වලට ඊට වඩා තියෙන්න පුළුවන්. ඕව අතරින් රක්ෂණ සහතිකය කියන්නේ විශේෂම සහ මූලිකම දෙයක්.  එකට හේතුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මෝටර් රථ (සංශෝධන) පනතින් අනිවාර්‍ය කරලා තියෙන එක විතරක්ම නෙමෙයි. කරුණු කාරණා කොයි හැටි උනත් ඔන්න ඔය කියාපු ඉන්ෂුවරන්ස් කියන දේ කරන්න කලින් ගොඩක් දේවල් හිතන්න, හොයල බලන්න තියෙනවා. මෙච්චර කල් නොහිතා ඉන්ෂුවරන්ස් කරපු අයත් අලුතින්ම කරන්න ඉන්න අයත් තමන්ගේ වාහනේ ඉන්ෂුවරන්ස් කරන්න කලින් මෙන්න මේ දේවල් ගැන හිතල බැලුවොත් හොඳයි.

 

 

ලොකු පොඩි ඕන කෙනෙක් ෆුල්, තර්ඩ් පාටි කියපු ගමන් දන්නවා මොකක්ද සීන් එක කියල. හැබැයි ටක්කෙටම දන්නේ නෑ ගොඩක් අය. කොහොම උනත් වාහනේට ඉන්ෂුවරන්ස් එකක් දානවනම් මුලින්ම හිතන්න ඕන කාරණාව තමයි මේක. කාලෙකට කලින් ෆුල්, තර්ඩ් පාටි දෙකට අමතරව තව කැටගරි එකක් හෝ දෙකක් තිබ්බ ඒත් දැන් නැහැ. මේ ගැන කියන්න කලින් නීතිමය කාරණාවක් පැහැදිලි කරලා ඉන්න වෙනවා. රක්ෂණයේදී පාර්ශ්ව තුනක් ඉන්නවා. පළමු පාර්ශ්වය කියල කියන්නේ රක්ෂිතයා. දෙවන පාර්ශ්වය කියන්නේ රක්ෂණ ආයතනය. තුන්වන පාර්ශ්වය කියන්නේ රක්ෂණ ගිවිසුමෙන් බලපෑමක් වෙන අනෙක් සියලු දේ සහ දෙනා. (වාහන ඉන්ෂුවරන්ස් වලදී නම් පාරේ යන අය සහ තියෙන සියලු දේපළ) දැන් ටිකක් තේරෙනවා නේද තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් කියන්නේ මොකක්ද කියල. ඒ කියන්නේ තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් දැම්මොත්, ඔයාගේ වාහනේවත් වාහනේ ඇතුලේ ඉන්න අයව වත් ආවරණය වෙන්නෙ නෑ. හැබැයි තුන්වන පාර්ශ්වය ආවරණය වෙනවා. ඒත් ෆුල් (Comprehensive) ඉන්ෂුවරන්ස් එකකදී එහෙම නෙමෙයි. ඔයාගේ වාහනෙත්, වාහනේ යන අයවත්, තුන්වන පාර්ශවයේ ජීවිත සහ දේපළත් කවර් වෙනවා. ඒ නිසා ගන්න ඕනෙ කරන මුලිකම තීන්දුව මේක තමයි. ඔයාට ඇති තරම් සල්ලි තියෙනවනම් ඕන අලාභයක් අතින් හදාගන්න, තර්ඩ් පාටි එකක් හො​ඳටම ඇති.  

 

 

වාහනේ මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්නේ කියන එකත් ඉන්ෂුවරන්ස් කරන්න කලින් හිතන්න ඕන දෙයක්. උදාහරණයක් විදිහට වාහනේ තමන්ගේ පුද්ගලික ගමන් වලට විතරක්ද පාවිච්චි කරන්නේ කියන එක තීරණය කරන්න වෙනවා. තව අවස්ථා දෙකක් තියෙනවා. ඊල​ඟ එක තමයි හයර් කිරීම කියන එක. තුන් වෙනි විදිහ එතනිනුත් එහාට ගිහින් රෙන්ට් කිරීම කියන අවස්ථාව. ඉතින් ඉන්ෂුවරන්ස් එකක් දාන්න කලින් හිතන්න තමන්ට ඔය අවස්ථා තුනෙන් කොයි අවස්ථාවද ගැලපෙන්නේ සහ අවශ්‍ය වෙන්නෙ කියල. නිකන් පුද්ගලික රක්ෂණයක් අරගෙන හයර් කරලා ක්ලේම් රිජෙක්ට් උනාම ඉන්ෂුවරන්ස් එකේ උන්ගේ අම්ම මුත්තා මතක් කරලා වැඩක් නෑ. අනිත් දේ තමයි හයරින් ඉන්ෂුවරන්ස් එකක් දැම්මොත් පුද්ගලික පාවිච්චිය බෑ කියල දෙයක් නෑ. රෙන්ට් දැම්මොත් පුද්ගලික පාවිච්චියත් පුළුවන් හයර් කරන්නත් පුළුවන්. ඒ වගේ. හැබැයි ගණන් නම් ගොඩක් වැඩියි පුද්ගලික එකට සාපේක්ෂව.

 

 

සමහර ඉන්ෂුවරන්ස් කොම්පැනි තියෙනවා එක පාර අවුරුද්දෙම ගා​ණ ගෙවන්න ඕනෙ. සමහර ඒවා තියෙනවා ගෙවන්න යම් කාලයක් දෙනවා. ඉතින් ඉන්ෂුවරන්ස් එකක් කියන්නේ ටිකක් වියදම් වැඩක් නිසා ගෙවන්න සහන කාලයක් දෙන තැනක් නම් කෝකටත් හොඳයිනේ. ඒ එක්කම හොයල බලන්න සහන කාලය ඇතුලත ගෙවන්න බැරි උනොත් මොකද වෙන්නෙ කියලත්. සමහර වෙලාවට ඔයා කීයක්හරි ගෙවලනම් ඒ ගා​ණ එක්කම කැන්සල් වෙලා තියෙන්න පුළුවන්. එතකොට සහන කාලය කරපු හරියක් කියල හිතෙයි. 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here