Perfume පාවිච්චි කරන අය මේ දේවලුත් දැනගෙනම ඉන්න ඕන – Saru News Media

0
9

කලින් දවසක අපි කතා කළානෙ perfume ගැන මූලිකම තොරතුරුයි, විවිධ perfume වර්ග ගැනයි. අද කතා කරන්න යන්නෙ මේ perfume වර්ගයක් තෝරගනිද්දී, ආලේප කරද්දී කරන්න ඕන දේවල් ගැනයි. මොකද හුඟක් දෙනෙක් නිවැරදිම perfume එක තෝරගන්න ඕන විදිහ වගේම ඒ තෝරගන්න perfume එක භාවිතා කරන්න ඕන කොහොමද කියන එක ගැන හරිම අවබෝධයකින් නෙමෙයි perfume පාවිච්චි කරන්නෙ. ඒත් ඒ නොදැන කරන වැරදි නිසාම මිලක් ගෙවල ගන්න perfume එකේ වටිනාකම නැතිවෙනව වගේම අපි මේ සුවඳ විලවුන් භාවිතයෙන් බලාපොරොත්තු වෙන ප්‍රති​ඵලයත් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ නිසා කියවලම බලමුකෝ සුවඳ විලවුන් මිලදී ගනිද්දී, පාවිච්චි කරද්දී අපි කරන්න ඕන දේවල් ගැන.

 

 

 

සමහර perfumes වෙන කෙනෙක් ගහගෙන ඉද්දි මුළු පළාතම සුවඳ වෙන, හැබැයි අපි ඒ perfume එකම අරගෙන පාවිච්චි කරනකොට අර තරම්ම සුවඳක් නැති වෙන වෙලාවල් අත්දැකල තියෙනවද? ඒකට ප්‍රධානම හේතුව වැරදි විදිහට සුවඳ විලවුන් ගල්වන එකයි. Perfume එකක් අරගෙන හිතු මනාපෙට ඔහේ ඇඟ පුරාම ගෑව කියල නිවැරදි විදිහට ඒකෙ සුවඳ එන්නෙ නැහැ. perfume භාවිතයේදී හුඟක් අය කරන වැරද්දක් තමයි ඇඳුම් වලට උඩින් perfume ගාන එක. ඒක සම්පුර්ණයෙන්ම වැරදි ක්‍රමයක්. ඒ විදිහට ඇඳුම් වලට උඩින් perfume spray කළාම සුවඳ වැඩි වෙලාවක් පවතින්නෙ නැහැ වගේම ඇඳුම් උඩ හිටින පැල්ලම් වලින් කැත පෙනුමක් ඇති වෙන්නත් පුළුවන්. Perfume ආලේප කරන්න ඕන ඇඟේ pulse points වල. ඒ කිව්වේ නාඩි අහුවෙන තැන්වල. මැණික් කටුවේ ඇතුල් පැත්ත, කොලර් බෝන් එක, කන් පිටුපස, වැලමිට ඇතුල් පැත්ත වගේ තැන්වල. ඒ තැන්වල වැඩිපුර උෂ්ණත්වයක් රඳා පවතින නිසා සුවඳ වැඩි කරලා දැනෙනවා. කොණ්​ඩේ perfume ආලේප කරන එක වැරදිම පුරුද්දක්. සුවඳ රැඳෙන්නේ නැහැ වගේම ඒක කොණ්​ඩෙටත් හොඳම නැහැ. 

 

 

 

Perfume ආලේපයට කලින් වෙනදට පාවිච්චි කරලා පුරුදු හොඳ moisturizing cream වර්ගයක් හම මත ආලේප කරලා ඉන්න පුළුවන්නම් හොඳයි. මොකද වියලි හමට වඩා තෙතමනය සහිත හමක් මත සුවඳ රැඳිලා තියෙන හැකියාව වැඩියි. ඒ වගේම perfume ආලේප කළාට පස්සේ හම එකිනෙක මත අතුල්ලන එක වැරදි පුරුද්දක්. ඒ කිව්වේ මැණික් කටුව ළඟ perfume ගාල අත් දෙක එකට අතුල්ලමින් හෝ අනිත් අතින් ඒ හම මතුපිට පිරිමදින එක. ඒකෙන් වෙන්නෙ හමේ තියෙන ස්වභාවික තෙල් එක්ක මේ සුවඳ කලවම් වෙලා නියම සුවඳ අඩුවෙන එකයි.

 

 

 

ඇඟට ලං වෙන්නම බෝතලය අල්ලලා perfume හම තෙත් වෙන්නම ආලේප කරන එක තමයි හුඟක් අය කරන්නෙ. ඒක වැරදි ක්‍රමයක්. නිවැරදි විදිහට perfume ආලේප කරන්න ඕනේ මෙහෙමයි. ඇඟේ ඉඳලා සෙන්ටිමීටර 5ත් 7ත් අතරේ සාමාන්‍ය දුරකින් බෝතලය අල්ලලා perfume spray කරන එක තමයි නිවැරදිම ක්‍රමය. ඊට වඩා දුරක ඉඳන් ගැහුවත් වෙන්නෙ නිකන් perfume එක නාස්ති වෙන එකයි. ඇඟට spray බින්දු වශයෙන් perfume වැටෙන්නයි ඕන. ඒ වගේම අනවශ්‍ය විදිහට ලොකු ප්‍රමාණයක් spray කරන එකෙනුත් වෙන්නෙ මිනිස්සු අපහසුතාවයට පත් කරන තරම් අනවශ්‍ය සුවඳක් විහිදෙන එකයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here