හැම විටම නැවුම් හුස්මක් සමගින්, නැවුම් මුඛයක් පවත්වා ගන්නේ මෙහෙමයි! – Saru News Media

0
5

දැන් ඔය නැවුම් හුස්මක්, නැවුම් මුඛයක් වගේ එකක් කියනකොටම අපේ ඔළුවට එන්නේ ෂුවර් එකටම ඕක දත් බෙහෙත් ඇඩ් එකක් නැතිනම් මවුත් වොෂ් ඇඩ් එකක් වෙන්නැති කියලනේ. හැබැයි එහෙමම වෙන්න ඕන නෑ. නිරෝගී සෞඛ්‍ය සම්පන්න මනුස්සයෙක් විදියට ඉන්න කැමති නම්, එහෙම ඉන්න අවශ්‍ය කරන දේවල් පිළිපදිනවා නම්, මුඛ සෞඛ්‍යයත් ඒ විදියටම ආරක්ෂා වෙයි. එහෙම හොඳ මුඛ සෞඛ්‍යයක් තියෙනවා නම්, අඩු තරමින් දුගඳ හමන මුඛයක් තියෙන්න විදියක් නැහැ කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් වෙයි. එතකොට නිතරම මුඛය නැවුම් හුස්මකින් යුතු වෙන්න නම්, තව පොඩි දේවල් දෙක තුනක් තමයි කරන්න අවශ්‍ය වෙන්නේ.

ඇත්තටම නැවුම් හුස්මක්, නැවුම් මුඛයක් තියෙන එකේ වැදගත්කම තේරෙන්නේ තවත් කෙනෙක්ව අපිට මුණගැහුනහම. මේ කාලේ නම් මාස්ක් දාගෙනනේ ඉන්නේ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. හැබැයි නැවුම් සෞඛ්‍ය සම්පන්න මුඛයක් තියෙන එකෙන්, නැවුම් හුස්මක් තියෙන එකෙන් තමන්ගේ පර්සනැලිටියට වැඩිපුර දෙයක් එකතු වෙනවා. ඒ වගේම, කිස් එකක් එහෙම දෙන්න ගියහමත් නැවුම් මුඛයකින් ලැබෙන ලකුණු සංඛ්‍යාව කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

ඒ නිසා තමයි අපි හිතුවේ නැවුම් මුඛයක්, නැවුම් හුස්මක් පවත්වා ගන්නේ කොහොමද කියලා ටිප්ස් ටිකක් ලබාදෙන්න.

 

ඇත්තටම අපි කෑම කන රටාව හොඳ වීම අපේ සෑහෙන්න රෝගාබාධ සුව වෙන්නත්, රෝගාබාධ නොහැදී තියෙන්නත් බලපානවා. විශේෂයෙන්ම අඩුවෙන් කාබ් තියෙන, වැඩියෙන් ප්‍රෝටීන සහ මේද තියෙන, සීනි ඕනෑවට වඩා නැති, ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හැම එකක්ම ඇතුළත් වෙන සමබල ආහාර වේලක් ගන්නවා කියන්නේ, ශරීරයේ තියෙන ඔය වෙන වෙන දොස් වගේම, මුඛ සෞඛ්‍යයත් ආරක්ෂා කරලා දෙන පියවරක් කියන එක තමයි. ඒ නිසාම අපේ උගුරෙන් පහළට ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය රැකගන්නත්, ඒ කන දේවල් වලින් නරක ගඳක් ආයෙමත් පිටතට එන එක වළක්වන්නත් සමබල ආහාර වේලක් උදවු වෙනවා. 

 

ඔය හොඳට හැපෙන කෑම වර්ග තියෙන්නේ? ඒ කියන්නේ කැරට් වගේ රළු ටෙක්ස්චර් එකක් තියෙන ආහාර වර්ග?  ආන්න ඒවා කනකොට, ඒවා නිසා ඇත්තටම දත් අතරේ කෑලි බෑලි හිර වෙන එක වළකිනවා. ඒකත් අතුරු වාසියක්. ඒ ඇරෙන්න ඒකෙන් දන්ත සෞඛ්‍යයටත් හොඳක් තියෙනවා. ඒ ඇරෙන්න කොළ පාට එළවලු වර්ග ආහාරයට ගන්න එක, අර උඩ කියපු සමබල ආහාර වේලක කතන්දරයටත් අදාළයි. ඒකෙන් වඩාත් ඇල්කලයින් තියෙන පරිසරයක් නිර්මාණය කරනවා. ආන්න එතකොට ශරීරයෙන් නිෂ්පාදනය වෙන නරක ගඳක් ලබාදෙන ඇසිඩ් වර්ග වලින් එහෙම එන ඉෆෙක්ට් එක බැලන්ස් වෙනවා. අන්න ඒ නිසා තමයි කොහොමත් හොඳ මුඛ සෞඛ්‍යයක් තියෙන්න නම් කොළ ජාති, හැපෙන කෑම වර්ග එහෙම කන්න කියන්නේ.

 

අපිට දවසකට ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක්, දවසේ කාලය අතරේ බෙදාගෙන බොන්න පුළුවන් නම්, ඇත්තටම ගොඩක් ශරීර සෞඛ්‍යය සම්බන්ධ ප්‍රශ්න විසඳෙනවා. උදාහරණයක් විදියට කියනවා නම්, මුඛ සෞඛ්‍යයටත්, නරක ගඳක් නැති මුඛයක් සහ නැවුම් හුස්මක් ලබාගන්නත් හොඳින් වතුර බීම ප්‍රයෝජනවත්. ඒක වෙන්නේ ප්‍රධාන වශයෙන්ම වතුර බීමෙන් මුඛය හොඳින් තෙතමනයෙන් යුක්ත වීම නිසා. ඒකෙන් මුඛයේ හැදෙන බැක්ටීරියා ප්‍රමාණයේ පාලනයක් ඇති වෙනවා කියලා තමයි ඩෙන්ටිස්ට්ලා කියන්නේ. අන්න ඒකත් එක්ක අපේ හුස්ම බොහොම නැවුම් තත්ත්වයකින් පවත්වා ගන්න නියම ප්‍රමාණයෙන් වතුර නිතර නිතර බීමෙන් ඉඩක් ලැබෙනවා.

 

මේක ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍යද? නැවුම් මුඛයක් සහ නැවුම් හුස්මක් පවත්වා ගන්න අවශ්‍ය නම්, මනා දන්ත සෞඛ්‍යයක් පවත්වා ගන්න වෙනවා. ඒ කියන්නේ දිනකට අඩු තරමින් දෙවරක් දත් මදින්න ඕන. පුළුවන් නම් දත් මදිනවා වගේම දත් අතර ෆ්ලොස් කරන්නත් ඕන. එහෙම දත් මදින එකෙන් සහ ෆ්ලොස් කරන එකෙන්, දත් අතරේ රැඳිලා තියෙන බැක්ටීරියා ඉවත් වෙනවා. ඒ වගේම අර දත් මැලියම් බැඳීමෙන් වළකිනවා. ඔය දත් අතර රැඳිලා තියෙන බැක්ටීරියා නිසාත්, දත් මැලියම් නිසාත් ඉතාම ඉක්මනින් හුස්ම සහ මුඛය දුඟදවත් වෙන්න පුළුවන්. ඒ වගේම, මතක තියාගන්න, දිවත් හොඳින් පිරිසිදු කරන්න ඕන. දිව මැද්දේ නැති නම් වෙන්නේ දිවේ කාරම් බැඳෙන එක. එතකොටත් වෙන්නේ අර විදියට බැක්ටීරියා වැඩ පටන් අරගෙන මුඛය සහ හුස්ම දුගඳවත් වෙන එක. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here