Fashion Tips – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
73

ගෑණු ළමයෙක් උනාම ඉතින් හැඩට ඉන්න ඕන නිසා, විලාසිතා වලට අදාලව පොඩි දැනුවත් කිරීමක් කරන්න හිතුව. සාමාන්‍ය විදියට ගෑණු ළමයෙක්ට හොඳම ෆැෂන් උපදෙස් දෙන්න පුලුවන් කෙනෙක් තමයි අම්මා. ඒවගේම තමන්ගෙ සහෝදරියන්ටත්, හොදම යාළුවන්ටත් ඒක කරන්න පුලුවන්. ඒ අයගේ අදහස් දැනගැනීමත් වටිනවා.

Photo By Anete Lūsiņa

ඔබ උස අඩු කෙනෙක් නම්, ඔබ පලදින සපත්තු ගැන හොඳට සැලකිලිමත් වෙන්න. වඩා හොඳයි හමේ පාටට ගැලපෙන, ඒවගේම ඉදිරිය ටිකක් නෙරා ආපු ( පොයින්ටඩ් ටෝ) සපත්තු පලදිනවා නම් ඒකෙන් කකුල ටිකක් ස්ලිම් කරලා ඔබ උසට පෙන්වනවා.
ඒවගේම තමයි පලදින බෙල්ට් එක මහතින් අඩු එකක් වීම වටිනවා. ඒවගේ බෙල්ට් එකකිනුත් තමන්ගෙ දිග ප්‍රමාණය තරමක් වැඩියෙන් පෙන්වන්න උදව්වක් වෙනව.
තව දෙයක්, එකම පාටින් ඇඳුමක් අදිනව නම් ඒකත් උස තරමක් වැඩියෙන් පේන්න හේතුවක් වෙනව. එතකොට උසේ අඩු බව පේන්නෙ නෑ.
ඔබ උසින් අඩු කෙනෙක් නම්, විශාල හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි කරන එක පුලුවන් තරම් අඩු කරන්න. විශාල බෑග් එකක් ගෙනියන හැමවෙලාවෙම ඒක භාවිත වෙනකොට ඔබේ උසෙන් ප්‍රමාණයක් භාවිත වෙනව. එනිසා පොඩි හැන්ඩ් බෑග් එකක්, තමන්ගෙ විදියට ගැලපෙන එකක් පාවිච්චි කරන්න.

A woman in a red skirt, jean shirt, and jewelry holds a patterned clutch in Rotterdam

Photo By Zeny Rosalina

තව දෙයක් ඔබ අදින ඇදුමේ කර, V – Shape වෙන එකත් වැදගත්. එතනදි වෙන්නෙත් තමන් උස කෙනෙක් කියල පෙන්වීමක් තියෙනවා.
ඔබේ කොණ්ඩ මෝස්තරය තරමක් උස් ආකාරයට කිරීමෙනුත් ඔබ උස බව පෙන්වන්න පුලුවනි. කොණ්ඩය උඩට තියල බදිනව නම් ඒක වටිනව.

මේ වගේ ක්‍රම කීපයක් භාවිත කරලා, උස අඩු බව නොපෙනෙන්න – ලස්සන වැඩියෙන් පෙන්වගෙන ඉන්නත් ඔබට පුලුවනි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here