සෙක්ස් කළාට පස්සේ කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල් දන්නවද? – Saru News Media

0
5

දැන් ඔය සෙක්ස් කියන කර්තව්‍යය වැඩිමහල් මිනිස්සුන්ට සහ ගැහැණුන්ට මහා අරුමයක් වෙන්න විදියක් නැහැනේ. මේක කියවන සමහරු මේ වෙනකොට සෙක්ස් කරලා ඇති. තවත් සමහරුන්ට තාම ප්‍රථම අත්දැකීමවත් නැතිව ඇති. හැබැයි අනාගතේදී හරි සෙක්ස් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, තමන් ආදරේ කරන හෝ තමන් ආස කරන කෙනෙක් එක්ක සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ කරන්නේ මොනවද කියන එක ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා. විශේෂයෙන්ම තමන්ගේ සහ අනෙක් කෙනාගේ ශරීර සෞඛ්‍යයටත් මේ කියන දේවල් වටිනවා. ආන්න ඒ නිසා තමයි සෙක්ස් කළාට පස්සේ කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන පොඩි දැනුමක් ලබාදෙන්න අපි හිතුවේ.

 

සමහරුන්ට සෙක්ස් කරලා ඉවර වුනහම මහන්සියයි, තෘප්තියයි එක්ක එනවා පට්ට නිදිමතක්. ආන්න ඒ වෙලාවට එහෙමම පැයක් දෙකක් නිදාගන්න හදන්න එපා. ඇස් ඇරගෙන ඉන්නම බෑ වගේ නම් එලාම් එක තියලා පොඩි වෙලාවක් නිදාගත්තට කමක් නැහැ. හැබැයි මහන්සියි කියලා එහෙම්මම නිදාගන්න හදන්න එපා. සෙක්ස් කළා වගේ නෙවෙයි, තව වැඩ තියෙනවා!

 

ආන්න අනිවාර්යයෙන්ම සෙක්ස් කළාට පස්සේ කරන්න ඕන දෙයක්. පොඩි වොෂ් එකක් දාගත්තත් කමක් නෑ. නැතත් අනිවාර්යයෙන්ම තමන්ගේ ලිංගික අවයව සහ ආශ්‍රිත ප්‍රදේශ සෝදාගන්න ඕන. විශේෂයෙන්ම සෙක්ස් කළාට පස්සේ තමන්ගේ ලිංගික අවයව වල ශ්‍රාවයන් තැවරිලා තියෙනවනේ. අන්න ඒවා හෝදලා අරින්නේ නැතුව හිටියොත් සිද්ධ වෙන්නේ ගඳ ගහන එක විතරක් නෙවෙයි. ඔය ලිංගාශ්‍රිත ප්‍රදේශ වල සහ ලිංගික අවයව වල ආසාදන එහෙමත් ඇතිවෙන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි ඔය සෝදගන්න එක වැදගත් වෙන්නේ. මෘදු සබන් වර්ගයක් හෝ බොඩි වොෂ්, ෂවර් ජෙල් වගේ දෙයක් පාවිච්චි කරලා සුමුදුව සෝදා හරින එක තමයි ක්‍රමේ.

 

ඒ විතරක් නෙවෙයි, හොඳට අත් හෝදගන්නත් ඕන, හරිද!

 

ඕනවට වැඩිය කෝකත් හොඳ නැහැනේ. ආන්න ඒ නිසා ආයි ලිංගේන්ද්‍රියන් ගැලවෙන ලෙවල් එකට අතුල්ලලා හෝදන්න දෙයක් නැහැ. පිරිමියෙක් නම් පොඩ්ඩක් පෙර සම පසුපස්සට කරලා හෝදගත්තට කමක් නැහැ. හැබැයි කාන්තාවක් නම් යෝනියේ ඇතුළත හෝදන්න (ඒ කියන්නේ douche කරන්න) යන්න එපා. අන්න ඒ ඔවදන විශේෂයෙන්ම මතක තියාගන්න ඕන. ස්ත්‍රී ලිංගේන්ද්‍රිය නිර්මාණය වෙලා තියෙන්නෙම තමන්මට ඒක පිරිසිදු කරගන්න පුළුවන් විදියට. හැබැයි ඒ පිරිසිදු කම තියෙන්න ලිංගේන්ද්‍රියේ ඇතුළත හිතකර බැක්ටීරියා එක්ක තියෙන පරිසරය ඒ විදියට තියෙන්න අරින්න ඕන. එහෙම නැතිනම් ඔය ඊස්ට් ආසාදන, බැක්ටීරියල් වැජිනෝසීස්, මූත්‍ර කලාප ආසාදන එහෙම ඇතිවෙන්න ඉඩක් තියෙනවා. ඒ වගේම ඔය සෙක්ස් කළාට පස්සේ පිරිසිදු කරන්න කියලා ෂොප් වල තියෙන එක එක විදියේ සුවඳ කවපු පිරිසිදුකාරක වුනත් පාවිච්චිය හොඳ නැහැ. හොඳම දේ තමයි උඩිනුත් කියලා තියෙන විදියට මෘදු සබන් වර්ගයක් හෝ බොඩි වොෂ්, ෂවර් ජෙල් වගේ දෙයක් පාවිච්චි කරලා සුමුදුව සෝදා හරින එක

 

සාමාන්‍යයෙන් සෙක්ස් කළාට පස්සේ ගැහැණු උදවියට වුනත්, පිරිමි උදවියට වුනත් චූ පාරක් දැමීමේ අවශ්‍යතාවය මතුවෙනවා. ඒක ස්වභාවිකයි. හැබැයි ඒක හිර කරගෙන ඉන්නෙ නැතුව ගිහින් චූ දාලා එන එකේ තියෙනවා විශේෂ වාසියක්. ඒ තමයි මුත්‍රවාහිනිය ඇතුළට සෙක්ස් කරන වෙලාවේ ඇතුළු වෙන බැක්‍ටීරියාවන් සෝදලා හරින එක. ඒකෙන් අනවශ්‍ය මුත්‍රා ආසාදනයක් ඇතිවෙන එක වළකිනවා. ඒ වගේම හෝදගෙන කරගෙන ආවට පස්සේ තව වතුර වීදුරුවක් බිව්වත් කමක් නැහැ. සෙක්ස් කරපු මහන්සියත් එක්ක ඒක ඇඟටත් ප්‍රබෝධයක්. හැබැයි ඊට පස්සේ නිදාගන්න යන්න කලින් ආයෙමත් චූ පාරක් දාලා එන්න වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here