සූටි රුපියල් 50,000 කට අඩුවෙන් ගන්න තියෙන Notch Design ස්මාට්ෆෝන් කීපයක්! – Saru News Media

0
6

දැන් කාලේ කාගෙ අතේද ස්මාට්ෆෝන් එකක් නැත්තේ? ඇත්තටම දැන් කාලේ අපි කාට වුනත් ස්මාට්ෆෝන් එකක් අතේ තියෙන එක සෑහෙන්න පහසුවක්. මොකද අපේ එදිනෙදා වැඩ සෑහෙන්න පහසු කරගන්න ස්මාට්ෆෝන් එකකින් සෑහෙන සේවයක් සැලසෙනවා. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එකක් ගන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවා. කීයක් වෙයිද? අලුත්ම ඩිසයින් එකක් ගන්න පුළුවන් වෙයිද? හොඳ ස්පෙක්ස්, ඒ කිව්වේ හොඳ හාඩ්වෙයාර් කෑලි බෑලි සහ හොඳ වැඩ කෑලි තියෙනවද වගේ දේවල් තමයි කෙනෙක් ස්මාට්ෆෝන් එකක් ගන්න තීරණය කරලා මුලින්ම හිතන්නේ. ඔය ඩිසයින් එක ගැන හිතනකොට නම් ගොඩක් දෙනෙක් ආසයි දැන් කාලේ තියෙන ඔය ෆුල් ස්ක්‍රීන්, නොච් ඩිසයින් වගේ එව්වලට. නොච් ඩිසයින් කිව්වේ අර සෙල්ෆි කැමරාවට විතරක් ස්ක්‍රීන් එකේ උඩ හරි මැද පුංචි ඉඩක් ඉතුරු කරලා තියෙන විදියේ එව්වලට. ඉතින් ඒ නිසා අපි හිතුවා රුපියල් 50,000 ට අඩුවෙන් ගන්න පුළුවන්, හොඳ ෆීචර්ස් තියෙන, notch හරි ඊට සමාන ඩිසයින් එකක ස්මාට්ෆෝන් කීපයක් ඉදිරිපත් කරලා අලුතෙන් ස්මාට්ෆෝන් එකක් ගන්න කෙනෙක්ට පොඩි උදවුවක් දෙන්න.

 

මේ අවුරුද්දේ මාර්තු මාසේ රිලීස් වුණු මේ ෆෝන් එකේ තියෙන්නේ පුංචි යූ හැඩයේ නොච් එකක්. ඒ වගේම මේ ෆෝන් එක ප්ලාස්ටික් නිමාවකින් යුක්ත වුණත්, විශේෂයෙන්ම පසුපස පැනලය වීදුරු නිමාවකින් යුක්තයි වගේ තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම වීඩියෝ ක්‍රීඩා වලටත් හොඳ සහායක් ලබාදෙන මේ ෆෝන් එකේ කැමරාවත් ඉතා හොඳයි. ප්‍රධාන කැමරා පද්ධතියේ සෙන්සර් තුනක් තියෙනවා. බැටරියත් එක ආරෝපණයකින් සෑහෙන වෙලාවක් අල්ලලා තියෙනවා. හැබැයි ජලයට ප්‍රතිරෝධී නම් නෑ!

තිරය: Super AMOLED 6.4”

ප්‍රොසෙසරය: Exynos 9610 (10nm) Octa-core

මෙහෙයුම් පද්ධතිය: Android 9.0 Pie

රැම් මතකය හා අභ්‍යන්තර මතකය: 4GB/64GB, 4GB/128GB, 6GB/128GB

ඉහළ දැමිය හැකි බාහිර මතකය: Up to 1TB

ප්‍රධාන කැමරාව: 25 MP, f/1.7, 26mm (wide) | 8 MP, f/2.2, 13mm (ultrawide) | 5 MP, f/2.2, depth sensor

සෙල්ෆි කැමරාව: 25 MP, f/2.0, 25mm (wide)

මිල: රුපියල් 42,000+

 

ඔප්පෝ ස්මාට්ෆෝන් ඉතාම කෙටි කාලයක් ඇතුළත ඉහළ අවධානයක් සහ ජනප්‍රියත්වයක් ලබාගන්න සමර්ථ වුණේ, මේ ස්මාට්ෆෝන් වල තියෙන ඉහළ හැකියාවන් සහ සුන්දර නිමාව නිසා වගේම සාපේක්ෂව දරන්න පුළුවන් මිල ගණන් නිසා තමයි. මේ F11 ස්මාට්ෆෝන් එකෙත් තියෙන ඉහළ හැකියාවන් සහ gradient නිමාවකින් යුක්ත පසුපස පැනලය ඇතුළු සුන්දර නිමාව ගැන බොහෝ දෙනෙක් හිත යොමු කරනවා. මේකෙත් බොහොම කුඩා නොච් එකක් තියෙන්නේ. ද්විත්ව සෙන්සරයන් සහිත ප්‍රධාන කැමරා පද්ධතියක් තියෙන මේකේ කැමරා හැකියාවනුත් ඉහළයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here