2023 රූ රැජින තරඟයේ කිරුළ කුඩු වෙයි – Saru News Media

0
2

2023 රූ රැජින තරඟයේ කිරුළ කුඩු වෙයි

බිරිඳ වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී ඉන්න සැමියෙක් පසුබට වෙන්නේ නෑ. ඇගේ දුක සතුට බෙදා ගන්නට ඔහුගේ උරහිස තරම් හොඳ තැනක් වෙන ඇත්තේ ද නෑ.

ඒත් බිරිඳට අවශ්‍ය දෙයක් නොලැබීම ගැටුම් ඇති කරන්න හේතුවක් නම් නෙවෙයි.

“LGBTQIAP+ beauty pageant” in Brazil,” තරගයෙන් තමයි මේ පුවත වාර්තා වෙන්නේ. තම බිරිඳට පලමු තැන නොලැබීමෙන් කෝප වුණු සැමියෙක් කැරලිකාරීව වේදිකාවට ගොඩ වෙලා තියෙනවා. එතැනින් නතර වෙලා නෑ. ඔහු පළමුවෙනියගෙ කිරුළ ගලවලා බිම දමලා

දෙවැන්නිය වූ නතාලි බෙකර්ගේ සහකරු මේ ආකාරයෙන් ප්‍රචන්ඩ ලෙස හැසිරුණා. ඔහු එමානුවෙල්ලි බෙලිනිගේ ඔටුනු පැළඳීමේ උත්සවයට ප්‍රචණ්ඩ ලෙස බාධා කළා. ටියාරා එක ගලවා බිමට  විසි කරන්න තරම් ඔහු සාහසික වුණා. මෙසේ කිහිප වතාවක් කිරීම නිසා කිරුළ කැබලිවලට කැඩී ගිය බවයි සඳහන් වෙන්නේ.

මෙය 2022 ඔක්තෝම්බර් මාසයේ පැවති ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේ සිදු වුණු අවාසනාවන්ත සිදුවීමට සමාන බව විචාරකයන් පවසනවා. බෙකර්ව වහා වේදිකාවෙන් ඉවත් කරන්නට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී තිබුණා.

සම්බන්ධීකාරක මැලෝන් හේනිෂ්, පවසන්නේ මෙය හරිම නින්දිත තත්ත්වයක් බවයි.පළමුවැන්නියගේ තැන වෙනස් කරන්නටත් ඔවුන්ගේ කිසිම උවමනාවක් නැහැ.  මෙය බෙකර් නොපිලිගැනීම පමණක් ගැටළු සහගත බවයි ඔහුගේ අදහස වන්නේ.

ඒ වගේම බෙකර් මෙනෙවියගේ අවස්ථාව ද ඔවුන් අහිමි කර නැහැ. ඇයට විකාර සහගත සැමියෙකු ලැබීම ගැන ඔවුන් කණගාටු වෙනවා.

සාපරාධී සිද්ධිය පිළිබඳව සංදර්ශනයේ “නීති කණ්ඩායමට” දැනුම් දී ඇති බවත්, කඩාකප්පල්කාරී ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස “අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග” ගන්නා බවත් සංවිධායකයන් පවසනවා.

මෙය සමරිසි පුද්ගලයන් සම්බන්ධ තරගාවලියක්. ඒ නිසා මෙහි ජයග්‍රාහිකාවගේ ක්‍රියාකාරකම් LGBTQIAP+ ප්‍රජාවේ හඬ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හරිම වැදගත්. ඇයට සෑම කෙනෙකුම කණගාටුව සහ සුබ පැතුම් එකම විට පිරිනැමුවා.

තමන්ගේ හැඟීම් පාලනය කරගන්නට නොහැකි වීම කණගාටුවට කරුණක්. අනෙක් අතට ඕනෑම අවස්ථාවක අප පවතින තත්වය පිළිගත යුතුම වෙනවා. තරගයකට සහභාගී වෙද්දී ජයග්‍රහණය මෙන්ම පරාජය ද පිළිගත යුතුම බව දැන ගත යුතුමයි. එය අප වටා සිටින අය පවා දැන ගත යුතුයි.

තමන්ගේ පෙම්බරියට හොඳම දේ ලැබිය යුතුම බව සිතූ බෙකර්ගේ හැසිරීම විනාශයකින් කෙළවර වූයේ ඒ ආකාරයෙන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here