Over thinking නිසා ඔයාගෙ ජීවිතය over කරගන්නවාද? – Saru News Media

0
5

ඔබ ඔබේ මනසට අයාලේ යන්න දීලා, අගක්, මුලක් සොයා ගන්න නොහැකි ලෙස පැටලිලා හෙම්බත් වෙලද? එකම සිතිවිල්ල තුල සිර වෙලාද? ඔබට ඔබේ සිතිවිලි පාලනය කරන්න බැරි තත්වයට පත්වෙලාද? ඔබේ සියළුම කටයුතු පටලවාගෙන එකම දෙය වෙනුවෙන් සිතිවිලි මලු ගණන් පුරවමින්, හිස් කරමින්, ලතැවෙනවාද? ඔබට ජීවිත අපේක්ෂාව අහිමි වෙලාද? ඔබේ targets වලට යන්න බැරි විදියට ඔබ ඔබටම අගුලු ලා ගෙනද? සතුට ඔබේ ජීවිතයෙන් පලා ගිහින්ද? එහෙමනම් ඔබ over thinking කලාපයේ සිරවෙලා.

එහෙම නම් එන්න. ආදරයෙන් හා සෙනෙහසින් lifie ඔබට ඔබව සොයා දෙන්න, සතුට සොයා දෙන්න, over thinking වලින් මිදෙන්න කියා දෙන්න සූදානම්.

ඔයාගෙ සිත කුළු මීමෙකුට සමාන කරන්න පුලුවන්. සිත කියන්නෙම නිතරම එහෙ මෙහෙ දුවන අපට අතින් අල්ල නවත්වන්න බැරි දෙයක්. සිතිවිලි හැම විටම ඇතිවෙලා නැතිවෙලා යනවා. හුස්මක් අරන් පිට කරන වේගයටත් වඩා වැඩි වේගයකින්. මේ අතර සමහර සිතිවිලි තියෙනව අපේ සිත අල්ලගෙන, ඒකටම අලවගෙන, නැවත නැවත මතකයට ඇවිදින් අපට වද දෙන. අපිව හැඟීම්බර කරවන. අධිකව සංවේදී කරනව. ඔබ ඒ එකම සිතිවිල්ලේ පැය ගණන්, දවස් ගණන්, සති දෙකකටත් වඩා පැටලිලා, එල්ලිලා, එරිලා ඉන්නව නම් ඔබ over thinking කලාපයට ඇතුල් වූ කෙනෙක්.

 

 

 

 

 

 

 

1.ඔබ අනවශ්‍ය විදියට ඔබේ මුලු ජීවිතයම 100% කටත් වඩා වැඩියෙන් සම්බන්ධයකට දෙන්න යෑම නිසා ඔයාගේ වටිනාකම එයාල ඉදිරියේ අඩු වෙනවා. සම්බන්ධතා අවුල් වෙනවා. අහිමිවීම් වලට ලක් වෙනවා.

2.ඔයාගෙ සුවදායී නින්ද ඔයාට නැති වෙනවා.

3.වැඩකට අවධානය දෙන්න බැරි වෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here