2021 අවුරුද්දේ එන්න තියෙන සුපිරි වීඩියෝ ක්‍රීඩා කීපයක්! – Saru FM Media

0
112


සාමාන්‍යයෙන් අපි හැමෝම වගේ වීඩියෝ ගේම්ස් වලට කැමතියිනේ. වීඩියෝ ගේම්ස් කිව්වහම දැන් කාලේ ගොඩක් දෙනා ස්මාට්ෆෝන් වලින් ගහන්න පුළුවන් ගේම්ස් වලට යොමුවෙලා ඉන්නවා අපිට පේනවා. හැබැයි ඇත්තටම අපි කතා කරන්නේ ඊට එහා ගිහින් කම්පියුටර් වලින් සහ ගේමින් කොන්සෝල් වලින් ක්‍රීඩා කරන්න පුළුවන් සීරියස් මට්ටමේ වීඩියෝ ගේම්ස් ගැන. ඔය වීඩියෝ ගේම්ස් ගැන කතා කරනකොට සමහර වෙලාවට ඇහිලා ඇති AAA ගේම්ස් නැතිනම් “ට්‍රිපල් ඒ” ගේම්ස් කියලා එකක් ගැන කියවෙනවා. මේ AAA කියන එකෙන් කියවෙන්නේ වඩාත් විශාල බජට් එකකින් නිර්මාණය වෙන, මධ්‍යම ප්‍රමාණයේ ගේම් පබ්ලිෂර් කෙනෙක් හෝ මහා පරිමාණ දැවැන්ත ගේම් පබ්ලිෂර් කෙනෙක් හෝ නිෂ්පාදනය කරලා බෙදාහරින වීඩියෝ ගේම්ස් තමයි. මේ කියන විදියේ ගේම්ස් වලට ආයෝජනය කරන මුදල, කාලය සහ ශ්‍රමය එක්ක බැලුවහම මේ AAA ගේම්ස් හෙවිඩියුටි නැතිනම් දැවැන්ත වෙන්න ඕන කියන එක තමයි ඉතින් සාමාන්‍ය මතය.

හරි. අවුරුද්දකට මේ වගේ සුපිරි වීඩියෝ ගේම්ස් කීපයක් හරි රිලීස් වෙනවනේ. එතකොට මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2021 අවුරුද්දේ රිලීස් වෙන්න තියෙන, වීඩියෝ ක්‍රීඩා ලෝලියෝ එනකල් පුල පුලා බලාගෙන ඉන්න, මේ කියන විදියේ සුපිරි වීඩියෝ ගේම්ස් තියෙනවද? ඒ ගැන දැනගන්න පුළුවන් දිගටම කියවගෙන යනකොට!

 

හොරයිසන් සීරෝ ඩවුන් ගේම් එක ප්ලේ කරපු අය දන්නවා, මේ ලෝක විනාශයකින් පස්සෙ ආයෙමත් නිර්මාණය වුණු, තාක්ෂණය අතින් මුල් යුගයක ඉන්න විවිධ මිනිස් ගෝත්‍ර, තාක්ෂණිකව ඉතාමත් දියුණු යාන්ත්‍රික රොබෝ සත්වයින් එක්ක එකට ජීවත් වෙන ලෝකය කොයි තරම් අපූර්වද කියලා. ඇත්තටම එතෙක් මෙතෙක් වීඩියෝ ගේම් එකක ආපු විශිෂ්ටතම විවෘත ලෝකයක් විදියට හඳුන්වන්න පුළුවන් හොරයිසන් සීරෝ ඩවුන් එකේ ක්ෂිතිජයන් තවත් දුරට පුළුල් කරන්නට හොරයිසන් ෆෝර්බිඩ්න් වෙස්ට් සමත් වෙයි කියලා තමයි අපිට අහන්න ලැබෙන්නේ. මේකෙදී අපේ කතා නායිකාව ඒලෝයි ගුප්ත බවෙන් වැසුණු තහනම් බටහිර දේශයන් වෙත ගමන් කරන්නේ, මිනිස්සුන්ව මරා දමමින් පැතිරෙන අබිරහස් වසංගතයක සුලමුළ හොයාගන්න. හැබැයි මේ බටහිර බිම්පෙදෙස් වල ඒලෝයිට වගේම අපිටත් මුණගැහෙන්නේ පෙර නුදුටු විරූ ආදිකල්පික ලෝකයක වර්තමානය වගේම, මින් පෙර මුණ නොගැසුණු විදියේ යාන්ත්‍රික සත්වයින් සහ නව අභියෝගයන් තමයි.

 

අනූ ගණන් වල වීඩියෝ ගේම්ස් අත්පොත් තිබ්බ අයට ඒජන්ට් 47 නැතිනම් හිට්මෑන් කියන්නේ කවුද කියන එක අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නෑ. අතිශය කුඩා කාලෙක ඉඳලා ඝාතකයින් පුහුණු කරන පාසලක, ලෝකේ සුපිරිම හිට්මෑන්ලා වෙන්න ඉගෙන ගත්තු, කොණ්ඩේ සම්පූර්ණයෙන්ම බූගාලා, තට්ටේ බාර්කෝඩ් එකක් ටැටූ කරලා තියෙන මේ ඒජන්ට් 47 අනික් කුලී ඝාතකයින්ගෙන් වෙනස් වෙන්නේ, එයා නිකම්ම ලැබෙන උපදෙස් පිළිපදිමින් මිනී මරමින් යන්න අකමැති වෙන නිසා තමයි. එයා දේවල් ප්‍රශ්න කරනවා. හැබැයි ඒකම එයාට නරකටත් හිටිනවා. කොහොම හරි මේ නවතම Hitman 3 ගේම් එකේදී අපිට මින් පෙර හිට්මෑන් ගේම් වල දකින්න නොලැබුණු විදියේ අතිශයින්ම දැවැන්ත සෑන්ඩ්බොක්ස් තුළ නිර්මාණය වෙන ගේම් එකක් දැකගන්න පුළුවන්. ඒ කියන්නේ, ක්‍රීඩකයෙක්ට තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න පාරවල් දෙකක් හෝ තුනක් නෙවෙයි, අසීමිත ප්‍රමාණයක් මේ ගේම් එකේදී විවෘත වෙනවා. ඒ කියන්නේ ඇත්ත ලෝකෙක ජීවත් වෙනවාට සමාන අත්දැකීමක් ලබාගන්න ක්‍රීඩකයාට ඉඩ ලැබෙනවා.

 

ෆාර් ක්‍රයි කියන්නෙත් වීඩියෝ ගේම් ලෝලීන්ට අමුතු අත්දැකීමක් නොවුණු ගේම් සීරීස් එකක්. හැබැයි ෆා ක්‍රයි එක් එක් ක්‍රීඩාව මිකැනික්ස් වලින් සමාන වුණත්, ඇත්තටම සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් පසුතලයන් සහ කථාවන් තුළ තමයි දිගහැරෙන්නේ. කොහොම වුණත් දැනට දකින්න ලැබෙන සංකීර්ණම ආශ්වාදයක් ලබාගන්න පුළුවන් වීඩියෝ ක්‍රීඩාවක් විදියට, අපිට Far Cry 6 එකේදිත් ෆා ක්‍රයි ගේම් සීරීස් එකේ ලබපු වින්දනයම ලබාගන්න පුළුවන් වෙයි. මේ Far Cry 6 ගේම් එකේ කතාව යන්නේ කැරිබියානු දූපත් රාජ්‍යයක ඉන්න ඒකාධිපති නායකයෙක් සහ ඔහුගෙන් නිදහස හොයන විමුක්තිකාමී සටන්කරුවෙක් මැදිකරගෙන. අපිට අනික් ෆාර් ක්‍රයි ගේම් වල වගේම අතිවිශිෂ්ට ග්‍රැෆික් සහිත සම්පූර්ණ විවෘත ලෝකයක් මේකෙදිත් අත්දකින්න පුළුවන් වෙයි කියලා තමයි අහන්න ලැබෙන්නේ!

 

Returnal කියන්නේ සයිකොලොජිකල් හොරර් ගණයට අයිති වෙන ෂූටින් වීඩියෝ ගේම් එකක්. හැබැයි එහෙම කිව්වට Returnal එකේ කතාව එහෙම සරලව කියලා ඉවර කරන්න බෑ. මේ වීඩියෝ ගේම් එකේ කතාව යන්නේ සෙලේන් කියන කාන්තාව පිටසක්වළ ලෝකෙකට තමන්ගේ අභ්‍යවකාශ යානාවත් එක්ක කඩාවැටීමත් එක්ක. මේ ඇට්‍රොපෝස් කියන පිටසක්වළ ලෝකේ ඇත්තටම පුරාතන ශිෂ්ටාචාරයක නිවහන වෙනවා. ඒ වගේම, මේ ලෝකේ නිරන්තරයෙන්ම තමන්ගේ ආකෘතිය වෙනස් කරගන්නවා. දැන් අපිට තියෙන්නේ සෙලේන් විදියට මේ ඇට්‍රොපෝස් පිටසක්වළ ලෝකේ අපිට මුහුණ දෙන්න වෙන දහසකුත් එකක් අතිබිහිසුණු අභියෝගයන් එක්ක ජීවිතය බේරාගන්න එක. ඒ වගේම සෙලේන් ගේම් එක ඇතුළේ මියයන හැම මොහොතකම එයා ආයෙමත් එනවා. හැබැයි ඒ හැම මොහොතකම මේ ලෝකෙත් තමන්ගේ ආකෘතිය වෙනස් කරගන්නවා! මේ නොනවතින ලූපයෙන් මිදෙන්නේ කොහොමද කියන එකත් අපිට ගේම් එක ඇතුළෙන්ම තමයි හොයාගන්න වෙන්නේ!

 


Saru Fm Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here