දැන් ඔය අසූව අනූව දශකයේ වගේම දෙදාහෙන් පස්සෙත් අපි සෑහෙන්න රේඩියෝ එක ඇහුවනේ. ඉස්සර නම් රේඩියෝ එක නිකම්ම ඇහෙන්න දාලා තියෙනවා නෙවෙයි. අපි ආස ප්‍රෝග්‍රෑම් එකක් අහන්න ඒක තියෙන දවසේ පටන් ගන්න වෙලාව එනකල් රේඩියෝ එක ගාවට වෙල හිටපු අතීතෙකුත් තිබුණා. හැබැයි දැන් තියෙනවා ඉන්ටර්නෙට් එක ඔස්සේ අහන්න පුළුවන් රේඩියෝ වගේ දෙයක්. මේවලට කියන්නේ පොඩ්කාස්ට් කියලා. මේවා එක එක විශේෂ තේමා ඔස්සේ තමයි යන්නේ. අනික හැමදාම විකාශය වෙනවා කියලා එකක් නෑ. එපිසෝඩ් විදියට තමයි යන්නේ. හරියට ටීවී සීරීස් වගේ. ඉතින් මේ පොඩ්කාස්ට් ගැනත් අපි කලින් කියලා තියෙනවා. පොඩ්කාස්ට් අහන එක විනෝදාංශයක් විදියට වැදගත් වෙන්නේ කොහොමද කියන එකත් කතා කරලා තියෙනවා. අද කියන්න යන්නේ, 2020 අවුරුද්දේ පොඩ්කාස්ට් අහන එක පටන් ගන්න හිතන කෙනෙක්ට වැදගත් වෙන පොඩ්කාස්ට් කීපයක් ගැන.
ඔය ක්‍රයිම් එක්ස්පර්ට් කියලා කියන්නේ. ඒ කිව්වේ විවිධාකාරයේ අපරාධ සම්බන්ධයෙන් දන්න අය ලෝකේ ඉන්නවනේ. ඒ වගේම තමයි මේ ලෝකේ ඉන්නවා, ඔය අද්භූත දේවල් ගැනත් සෑහෙන්න දන්න උදවිය. ඉතින් කාටහරි එහෙම ලෝකේ අපරාධ සම්බන්ධයෙන් වගේම අද්භූත දේවල් සම්බන්ධයෙනුත් දැනුම එකතු කරගන්න ආසාවක් තියෙනවා නම්, බ්‍රිතාන්‍ය ජාතික කෙල්ලෝ දෙන්නෙක් කරන මේ පොඩ්කාස්ට් එක මරු. මේකේ සීරියල් කිලර්ස්ලාගේ ඉඳලා හොල්මන් මන්දිර දක්වා මාතෘකා කතා කරනවා. හැබැයි මේ දෙන්නා මේ හැම දෙයක්ම ගැන කතා කරන්නේ හොඳට හොයලා බලලා, රිසර්ච් එහෙම කරලා. ඒ නිසා බොරු කතන්දර නෙවෙයි අපි මේ අහන්නේ කියලා ෂුවර්. ඒ වගේම අර ත්‍රාසය, කුතුහලය වගේම උපහාසයත් එකට එක් කරලා තමයි මේක ඉස්සරහට අරගෙන යන්නේ.
හොලිවුඩ් කියන්නේ නිකම්ම චිත්‍රපට හදන ස්ටුඩියෝ තියෙන තැනක් නෙවෙයි. හොලිවුඩය කියන්නේ ලෝකේ විනෝදාස්වාද කර්මාන්තයේ ඉහළින්ම තියෙන විශාල ව්‍යාපාරයක්. ඉතින් මේ ව්‍යාපාරයේ ඉන්න දැවැන්තයෝත් එක්ක කතාබහ කරලා, ඒ අය ජීවිතේ ජයගත්තු විදිය, හොලිවුඩ් ලෝකේ ඉහළම තැන් වලට ගියපු විදිය ගැන දැනගන්න පුළුවන් පොඩ්කාස්ට් වැඩසටහනක් තමයි මේක. සතිපතා විකාශය වෙන මේ පොඩ්කාස්ට් එක කරන්නේ ස්කොට් ෆෙඉන්බර්ග් විසින්. එයා නිකම්ම හොලිවුඩ් දැවැන්තයන්ගෙන් ප්‍රශ්න අහනවට වඩා, ඒ අය ගැන කරුණු හොයලා බලල බොහොම සිත් ඇදගන්නා සුළු විදියට ඉන්ටර්වීව් එක මෙහෙයවන එක තමයි සිද්ධ වෙන්නේ.
ඇත්තටම මේ ලෝකේ කොයි තරම් සිත් ඇදගන්නා සුළු නිර්මාණ බිහිවෙනවද? තවදුරටත් නිර්මාණ කියලා කියන්නේ නව සොයාගැනීම්, ගැජට් වගේ දේවල්ම නෙවෙයි. නව සේවාවන්, නව සංකල්ප වගේම නව මුල් පිරීම් වගේ දේවලුත් මේවලට ඇතුළත් වෙනවා. ඉතින් කවුද අකමැති, මේ දේවල් කොහොමද නිර්මාණය වුනේ කියන එක දැනකියා ගන්න? උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්ස්ටග්‍රෑම් නිර්මාණය වුනේ කොහොමද කියන තිරය පසුපස කතාව දැනගන්න කවුද අකමැති? අන්න ඒ කැමැත්ත ඉෂ්ට කරලා දෙන පොඩ්කාස්ට් එකක් තමයි මේ. මෙතනදී ලෝකේ තියෙන විශාලතම සන්නාමයන් පටන් ගත්තේ කොහොමද, දැවැන්ත වෙළඳ නිර්මාණයන් සිද්ධ වුනේ කොහොමද වගේ කතා, ඒ දේවල් පසුපස හිටපු අයත් එක්කම කතා කරලා, ඒ අයව ඉන්ටර්වීව් කරලා අපිට ගෙන එන්නට මේ පොඩ්කාස්ට් එක කටයුතු කරනවා.
අපි හැමෝම සංගීතයට ලැදියිනේ. සිංදු අහනවනේ. එතකොට ඔය ගොඩක් සිංදු පිටිපස්සේ අපි මවිත වෙන විදියේ කතාන්තර තියෙනවා කියන එක පිළිගන්නවද? ඔය සිංහල සිංදු සම්බන්ධයෙන් නම් අපි ඔය වගේ කතාන්තර ඕන තරම් අහලා තියෙනවනේ. හැබැයි කැමතිද ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගීත වලට මුල් වුණු සිදුවීම්, ඒ ගීත පිටුපස්සේ තියෙන කතාන්තර එහෙම දැනගන්න? උදාහරණයක් විදියට ගත්තොත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටීවී කතා මාලාවේ ප්‍රසිද්ධ තීම් සෝන්ග් එක ඇත්තටම නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ සිංදුවේ අදහස කොහොමද ඒක ලියපු කෙනාගේ ඔලුවට ආවේ? මෙන්න මේ වගේ කරුණු කාරණා දැනගන්න පුළුවන් පොඩ්කාස්ට් එකක් තමයි මේ. මෙතනදී සංගීතවේදීන් ඇවිත් පැහැදිලි කරනවා ඒ අයගේ ලෝක ප්‍රකට වුණු ගීත වල පසුබිම සහ මුල් වුණු කතාන්තර ගැන.
Saru Fm Media