Canva වලින් ඩිසයින් නිර්මාණය කරන අයට වැදගත් වෙන ටිප්ස් සහ ට්‍රික්ස් කීපයක්! – Saru News Media

0
3

දැන් කාලේ ඔය විවිධ ඩිසයිනින්ග් කරන අය නම්, Canva කිව්වහම මොකක්ද කියලා දන්නවනේ. Canva කියන්නේ ඔන්ලයින් කන්ටෙන්ට් ක්‍රියේටින් ප්ලැට්ෆෝම් එකක්. ඒ කියන්නේ පෝස්ට්ස්, පෝස්ටර්ස්, ලීෆ්ලට්, ඉන්වොයිස්, වීඩියෝ, ඩිසයින් වගේ ඕනම දෙයක් Canva එකෙන් නිර්මාණය කරගන්න පුලුවන්. ඒ වගේම, Canva වල තියෙන හොඳම දේ තමයි, Canva වලින් ෆ්‍රී වැඩ කරගන්න පුලුවන් සෑහෙන්න දුරකට. එතකොට Canva Pro සංස්කරණය පාවිච්චි කළොත්, Canva වල තියෙන Premium අන්තර්ගතයන් පාවිච්චි කරන්න පුලුවන්. එතකොට, අමුතුවෙන් පංති ගිහින් Canva පාවිච්චි කරන විදිය ඉගෙන ගන්න දේකුත් නෑ, වෙබ් එකට ගිහින් Canva වෙබ්සයිට් එක හරි, ෆෝන් එකේ Canva ඇප් එකෙන් හරි පොඩ්ඩක් සැරිසැරුවා නම්, Canva වලින් වැඩ කරන්න ඉගෙන ගන්න පහසුවෙන්ම පුලුවන්. හැබැයි ඉතින් ගොඩක් ආධුනික අය නොදන්න ට්‍රික්ස් සහ ටිප්ස් එහෙමත් තියෙනවා. ආන්න ඒවත් දැනගත්තහම Canva වලින් තමන්ට ඕනම ඩිසයින් එකක් වඩාත් පහසුවෙන් කරගන්න පුලුවන්. අද අපි කියන්න යන්නේ එහෙම Canva ටිප්ස් සහ ට්‍රික්ස් කීපයක් ගැන…

 

Canva ප්‍රෝ සංස්කරණය පාවිච්චි කරන අයට දැන් ලබාගන්න පුලුවන් පහසුකමක් තමයි, මොකක් හරි ෆොටෝ එකක් අප්ලෝඩ් කළාට පස්සේ, ඒ ෆොටෝ එකේ නැතිනම් ඉමේජ් එකේ බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න පුලුවන් ටූල් එක. ඒ වගේම, ඒකෙන් ඕනම Element කොටසින් එකතු කරන දෙයක් ට්‍රාන්ස්පේරන්ට්, එහෙම නැතිනම් පාරදෘෂ්‍ය කරන්න පුලුවන්. ඇත්තටම බැක්ග්‍රවුන්ඩ් අයින් කරනවා කියන එකේ සිද්ධ වෙන්නෙත් ඒකම තමයි. දැන් අපි ඩිසයින් එකට ඉමේජස් හරි elements හරි කීපයක් එකිනෙක මත පිහිටන විදියට නිර්මාණය කරනවා නම්, එතකොට වර්ණවත් පසුතලයන් එකතු කරනවා නම් මෙන්න මේ Background remover ටූල් එක ඉතාම වැදගත්.

 

සාමාන්‍යයෙන් Canva කිව්වහම ඒක ග්‍රැෆික් ඩිසයිනින් ටූල් එකක් කියලනේ අපේ ඔළුවට යන්නේ. එතකොට ප්‍රස්තාරයක ග්‍රැෆික් එකක් එහෙම ඩිසයින් එකට ඇඩ් කරන්න පුලුවන් වුණත්, කෙලින්ම ප්‍රස්තාර සහ රූප සටහන් අපේ දත්ත වලට අනුව නිර්මාණය කරගන්න පුලුවන්ද? Canva වල ඒක පුලුවන්. ස්ථම්භ ප්‍රස්තාර, චක්‍ර ප්‍රස්තාර, රේඛා ප්‍රස්තාර, විසිරුම් ප්‍රස්තාර, පයි ප්‍රස්තාර, ටී ප්‍රස්තාර වගේ ඕන ප්‍රස්තාරයක්, තමන්ට ඕන විදියට සැකසුම් කරලා, කස්ටමයිස් කරලා, තමන්ගේ දත්ත ඇතුළත් කරලා හදාගන්න පුලුවන්. එහෙම හදාගන්න ප්‍රස්තාර වල ෆොන්ට්ස්, වර්ණ, පසුතලය වගේ හැම දෙයක්ම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් විදියට වෙනස් කරගන්නත් පුලුවන්.

 

සාමාන්‍යයෙන් Canva වල ඩිසයින් එකක් කරනකොට ගොඩක් දෙනෙක් ඔය බ්‍රෑන්ඩ් ලෝගෝස් එහෙම ගූග්ල් සර්ච් කරලා, ඩවුන්ලෝඩ් කරලා ඩිසයින් එකට අප්ලෝඩ් කරන එකනේ කරන්නේ. ඒකත් අවුලක් නෑ ඉතින්. හැබැයි ඒ ප්‍රොසෙස් එක ටිකක් කරදරයි. එතකොට අපි ඩවුන්ලෝඩ් කරන බ්‍රෑන්ඩ් ලෝගෝ එකේ කොලිටිය හොඳ නැතිනම්, එතකොට ඒ ලෝගෝ එකේ බැක්ග්‍රවුන්ඩ් එහෙම තියෙනවා නම්, ඒක අපිට ඕන විදියට හදාගන්න එක තවත් ටිකක් කරදරයි. හැබැයි එච්චර කරදර නොවී තමන්ගේ Canva ඩිසයින් එකට බ්‍රෑන්ඩ් ලෝගෝ එකක් යොදාගන්න පහසු ක්‍රමයක් Canva වල තියෙනවා. හරියටම කිව්වොත්, Canva වල ලයිබ්‍රි එකේ තියෙනවා ලෝකේ ගොඩක් ජනප්‍රිය බ්‍රෑන්ඩ්ස් වල ලෝගෝ ඩිසයින්. ඒක පහසුවෙන්ම brand logos කියලා සර්ච් කරලා හොයාගන්න පුලුවන්. දැන් කරන්න තියෙන්නේ ඒ අවශ්‍ය ලෝගෝ එක කෙලින්ම ඩිසයින් එකට එකතු කරලා, සයිස් එක හදාගන්න විතරයි.

 

සාමාන්‍යයෙන් අපි ස්මාට්ෆෝන් වලින් ෆොටෝස් ගන්නවා වගේම, නොයෙක් ඇප්ස් වලින් ෆොටෝස් එඩිට් කරනවනේ. උදාහරණයක් විදියට, ඉන්ස්ටග්‍රෑම් වලට ෆොටෝ එකක් දාන්න කලින් අපි ඒකට ඉෆෙක්ට්ස් දාලා අනං මනං කරලා එඩිට් කරලා ගන්නවා. එතකොට Canva එක ඩිසයිනින්ග් ටූල් එකක් විදියට අපි මූලිකවම දැක්කත්, Canva ඩිසයින් එකකට අපි එකතු කරන ෆොටෝ එකක් එඩිට් කරන්නත් විවිධාකාරයේ පහසුකම් Canva එකෙන් ලබාදීලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්න කියන brightness, contrast, saturation වෙනස් කිරීම වගේ සරල එඩිට්ස් වල ඉඳලා, විවිධාකාරයේ ෆිල්ටර්ස් එකතු කරන්න, AI-powered ස්මාට් එඩිටින් ක්‍රම එහෙමත් Canva එකේ සෑහෙන්න තියෙනවා. එතකොට duotone, shadows, frames, mosaic වගේ සංස්කරණ පහසුකම් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම බීටා සංස්කරණයත් එක්ක auto focus, face retouch වගේ පහසුකම් එහෙමත් එකතු කරලා තියෙනවා. Canva වලට එකතු කරන ෆොටෝ එකක් චිත්‍රයක් බවට පත් කරන්න ඕනෙද? ආන්න ඒකට Prisma පහසුකමත් Canva එකේම තියෙනවා.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here