හෝටල් ජල ටැංකියෙන් මතු වූ කිසිදා නොවිසඳුණ මළ සිරුරේ අබිරහස – Saru News Media

0
3

2013 පෙබරවාරි 19 වන දින දක්වා ලොස් ඇන්ජලීස් හි සිසිල් හෝටලයේ සාමාන්‍ය පරිදි ව්‍යාපාරික කටයුතු සිදු වුණා, ඒත් එදින නඩත්තු සේවකයෙකු විසින් හෝටලයේ ජල ටැංකියක පාවෙමින් තිබූ මළ සිරුරක් හඳුනා ගන්නා ලැබුවා.පසුව එම සිරුර වැන්කුවර් හි British Columbia  විශ්ව විද්‍යාලයේ 21 හැවිරිදි කැනේඩියානු සිසුවියක වූ එලිසා ලැම්ගේ බවට හඳුනා ගත්තා.

පෙබරවාරි මස මුල් සතියේ ඇය අතුරුදන් වූ බව වාර්තා වූ අතර, ඇය අතුරුදන් වූ දිනයේ පොලිස් නිලධාරීන් ඇයගේ අවසන් පෙනුම වීඩියෝව නිකුත් කිරීමත් සමඟ ඇයගේ අතුරුදන්වීම සෙසු පුරවැසියන් අතර දැඩි උනන්දුවක් ඇති කර තිබුණා.

ඇගේ අවසන් දර්ශන හෝටලයේ විදුලි සෝපානයේ ආරක්‍ෂිත කැමරාවට හසු වී ඇති අතර එහිදී ඇය පිටතට යන ආකාරයත් නැවත සෝපානය තුළට යන ආකාරයත් දැකගත හැකි වුණා. ඇයගේ වීඩියෝව කෙටි කාලයක් තුළ අන්තර්ජාලයේ ප්‍රචලිත වූ අතර සමාජ මාධ්‍ය තුළ බොහෝ අදහස් පළ වූවා.

මෙම හෝටලය මීට පෙර බොහෝ මරණ සහ මිනීමැරුම් සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර එමඟින් ලැම්ගේ මරණය පිළිබඳ පිළිතුරු නොලැබුණු ප්‍රශ්න රැසකට හේතු වුණා. එය සොයා ගන්නා විට ඇගේ සිරුරේ ඇඳුම් නොතිබූ අතර ඇගේ ඇඳුම් ඇය අසල ජලයේ පාවෙමින් තිබුණා.

හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීමට දින 120 කට ආසන්න කාලයක් ගත වූ අතර, එහි සඳහන් වූයේ ශාරීරික කම්පනයකට කිසිදු සාක්ෂියක් නොමැති බවත් එය අහම්බෙන් සිදුවූ මරණයක් බවත්.

සිසිල් හෝටලයේ අමුත්තන් සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයට එරෙහිව නඩු පවරා තිබුණා. ඒ ඔවුන්ට බොහෝ දවසක් මළ සිරුරක් දියවූ අපවිත්‍ර ජලය බීමට සහ භාවිතයට ගන්නට සිදු වූ නිසා.ලැම්ගේ දෙමාපියන් ද නඩුවක් ගොනු කළ අතර එය 2015 දී නිෂ්ප්‍රභා වුණා.

ලැම් කැලිෆෝනියාවට ගිය ගමනේදී සැන් ඩියාගෝ සත්වෝද්‍යානයට ගිය අතර එහිදී ඇය නගරාන්තර බස් රථවල තනිවම ගමන් කළා. ඇය සිය ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළ අතර පසුව ජනවාරි 26 වන දින ඇය ලොස් ඇන්ජලීස් වෙත ළඟා වූවා. ජනවාරි 28 වැනිදා ඇය සිසිල් හෝටලයට ඇතුළු වූවා.ලැම් ඇගේ නේවාසික මිතුරන් සමඟ කාමරයක් බෙදා ගනිමින් සිටියා. කෙසේ වෙතත්, හෝටලයේ නීතීඥවරයාට අනුව, ඇයගේ හැසිරීම අමුතු බව ඇගේ නේවාසික මිතුරන් පැමිණිලි කිරීම නිසා ඇයව වෙනම කාමරයකට ගෙන යනු ලැබුවා.

ලැම් බයිපෝල අක්‍රමිකතා සහ මානසික අවපීඩනයෙන් පෙළුණු අතර ප්‍රතිකාර ලබමින් සිටියා.ඇයගේ පවුලේ සාමාජිකයින් කියා සිටියේ ඇය මීට පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ ඉතිහාසයක් නොමැති බවයි, නමුත් ඇගේ මානසික ආබාධ පිළිබඳ ඉතිහාසය ඇගේ දෙමාපියන් හෙළි නොකළ බව වාර්තා වුණා.

ලැම් 2010 මැද භාගයේදී බ්ලොග් ලිවීමට පටන් ගත් අතර එහිදී ඇය මානසික රෝග සමඟ ඇයගේ අරගලය පිළිබඳ ඇගේ පින්තූර සහ විස්තර පළ කිරීමට පුරුදුව සිටියා. ඇයගේ එක් පෝස්ටුවක, ඇය වත්මන් පාසල් වාරය ආරම්භයේදී “නැවත පසුබෑමක්” ගැන සඳහන් කර ඇති අතර, එම නිසා ඇයට පන්ති කිහිපයක් අත්හැරීමට සිදු වූ බවත් ලියා තිබුණා. ටික කලකට පසු ඇය තම බ්ලොග් අඩවියෙන් ඉවත් වන බවත් වෙනත් මයික්‍රොබ්ලොගින් වෙබ් අඩවියක් වන Tumblr හි ක්‍රියාකාරී වන බවත් සඳහන් කළා.

ඇගේ මරණය ගැටළු රැසක් ඉතුරු කරන්නක්.

ඇය ටැංකියට ඇතුළු වූයේ කෙසේද?හෝටලයේ ඉහළ මහලට ළඟා වන දොරවල් සහ පඩිපෙළ අගුළු දමා තිබූ අතර, මුර කේතය සහ යතුරු සඳහා ප්‍රවේශය ඇත්තේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පමණක් බැවින් ඇය එහි පැමිණියේ කෙසේද?ඇය තනිවම ජල ටැංකියට ගොඩ වූයේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වුණා.

ජල ටැංකිය ඇතුළත සිට ප්‍රතිස්ථාපනය කිරීමට අපහසු බර පියනකින් ආවරණය කර තිබුණා.එහෙත් ඇගේ සිරුර සොයා ගනිද්දී

ජල ටැංකියේ පියන විවෘතව තිබූ බව මළ සිරුර හඳුනාගත් හෝටල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළා.හෝටල් පරිශ්‍රයේ වහලය ඇතුළු සෝදිසි මෙහෙයුම් සිදුකළ පොලිස් නිල සුනඛයන්ට පවා ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වුණා. ඇගේ කාමරයේ යතුරුද ජල ටැංකියේ ඇති අතර ඇය ලිංගික හෝ ශාරීරික හිංසනයකට ලක් වී නෑ. 

වීඩියෝවට අනුව ඇය සෝපානය තුළ පෙන්වන්නේ අත්භූත හැසිරීමක්. ඒ නිසා ඇය බයිපෝලර් තත්වයෙන් පෙළෙමින් ඇය පසුපස ලුහුබඳින තැනැත්තෙකුගෙන් සැගවීමට ටැංකිය තුළ සැඟවී ඇති බවත් අඩු කරගැනීමට ඇගේ ඇඳුම් ගලවා ඇති බවත් අවසානයේ තීන්දු කර තිබුණා.

නිවැරදි වාර්තා හමුනොවුණත් “මළවුන් මුණ ගැසෙන සෝපාන සෙල්ලම” නම් ක්‍රීඩාවක නිරත වී ඇති බවත් ඇය එහි නීති කඩ කර ඇති බැවින් මෙලෙස සිදු වූ බවත් අප්‍රකට මතයක් ලෙස සමාජයේ ව්‍යාප්ත වී තිබෙනවා.

ලීසාගේ මරණය අදටද අබිරහසක්!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here