හරි විදිහට ඩියෝඩ්‍රන්ට් (Deodorant) එකක් භාවිතා කරන්නෙ මෙන්න මෙහෙමයි – Saru News Media

0
5

Deodorant එහෙමත් නැත්තම් බරසාර සිංහල වචනයෙන් කිව්වොත් විගන්ධක ආලේපන කියන්නෙ අපි කවුරුත් අහල තියෙන, වැඩි දෙනෙක් භාවිතා කරන නිෂ්පාදනයක්. හරියටම කිව්වොත් Deodorant එකක් කියල කියන්නෙ දහඩිය දැමීම නිසා හම මත සිදුවෙන බැක්ටීරියා ක්‍රියාවලිය නිසා ඇතිවෙන අනවශ්‍ය දුර්ගන්ධය, ඒ කියන්නෙ සරලව කිව්වොත් දාඩිය ගඳ පාලනය කරන්න ආලේප කරන ද්‍රව්‍යයක්. මේ Deodorant කියන්නෙ සුවඳ ගහන්න යොදන perfume වර්ගයක් නම් නෙමෙයි. Deodorant ආලේප කරන්නෙ දුර්ගන්ධය ආවරණය කරන්නයි. Deodorant කිව්වම එක පාරටම අපේ ඔලුවට එන්නෙ අත් යට, ඒ කියන්නෙ කිහිලි ප්‍රදේශයේ ආලේප කරන Deodorant එකක් උනාට මේ Deodorant විවිධ වර්ග වලින් වෙළඳ පොලේ දකින්න පුළුවන්. ඉතින් මේ වර්ග වගේම නිවැරදි විදිහට Deodorant ආලේප කරන්න ඕන හැටි ගැනත් පොඩි උපදෙස් ටිකක් තමයි මේ.  

 

කලින් විස්තරේ කිව්ව වගේ Deodorant කියන්නෙ perfume එකක් නෙමෙයි. Deodorant වලින් වෙන්නෙ දුර්ගන්ධය පාලනය කරන එක. ඒ වගේම මේ Deodorant කියන්නෙ Antiperspirants වර්ගයකුත් නෙමෙයි. ඒ දෙක අතරෙත් ලොකු වෙනසක් තියෙනවා. Deodorant වලින් කෙරෙන්නෙ දාඩිය නිසා ඇතිවෙන අනවශ්‍ය දුගඳ පාලනය කරන එක. ඒ කියන්නෙ ඒ ගඳ පිටතට දැනෙන එක වළක්වන එක. හැබැයි Antiperspirants වලින් කෙරෙන්නෙ මීට වෙනස් කාර්යයක්. Antiperspirants වලින් දාඩිය දුගඳ පාලනය කිරීමට අමතරව දහඩිය පිටකෙරෙන ග්‍රන්ථි අවහිර කිරීම මඟින් දහඩිය පිටවීමත් පාලනය කෙරෙනවා. ඒ නිසා මුලින්ම තමන්ගේ දහඩිය දුගඳ සහ දහඩිය පිටවීම ගැන හිතලා අවශ්‍ය වෙන්නෙ Deodorant එකක්ද එහෙමත් නැත්තම් Antiperspirants එකක්ද කියලා තීරණය කරන්න ඕන.

 

අපි හැමෝම දන්න අත්යට ආලේප කරන, නිතර වෙළඳ දැන්වීම් වල පෙන්වන Roll-On Deodorant වලට විතරක්ම නෙමෙයි Deodorant කියන්නෙ. Deodorant වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතරින් තමන්ට ගැළපෙන, පහසු එකක් තෝරාගන්න පුළුවන්.

 

Deodorant නිවැරදිව ආලේප කරන්න ඕන මෙන්න මෙහෙමයි.

ඒ වගේම Deodorant වර්ගයක් ආලේප කරනවානම් දිනපතාම ගමනක් යන්න කලින් ආලේප කරන්නම ඕන කියන එක වැරදි මතයක්. සමහර deodorant වර්ග තියෙනවා පැය 48ක් වගේ කාලයක් දක්වා ක්‍රියාත්මක වෙන. ඒ නිසා පාවිච්චි කරන deodorant වර්ගයේ ලේබලය හොඳින් කියවලා හැමදාම ගාන්න ඕනද කියන එක හරියටම දැනගෙන ඉන්න ඕන.

 

අපි හැමෝම හිතන්නෙ Deodorant ආලේප කරන්න පුළුවන් අත්යට ඒ කියන්නෙ කිහිලි ප්‍රදේශයේ විතරයි කියලනෙ. එහෙම තමයි මාධ්‍ය වලින් වෙළඳ දැන්වීම් හරහා අපිට හුරු කරලා තියෙන්නෙ. හැබැයි Deodorant කියල කියන්නෙ දහඩිය පිටවෙන, දහඩිය රැඳෙන, දහඩිය දුඟද තියෙන ඕනම තැනක ආලේප කරන්න පුළුවන් ද්‍රව්‍යයක්. එහෙම ආලේප කළාට කිසිම වරදක් නැහැ වගේම හරිම ප්‍රතිඵලය ලබන්නම් දාඩිය දාන හැම තැනකම Deodorant ආලේප කරන්නම අවශ්‍යයි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here