කවුද Limitless ෆිල්ම් එක බලල තියෙන්නේ? ඇත්තටම මේ ආටිකල් එක කියවන්න කලින් ඒක බලලා නැතිනම්, මුලින් Limitless ෆිල්ම් එක හොයාගෙන බලලා එන්න. ඒක සෑහෙන්න ඉන්ටරෙස්ටින්ග් ෆිල්ම් එකක්. ඒකේ විදියට මොළේ 100% ක්ම උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න පුලුවන් බෙහෙතක් හොයාගැනෙනවා. ඒක ගත්තහම ආයෙ ජීවිතේ මෙච්චර කල් අපි නොදැන වුණත් ඉගෙන ගත්තු දේවල් උපරිම කාර්යක්ෂමතාවයකින් පාවිච්චි කරන්න පුලුවන් වෙනවා. ඕනම භාෂාවක් එහෙන් මෙහෙන් ඇහුම්කන් දුන්නත් ඉගෙන ගන්න පුලුවන් වෙනවා. අපි මෙච්චර කල් නොදැන හිටපු විෂයක් වුණත්, දවසෙන් දෙකෙන් එක්ස්පර්ට් ලෙවල් එකට ඉගෙන ගන්න පුලුවන් වෙනවා. කොටින්ම කියනවා නම්, අපේ මොළය 100% ක කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් කාටද එහෙම ජීවිතයක් ඕන නැත්තේ?
ඇත්තටම මේ මොළේ 100% ක් පාවිච්චිය ගැන කියන කතාව නම් සත්‍යයක් නෑ. මොකද, මොළේ විවිධ ප්‍රදේශ වෙන් වෙලා තියෙන්නේ විවිධ කාර්යයන් කරන්න. එතකොට අපි කවුරුත් එක මොහොතක 100% ක් මොළයේ ධාරිතාවය පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි මොළයේ පාවිච්චි නොකරන කොටසක් කියලා එකක් නෑ. මොළේ හැම කොටසක්ම විවිධ අවස්ථා වල පාවිච්චියට ගැනෙනවා.
හැබැයි, ඇත්තටම අපිට ඕනම දෙයක් වඩා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් විදියට, ඕනම දෙයක් දිහා බලලා තේරුම් ගන්න පුලුවන් විදියට මොළේට බූස්ට් එකක් ලබාදෙන්න, Limitless ජීවිතයක් ගත කරන්න බැරිද අපිට? ඒකෙන් අපිට කොයි තරම් දේවල් කරන්න පුලුවන්ද? ඇත්තටම එහෙම කරන්න පුලුවන් බෙහෙතක් නම් දැනට හොයාගෙන නෑ. හැබැයි අපිට දැන් ඉන්න ලෙවල් එකකට වඩා ඉහළ ලෙවල් එකක කාර්යක්ෂමතාවයකින් මොළය පාවිච්චි කරන්න පුලුවන් විදියට අපිව හැඩගස්වාගන්න පුලුවන්. මේ කියන්න යන්නේ එහෙම කරන්නේ කොහොමද කියන එක තමයි.
දැන් අර ලිමිට්ලස් ෆිල්ම් එකේ පොර ජපන් බාසාව, ප්‍රංස බාසාව වගේ එව්වා ඉගෙන ගන්නවා. ඊට පස්සේ ෂෙයාර් මාර්කට් ඉගෙන ගන්නවා, බිස්නස් ඇනලිටික්ස් ඉගෙන ගන්නවා. පියානෝ ගහන්න ඉගෙන ගන්නවා. අර පෙත්තේ පවර් එක නිසා මෙව්වා දවසෙන් දෙකෙන් ඉගෙන ගන්න පොරට පුළුවන්. දැන් අපිට ඔය NZT පෙති නැති නිසා ඔව්වා දවසෙන් දෙකෙන් ඉගෙන ගන්න බෑ තමයි. හැබැයි ඉතින් අපිටත් බැරි නැහැ නේද? තියෙන්න ඕන උනන්දුව සහ කැපවීම තමයි. ඇත්තටම NZT ගත්තා වගේ තමන්ට බූස්ට් එකක් ලබාදෙන්න නම්, නිරන්තරයෙන් ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි. එතනදී මතක තියාගන්න, තමන්ට හොඳ විනයකින්, ෆෝකස් වෙලා දෙයක් ඉගෙන ගන්න පුලුවන් නම්, පැය විස්සකින් ඕනම දෙයක් ඉගෙන ගන්න පුලුවන්!
හැබැයි මෙහෙම කාරණයක් තියෙනවා. නර්ස් කෙනෙක් විදියට ජොබ් එක කරන, නර්සින් වලින් ඉස්සරහට යන්න හිතන කෙනෙක්, ව්‍යාපාර සංඛ්‍යානය ඉගෙන ගෙන වැඩක් වෙන එකක් නෑ. ඩිජිටල් මාර්කටින් කරන කෙනෙක්, නර්ස් කෙනෙක් වෙන්න ඉගෙනගෙන වැඩක් නෑ. අන්න ඒ නිසා, මේ අලුත් හැකියාවන් එකතු කරගන්න පාට් එකට කලින් ඇත්තටම 4 වෙනි පොයින්ට් එකේ කියලා තියෙන දේවල් කළාට පස්සේ. එතනදී තමන්ට කරන්න ඕන දේ, යන්න ඕන මාර්ගය තේරුම් ගත්තට පස්සේ, අන්න ඒ මාර්ගයට අදාළ වෙන හැකියාවන් තමයි එකතු කරගන්න ඕන. ඒ කියන්නේ, ඩිජිටල් මාකටින් ඉගෙන ගන්න කෙනෙක් පයිතන් ඉගෙන ගන්න එක, ඩේටා සයන්ස් ඉගෙන ගන්න එක අවුලක් නෑ. ඒ අතරේ ඔය වෙනත් භාෂාවක් දෙකක් ඉගෙන ගන්න එකත් හොඳයි. මානසික නිදහස වෙනුවෙන් පියානෝ ගහනවා වගේ දෙයක් ඉගෙන ගන්න එකත් ප්‍රශ්නයක් නෑ.
ඇත්තටම අලුත් හැකියාවක්, අලුත් දෙයක් පටන් ගන්න තමයි අමාරුම. හේතුව, අපි ඒ දිහා බලපු ගමන් බය වෙනවා. තමන්ට බැරි වෙයි කියලා හිතනවා. උදාහරණයක් ගමු. දැන් ජපන් භාෂාව හරි රුසියානු භාෂාව හරි ඉගෙන ගන්න හිතුවට, අපිට එක පාරටම හිතාගන්න බෑ කොහෙන් පටන් ගන්නද කියලා. මොකද, ජපන් හරි රුසියානු හරි අක්ෂර මාලාව දැකපු ගමන් අපි බය වෙනවා. හැබැයි ඔය භාෂා දෙකෙන් ඕන එකක අක්ෂර මාලාව සහ ඒ අක්ෂර ශබ්ද වෙන විදිය ඉගෙන ගත්තට පස්සේ, අපිට තේරෙන්න පටන් ගන්නවා, වැඩේ හිතපු තරම් අමාරු නෑ කියලා. තව උදාහරණයක් ගමු. දැන් පරිගණක ක්‍රමලේඛනය ගැන මෙලෝ අවබෝධයක් නැති මනුස්සයෙක්ට පුලුවන්ද පරිගණක භාෂාවක් ඉගෙන ගන්න. බලපු ගමන් ග්‍රීක් වගේ නෙවෙයිද පේන්නේ. ඇත්ත. හැබැයි අපි මූලික සිද්ධාන්ත ඉගෙන ගන්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේක පුලුවන් දෙයක් කියලා.
ආන්න ඒ නිසා, තමන් ගැන විශ්වාසයෙන් ආරම්භ කරන එක තමයි අමාරු කාරණාව. අන්න ඒක ජයගත්තොත්, කල්දාන්නේ නැතුව වැඩේ පටන් ගත්තොත්, ඇදගෙන යන්න බැරි කමක් නෑ!
දැන් NZT පෙත්තක් ඇත්තට ලැබිලා, මොළේ ක්‍රියාකාරීත්වය ඩබල් ට්‍රිබල් වුණත් වැඩක් නෑ, වැඩ කල්දානවා නම්. ආන්න ඒ නිසා, NZT නැතත් NZT අරගෙන වගේ උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න නම්, මේ වැඩ කල්දැමීමේ නරක පුරුද්ද, එහෙම නැතිනම් procrastination වලට එරෙහිව සටන් කරන්න ඕන. මේ වැඩ කල්දැමීම කියලා කියන්නේ, තමන්ට කරන්න තියෙන වැඩ නොකර සෝෂල් මීඩියා වල උඩ පහළ යන්න, ෆිල්ම් එකක් බලන්න වගේ විනෝදය ලබන දේකට කාලය ගත කරන එක. ඇත්තටම මේ වැඩ කල්දැමීම නිසා හිතාගන්න බැරි විදියට තමන්ගේ කාලය නාස්ති වෙනවා සහ වැඩ අතපහු වෙනවා.
දැන් මේ ජීවිතේ සාර්ථකත්වය අඩාල කරවන, වැඩ කල්දාන පුරුද්ද අත් හැර ගන්න ක්‍රම ගැන, ඊටත් කලින් වැඩ කල්දාන පුරුද්ද තමන්ටත් තියෙනවද කියලා හොයාගන්න ක්‍රම ගැන අපි කලින් කතා කරලා තියෙනවා. ඇත්තටම මේ ආටිකල් කියෙව්වහම තමන්ගේ වැඩ කල්දාන පුරුද්ද නැති කරගන්න, තමන්ට ගැලපෙන ක්‍රම සහ විධි හොයාගන්න පුලුවන්. අපි කියන්නේ ඒකත් කල්දාන්නේ නැතුව මේ දැන්මම ඒකට වැඩ කරන්න පටන් ගන්න කියලා.
අපි පළවෙනි පොයින්ට් එකේදිම කතා කලා, ජීවිතේට අලුත් අලුත් හැකියාවන් එකතු කරගන්න ඕන, හැබැයි ඒක පටන් ගන්න ඕන හරියට සැලසුමක් හදලා, හරියට ප්‍රමුඛතාවයන් සකස් කරගත්තට පස්සේ. දැන් මේ ප්‍රමුඛතාවයන් හරියට සකස් කරගැනීම කියන්නෙත් NZT පෙත්ත ගත්තා වගේ ජීවිතේට බූස්ට් එකක් දෙන්න අත්‍යවශ්‍ය කාරණයක්. මොකද, ගොඩක් අයට ගොඩක් දේවල් කරන්න අවශ්‍යයි. හැබැයි ඒ හැමදේම කරන්න අපිට තියෙන්නේ දවසකට පැය 24 යි, අවුරුද්දකට දවස් 365 යි. එතකොට වෙන්නේ, එකක්වත් හරියට නොකෙරෙන එක. අන්න ඒ නිසා, අපිට තියෙන කාලය, සම්පත් සහ අපේ ජවය එක්ක, අපි මුලින්ම කරන්න ඕන දේවල් තීරණය කරගන්න ඕන. එතනදී ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගන්න ඕන. කුසලතා ජීවිතේට එකතු කරගැනීමෙදීත්, කුසලතා දහයක් එක පාර ප්‍රැක්ටිස් කරන්න යන්නෙ නැතුව, එකක් පසුපස එකක් විදියට ප්‍රවීණතාවයට යන්න ඕන.
Saru Fm Media