ස්වභාවිකව දීප්තිමත් සමක් පවත්වාගන්න උපදෙස් – Saru News Media

0
6

සුදු පැහැය කියල කියන්නෙ අපේ හමට නුහුරු පැහැයක්. හැමෝම සුදු වෙන්න උත්සාහ කළාට අපේ ආසියාතික සමට ආවේණික පැහැය පිරිසිඳු තලෙළු පැහැයක්. ඒ නිසා සුදුවෙන්න ආලේපන භාවිතය ඒ කියන්නෙ බ්ලීචින් අඩංගු ආලේපන භාවිතය පසුකාලීනව සමට අහිතකර වෙන්න පුළුවන්. හැබැයි සුදු නොවී හමේ පැහැය පැහැපත්ව, දීප්තිමත්ව තියාගන්න අපි කාටත් පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නෙ සම ගැන හොඳින් අවධානය යොමු කිරීම. මල් පැළයක් වුණත් හරියට හැදෙන්න ජලය, පොහොර නිසි වෙලාවට ලැබෙන්න ඕනනේ.  ඒ වගේම තමයි අපේ සමත්. නිසි රැකවරණයක් ලැබුණොත් ලස්සනට තියාගන්න පුළුවන්. ඉතින් අපි බලමු සෞඛ්‍යයට අහිතකර විවිධ ආලේපන වර්ග භාවිතා නොකර ස්වභාවිකව පැහැපත්, දීප්තිමත් සමක් පවත්වාගෙන යන්න අනුගමනය කරන්න පුළුවන් පුරුදු මොනවද කියල. 

 

 

සම පිරිසිදුව තියාගන්න කියල නිරන්තරයෙන් සේදීම අනවශ්‍ය දෙයක්. නිතර නිතර හෝදන එකෙන් වෙන්නෙ සම මත තියෙන ස්වභාවික තෙතමන (moisture) ගතිය නැතිවෙලා වියලි හමක් ඇතිවෙන එකයි. උදේ අවදිවීමෙන් පසුව සහ රාත්‍රී නින්දට යන කාලය අතරතුර අධික ලෙස දහදිය දමන ක්‍රියාවක නිරත වුණෝතින් පමණක් ඇඟ සේදීම ප්‍රමාණවත්. එහෙම නැතුව වරින් වර පිරිසිදු කිරීමෙන් සමට සිදුවෙන්නේ හානියක්.

ඊට අමතරව මුහුණේ සම මත තියෙන අනවශ්‍ය කුණු දුහුවිලි ඉවත් කරන විවිධ ක්‍රම ගැන අපි මීට කලින් කතා කළා. නමුත් ඒ ස්ක්‍රබ්, ක්ලීනප් වුණත් දිනපතා කරන්න අවශ්‍ය නැහැ. 

 

 

නින්ද කියන්නෙ ශරීර සෞඛ්‍යයට වගේම සමේ පෙනුමටත් ඉතාම හිතකර දෙයක්. හරිහැටි නින්දක් නොලැබීමෙන් ඇස යට අඳුරු පැහැය වගේම ඇස වටේ ඉදිමුණු ස්වභාවයකුත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සම අවපැහැ වෙන්නත් සම මත අඳුරු ලප ඇතිවෙන්නත් හරි නින්දක් නොලැබීම හේතුවෙනවා. රාත්‍රියට අවම පැය 7ක සුවදායී, බාධාවන් රහිත නින්දක් ලබාගන්න. රෑ වෙනකං සමාජ මාධ්‍ය ජාලාවන් වල නිදිමරල, සුදු වෙන්න එක එක ආලේපන, බෙහෙත් වර්ග භාවිතය කිසිම තේරුමක් නැහැ. 

 

 

අව්ව සමේ පැහැයට අහිතකර බව අපි කවුරුත් අත්දැකීමෙන්ම දන්නවනේ. අව්වට සම අවපැහැ වෙනව වගේම හිරු එළියේ තියෙන අහිතකර කිරණ වර්ග සමේ සෞඛ්‍යයටත් තර්ජනයක්. ඒ නිසා තද අව්වේ ගමන් බිමන් වලින් වළකින්න. ශරීරයට හිතකර උදේ 10ට කලින් තියෙන ලා අව්ව විතරයි. දවල් වරුවේ ගමන් බිමන් යන්නම ඕනනම් හොඳ sunscreen එකක් භාවිතා කරන්න වෙනවා. හැබැයි ඒ sunscreen වුණත් ස්වභාවික නැති නිසා හොඳම ක්‍රමය තමයි දවල් තද අව්වේ ගමන් බිමන් අඩු කරන එක. යන තැනක සම ආවරණය වෙන්න ඇඳුම්, කුඩයක් භාවිතා කරන එක. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here