වික්ටෝරියා රැජනගේ දරු මුණුපුරන් – දෙවැනි කොටස – Saru News Media

0
1

අපි මේ ආටිකල් සීරිස් එකේ පළවෙනි ආටිකල් එකෙන් වික්ටෝරියා රැජනගේ දරුවන් නම දෙනා පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ආවා. ඒ ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න.

Saru News Media අපි අද ඉඳන් කෙමෙන් කෙමෙන් උත්සාහ කරන්නේ වික්ටෝරියා රැජනගේ මුණුබුරන් පිළිබඳව විස්තර ඔබ වෙත ගෙන එන්න.

 ආරම්භයක් විදිහට වික්ටෝරියා රැජනගේ වැඩිමල්ම දරුවා වන වික්ටෝරියා කුමරියගේ දරුවන් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එනවා. පළමුවෙන්ම අපි වික්ටෝරියා කුමරියත් ඇගේ විවාහය පිළිබඳවත් විස්තර කෙටියෙන් දැන ගමු.

1840 වසරේදී උපන්  වික්ටෝරියා කුමරිය බෞතීස්ම කරන ලද්දේ වික්ටෝරියා ඇඩිලේඩ් මේරි ලුයිසා යන නමින්. වික්ටෝරියා රැජනගේ දරුවන් අතරින් වඩාත්ම බුද්ධිමත් දරුවා ලෙස සලකන ලද්දේ ඇයවයි. වයස අවුරුදු දාහතේදී ඇය ප්‍රශියාවේ ෆෙඩ්රික් කුමරු සමඟ විවාහයට එළඹෙනවා. ෆෙඩ්රික්ගේ පියාගේ සහ එවකට රජු බවට පත්ව සිටි ඔහුගේ මහප්පාගෙ නායකත්වය යටතේ රාජධානි ගණනාවක් එකතු වී ජර්මනිය නම් තනි රාජ්‍යය නිර්මාණය වෙනවා. 1888 වසරේදී  සිය පියාගේ මරණයෙන් අනතුරුව ෆෙඩ්රික් ජර්මානු අධිරාජයා බවට පත්වන අතර වික්ටෝරියා කුමරිය අධිරාජිනිය බවට පත්වෙනවා. නමුත් ඔහුට රජකම් කිරීමට ලැබෙන්නේ දින සීයක කාලයක් පමණයි. පිළිකා රෝගයෙන් ඔහු මිය යනවා. 1901 වසරේදී සිය මවගේ මරණයෙන් මාස කීපයකට පසුව වික්ටෝරියා කුමරියත් මිය යන්නේ පියවුරු පිළිකාවකින්.

අපි දැන් ඇගේ දරුවන් අටදෙනාගේ තොරතුරු සොයා බලමු.

 

වික්ටෝරියා ෆෙඩ්රික් යුවළගේ වැඩිමහල් පුත්‍රයා වන විල්හෙල්ම්ට ප්‍රසූතියේදී  ඇතිවුණු ගැටළුවක් හේතුවෙන් අතක ආබාධයක් ඇති වෙනවා. කුඩා කාලයේදී මේ ආබාධය සකස් කිරීමට විවිධ වධහිංසාවලට විල්හෙල්ම්  ලක් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය මවට ආදරය කරනවා සේම දැඩි ලෙස වෛර කරන්නටද පෙළඹෙනවා. පළමුවන ලෝක යුද්ධය ආරම්භ වීමට විල්හෙල්ම්ගේ මෙම මානසිකත්වයත් යම්තාක් දුරකට හේතු වූ බව කියවෙනවා.

 

ෆෙඩ්‍රික්ගේ සහ වික්ටෝරියා කුමරියගේ දෙවැනි දරුවා වූ චාලට් කුමරිය සිය මව සමඟ දිගින් දිගටම ගැටුම් ඇතිකර ගන්නවා. හැකි ඉක්මනින් දෙමව්පියන්ගෙන් මිදීමට සිතූ ඇය වයස අවුරුදු දහහතේදී සැක්සේ මෙනින්ග්හි ආදිපාද ධූරය ලැබීමට නියමිතව තිබූ  බර්නාඩ් කුමරු සමඟ විවාහ වෙනවා. නිදහස් ජීවිතයක් ගත කිරීමට ප්‍රියකළ ඇය පිළිබඳව කට කතා ජර්මනිය පුරාවට පැතිර යනවා. පළමු ලෝක යුද්ධය අවසන් වීමේ දී ඇයගේ වැඩිමහල් සහෝදරයාට මෙන්ම සැමියාටත් රාජ්‍යය අහිමි වෙනවා. ඉන් වසරක් ගත වීමට පෙර ඇය මිය යන්නේ හෘදයාබාධයකින්.

 

සිය පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ජර්මානු නාවික හමුදාවට එකතු වන හෙන්රි කුමාරයා ලෝක සංචාරයක ද නිරත වෙනවා. එසේම නාවික හමුදාව තුළ ජනප්‍රිය අණ දෙනෙකු වීමටත් වැඩි කාලයක් ඔහුට ගත වන්නේ නැහැ. පළමු ලෝක යුද සමයේදී බෝල්ටික් මුහුදේ ජර්මානු නාවික අනුඛණ්ඩය සඳහා නායකත්වය ලබා දෙන්නේ ඔහු විසින්. වික්ටෝරියා කුමරියගේ සහෝදරියක වන ඇලිස් කුමරියගේ දියණියක වන අයිරින් සමග විවාහ වූ හෙන්රි සාර්ථක පවුල් ජීවිතයක් ගතකරනවා. ජර්මානු රාජාණ්ඩුව අහෝසි වීමෙන් පසුවත් ජර්මනියේම රැඳී සිටි හෙන්රි කුමරු 1929 වසරේ දී උගුර ආශ්‍රිත පිළිකාවකින් මිය ගියා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here