හැමෝම සතුටුවෙන විදිහේ සාර්ථක සංචාරයක් ප්ලෑන් කරන්නේ මෙහෙමයි – Saru News Media

0
1

සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යන එක අපි හැමෝගෙම වගේ හිතේ තියෙන අදහසක්. ඒත් හැමදාම කල් යනවා මිසක ට්‍රිප් එක දාගන්න වෙන්නේ නැහැ. විවිධාකාර කේස් නිසා ට්‍රිප කල් යනවා. එහෙම කල් දාගන් නැතුව හරියට ට්‍රිප් යන අයත් ඉන්නවා. අපි එහෙම කොහොමද ඇත්තටම කතාවට සීමා නොවී ට්‍රිප් එකක් යන්නේ කියලා හොයාල බලමු.

 

අපිට පුලුවන් දවස් වෙන්කරගැනීම, කණ්ඩායමක් එක්ක චාරිකාවක් යද්දි තිබෙන අමාරුම වැඩක්. යාළුවෝ අතන යන් මෙතන යන් කීවට එයාලට සතියේ දවස් වල වැඩ. සති අන්තේ ක්ලාස්. පෝය වගේ නිවාඩුවකටවත් සමහර පොරවල්ව අල්ලනවා බොරු. ඉතිං යාළුවො කොච්චර ආසා වුනත් ට්‍රිප් එක ප්ලෑන් කරන්න බෑ එහෙම. ඒ නිසා මුලින්ම කණ්ඩායමේ සෙට් එකට පුලුවන් දවසක් හෝ දවස් කීපයක් යොදාගැනීම සුදුසුයි. අපි සෙට් වුන මුල් කාලේ වගේ හැමෝම එක්කරං යන්න පුලුවන්නම් හොඳයි. ඒත් ඉතිං එහෙම කරන්න අමාරුයි ටිකක් කල් ගත වෙද්දි. එක එක අයට එක එක දේවල් යෙදෙනවා. ඒ නිසා සෑම සියලු පුරුකක්ම එක් වෙන දිනයක් සොයනවාට වඩා, වැඩි දෙනෙකුට හැකි දිනයක් යොදාගැනීම වඩාත් සුදුසුයි.

 

කොල්ලෝ යන ගොඩක් ට්‍රිප් නම් ඉවර වෙන්නේ ‘හම්බෝ බොන්න ගිය දුරක්…’ කියන මාතෘකාවෙන්. කොළඹ ඉඳන් ඇත්තටම බොන්න යනවා නම් අම්පාර, කෝකිලායි, බැටී, ට්‍රින්කෝ, ජැෆ්නා, බදුල්ලේ ගිහින් තේරුමක් නැහැ. අවිස්සාවේල්ල කිතුල්ගල දිහායින් හෝ හොරණ දිහායින් හෝ නැතිනම් මූදුබඩ තැනකින් පොට් එකක් වෙන්කරගෙන එතැනට සෙට් වෙලා බීම කෝකටත් හොඳයි. අමාරුවෙන් යන එන ගමන් මත් වෙනවාට වඩා තැනකට එකතු වෙලා සෙට් එක එක්ක කතාවක් දාන්න පුලුවන් එතකොටයි.

එහෙම නැතුව සිරාවට මේ පාර දුර ගමනක් යන්න හිතනවා නම් මත් දේවල් පොඩ්ඩක් විතර රෑට වගේ ප්ලෑන් වෙනවා නම් හොඳයි. නැත්නම් ගිය තැනක් කරපු දෙයක් මතක නැහැ. අවසානේ යාළුවෝ පොටෝ ලීක් කලාම තමයි ‘මොනාද දෙයියෝ මම මේ ගමන් ගිහින් කරගෙන තියෙන්නේ?’ කියලා පේන්නේ.

 

ඉන්න පිරිස දහම් පාසලේ සෙට් එක වගේ නම් අනුරාධපුර පොළොන්නරුව වගේ විහාර වන්දනාවක් සුදුසුයි. ඒ වගේම පවුලේ සෙට් එක එක්ක, අපේ වැඩිහිටි නෑදෑ පරපුර එක්ක චාරිකාවක් ගියත් ඒක ආගමික ස්ථානයක් වෙනවා නම් හොඳයි. පවුලේ අය ගියත් ඒ ට්‍රිපට ආගමික සිද්ධස්ථාන දෙක තුනක් වැටෙනවා නම් වැඩිහිටි අය ගොඩක් සතුටු වෙනවා.

තරුණ පහේ සෙට් එකක් නම් යන්නේ දිය ඇළි, කඳුවැටි, මූදු වෙරළ, දුර්ග සානු, වැව් අමුණු ඇළවල් වගේ සොබා සෞන්දර්යය සෙට් එක වඩාත්ම කූල් කරාවි. අපි හැමෝගෙම ට්‍රිප් යෑමේ එක අරමුණක් තමයි රිලැක්ස් වීම. ස්වාභාවික සෞන්දර්යෙන් පිරුණු තැනක් අපේ ඒකාකාරී ජීවන රටාව වෙනස් කරගන්න ගොඩක් උපකාර වෙනවා.

 

සාමාන්‍යයෙන් ආසියාතිකයින් විදියට අපි සංචාර කරන්නේ තැන් මාක් කරලා එන්න වගේ විශාල කඩිමුඩියකින්. ඒත් යුරෝපියයන් සහ සුදු ජාතිකයින් සවාරි යද්දි ඒ තැන් ගැන හොඳට හොයලා බලන්න කාල වේලාව තියාන චාරිකාව ප්ලෑන් කරනවා. එක දවසට තැන් හතර පහක් බලලා, ඒ තැන්වල කරන්න ඕනි දේවල් කරලා එන බොහෝම තද ශෙඩූල් එකක් එක්ක ට්‍රිප් යෑම කියන්නේත් තවත් එක්තරා ස්ට්‍රෙස් එකක්. උදාහරණ විදියට කොළඹ ඉඳන් වාහනේකින් යාපනේ ගිහින් එනවා නම් ඒකට අඩුම තරමේ දවස් 4ක් වත් උවමනා වෙනවා. මොකද යාපනේ යන්නම අපිට දවසක් යනවා නේ. එතකොට යාපනේ තිබෙන වැදගත් තැන් ටික දවස් දෙකකින් බලලා, හතරවෙනි දවසේ නිවීහැනහිල්ලේ කොළඹ එන්න හැකියි දවස් 4ක ට්‍රිපක් වුනොත්. එකිනෙකට වෙනස් තැන්වල තියෙන ස්ථාන ගොඩක් ශෙඩූල් එකට දාගෙන, හැම තැනම යාන්තං අතපත ගාල එනවාට වඩා ඒ තැන්වල මිනිස්සු, ඒ පළාතේ දේශගුණය, පෞරාණික දෙයක් නම් එහි අගය වගේ දේවල් විඳගෙන එන්න හැකියි කාලවේලාව ඇතිව ගියොත්.

 

අපි මේ කියන විදියට ප්ලෑන් කරද්දි මුලින්ම අපිට ට්‍රිපක් යන්න ඕනි වෙනවා. ඉන් පස්සේ දවස් කීයක්ද බලලා ඒ යන්න හැකි දවස් ටික දාගන්නවා. ඉන් පස්සේ තමයි එන්නේ යන්නේ කොහේද කියන එක. ලංකාව බෙංගාල බොක්කට කිට්ටුව පිහිටලා තිබෙන නිසා අපිට හිතන්නවත් බැරි කාල වලදි පළාත් ගණන් යටවෙනවා. නාය යනවා වැස්ස නිසා. ඒත් මේක ටිකක් හොඳට බැලුවොත් නිරිත හෙවත් දකුණ, සබරගමුව, බස්නාහිරට වහින කුණාටු අනුරාධපුර, යාපන, පොළොන්නරුව දිහාට වැඩි බලපෑමක් නැහැ. ඒ විදියට ප්ලෑන් ඒ සහ ප්ලෑන් බී කියලා දෙකක් තියාගන්න හැකිනම්, මොනවාහරි හේතුවක් නිසා චාරිකාව යන පැත්තේ අවුලක් වුනොත් අපිට පුලුවන් දෙවන චාරිකාවට අපේ ප්ලෑන් එක මාරු කරන්න.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here