IMF හදලා තියෙන්නෙ ජනතාව වෙනුවෙන් නෙවෙයි, ඔය හොරාකන ආණ්ඩු බේරාගන්න – ටිල්වින් – Saru FM Media

0
206


“අපි අවුරුදු 40 – 50 ක් තිස්සේ ණය අරගෙන අරගෙන අරගෙන, ණයට කාලා කාලා කාලා, ඒ ණය හොරකම් කරලා හොරකම් කරලා ගෙවාගන්න බැරි ණය කන්දක් ගොඩගැහුණා. මූල්‍ය අරමුදල හදලා තියෙන්නෙ ජනතාව වෙනුවෙන් නෙවෙයි, ඔය හොරාකන ආණ්ඩු බේරාගන්න. මොකක් වුණත් ණයක්නෙ ගන්නෙ අපි. ඔය ණය ටික ගෙනත් දාපු ගමන් මොකක්ද වෙන්නෙ මෙතෙන්ට ? දැන් මේ අවුරුද්දක් තිස්සේ ආණ්ඩුවේ ඉන්න ඇමතිකම් කරන, ඇමතිකම් කරපු උන් ටික බලන් ඉන්නේ වේලි වේලී කෑමක් තිබුණෙ නෑ ළඟකදී. උන්ටත් හොරකම් කරන්න මාර්ග නැතිවෙලා තියෙනවා. ඒ නිසා බලන් ඉන්නෙ චාන්ස් එකක් එනකල්. ඔය ණය ටිකක් හොයන් ඇවිල්ලා දාපු ගමන්, ව්‍යාපෘති පටන් ගත්තු ගමන් වෙන්නෙ සෝමාලියාවට පාන් දැම්මා වගේ එකක්”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ සීතාවක ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රචාරණ රැස්වීමක් අමතමිනි.

RN


Saru Fm Media