සැමියාගේ හිතට සතුටක් දෙන්න බිරිදකට කල හැකි දේවල් – Saru News Media

0
3

ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සදහා ප්‍රීතිමත් බිරිදක් වගේම ප්‍රීතිමත් සැමියෙකුත් ඉන්නම ඕන. ඉතින් අද අපි එ ගැනයි කතා කරන්නෙ.

යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න අපි සියලු දෙනාම කැමති . විශේෂයෙන් සැමියාගේ ආදරය සෙනෙහස ලබන්න සෑම බිරිදක්ම කැමති. ඒ වගේම ඔබ සිහිතබා ගන්න ඕනම කරුණක් තමයි සැමියාගෙන් ඔබ සතුට බලාපොරොත්තු වෙනවා වගේම ඔහුත් ඔබෙන් ආදරය, සැනසීම, සතුට බලාපොරොත්තු වෙනවා.

ඉතින් ඒ වෙනුවෙන් ඔබත් විවිධ දේවල් කරන්න ඕන. කලබල වෙන්න එපා ලොකු ඔබට කල නොහැකි දේවල් ගැන නෙවෙයි අපි මේ කතා කරන්නෙ… බොහොම පුංචි පුංචි දේවල් වලින් ඔහුව සතුටු කරන්න පුලුවන් ,ඉතින් සැමියාව සතුටු කරන්න පුලුවන් එවැනි පුංචි උපක්‍රම කීපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ

ප්‍රංශසා කරන්න

ඔබ ආහාර පිසීමේදී, ඇඳුම් ඇඳීමේදී හෝ වෙනත් දෙයක් කරන විට සැමියාගේ පැසසුමට කැමතියි වගේම ඔහුත් පැසසුම් ලබා ගැනීමට ප්‍රිය කරනවා. ඔහු පවුල වෙනුවෙන් යමක් කරන විට, කඩවසම් පෙනුමක් ඇති ඇඳුමක් ඇන්ද විට හෝ ව්‍යාපාරයේ හොඳ ගනුදෙනුවක් කරන සෑම අවස්ථාවකම ඔබ ඔහුට ප්‍රශංසා කරන්න

පුදුම කරන්න

ඔබත් විශේෂ අවස්ථා වලදි පුදුම කිරීම් වලට කැමතියි වගේම ඔහුත් ඒ දේවල් වලට කැමැත්තක් දක්වන්න පුලුවන් .උපන් දින, සංවත්සර සහ තවත් විශේෂ දිනවල ඔබට ඔහු වෙනුවෙන් කුඩා දේවල් කළ හැකියි.එහෙමත් නැත්තම් අහඹු දිනයක ඔහුව පුදුම කරන්න.ඔහු ගොඩක් සතුටට පත් වේවි

පෞද්ගලික අවකාශයක් දෙන්න

ඔහුගේ පෞද්ගලික අවකාශය විවාහයෙන් පසුත් ඔහුට හිමි වෙනවා නම් ඒක වටිනා දෙයක්.ඔහුගේ මිතුරන් හමු වෙන්න යන්න , සාද වලට යන්න ,විනෝද වෙන්න ඔහුටත් නිදහස දෙන්න. කිසිම විටක ඔහුට ඒ ගැන සීමා පනවන්න එපා

රසවත් තෑගි

ඔහුගේ ප්‍රියතම අවන්හලෙන් ඔහු ප්‍රියතම ආහාරයක් හෝ අතුරුපසක් ඔහුට ගෙනවිත් දෙන්න. මේ වනවිට ඕනෑතරම් ආහාර බෙදාහැරීමේ පහසුකම් තියෙන නිසා එය ඔබට ගැටලුවක් වෙන එකක් නෑ.
එහෙම නැත්තම් ඔහු රාජකාරි වලින් හෙම්බත් වෙලා ඉන්න දිනයක ඔහු කන්න කැමති ස්නැක් එකක් ගෙදරම හදල ඔහුගේ කාර්‍යාලයට යවන්න. ඕනෑම දෙයක් පැයක් පොඩි වෙලාවකින් පහසුවෙන් ඩිලිවරි කරන්න සේවා දැන් තියන නිසා මේව දැන් ප්‍රායෝගිකව කල හැකි දේවල්.

ලස්සනට ඉන්න

මෙය ඉතාම වැදගත්.විවාහයට පෙර ඔබ ඔහු හමුවෙන්න යනකොට ඔබට තියන ලස්සනම ඇඳුම් ඇන්දා නේද ? ඉතින් විවාහයෙන් පස්සෙත් ඒ වගේම ඔබව දකින්න ඔහු ගොඩක් කැමති වේවි. විවාහයෙන් පසු වගකීම් එක්ක ඔබට ඔබව අතපසු වෙන්න පුලුවන් , නමුත් හැකිතාක් එවැනි අතපසුවීම් වලක්වා ගෙන ඔබේ සුන්දරත්වය ගැන හිතන්න කාලයකක් වෙන් කර ගන්න.

ඔහුට සහය වෙන්න

ඔහුට සහයෝගය අවශ්‍ය හැම වෙලාවෙම ඔබ ඔහුට සහය දෙන්න.ඇඳුම් තෝරගන්න ,ටයි එක දාගන්න , සපත්තු පොලිශ් කරගන්න වගේ ඉතා කුඩා දේවල් වලින් පවා ඔහුට සහය උනොත් එයින් ඔහුට ඔබ ගැන තියන ආදරය තවත් වැඩි වේවි

මූල්‍යමය සහයෝගය

මෙය ඔබේ සැමියා ඔබට නොකිව්වත් යම් තරමක් දුරට බලාපොරොත්තු වෙන දෙයක්.පවුලේ සියලු වගකීම් ඔහු දරනවා නම් ,ඔබට හැකි අවස්ථා වල බිල්පත් ගෙවීම් ,නිවසට අවශ්‍ය එළවලු මිලදී ගැනීම් වගේ දේවල් සිදු කරන්න.එයින් ඔහුට යම් සහනයක් දැනෙන වගේම ඔබ ගැනත් ඔහු සතුටු වේවි

ඔහුගේ පෙනුම

ඔහුගේ කොණ්ඩ විලාසිතා ගැන, ඇඳුම් විලාසිතා ගැන ඔබත් ඔහු මෙන්ම උනන්දු වෙන්න. ඔහුට ගැලපෙන විලාසිතා යෝජනා කරන්න.ඒවාට ඔහුව කඩවසම් ලෙස පෙනෙන බවත් ඔහුට කියන්න

මේ ක්‍රම මගින් ඔබට ඔබේ සැමියාගෙ හිත සතුටු කරන්නට පුලුවන් වේවි. ඔහුගැන ඔබ සැලකිලිමත් බව මේ දේවල් තුලින් තේරුම් යාවි . විවාහ ජීවිතයක සතුට රදා පවතින්නේ එකිනෙකා කෙරෙහි ඇති ආදරය ,විශ්වාසය ,අගය කිරීම් සහ සහයෝගය වගේ දේවල් නිසායි.ඉතින් ඒ දේවල් කිසිම වෙලාවක මග ඇරගන්න නම් එපා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here