Tips To Choose A Party Kit For Boys – Saru News Media

0
10

කොල්ලො ඉතින් ඇඳුම් තෝරන්න ගියාම මහ ලොකුවට හෙවිල්ලක් බැලිල්ලක් නෑ අතට අහුවෙන එක ගන්නවා කියලා තමයි කතාවට කියන්නෙනම්. ඒත් කතාවට එහෙම කිවුවත් කොල්ලො කෙල්ලො කවුරු උනත් ඇඳුම් පැළඳුම් සහ පෙනුම ගැන ටිකක් සැලකිලිමත් උනොත් හොඳයි. ඉතින් අද අපි මේ සූදානම් වෙන්නෙ කොල්ලෙක්ට පාටි කිට් එකක් තෝරගනිද්දි පාවිච්චි කරන්න පුලුවන් ටිප්ස් ටිකක් ඔබට කියන්න. කියවලා ඉවර වෙලා යාළුවො සෙට් එකට පේන්න SHARE කරන්නත් අමතක කරන්න එපා.

 

ගැළපෙනවද නැද්ද කියන එක අංක එක වෙනවා. සාමාන්‍යයෙන් Night Party එකක්නම් අඳින්න ඕන තද පාට ඇඳුමක්… Day Party එකක්නම් ලා පාට ඇඳුමක් කියලා මතයක් හැදිලා තියෙනවා. ඇත්තටම ඒකෙ වරදක් නෑ. ඒත් ඒ ක්‍රමයට ඇඳුම් තෝරනවට වඩා Party එකේ අරමුණ එක්ක යන විදිහට ඇඳුම තෝරනවනම් ඒක මරු.

 

ඒ වගේම තවත් හිතන්න ඕනෙ දෙයක් තමයි පාටියේදි පහසුවෙන් හැසිරිලා විනෝද වෙන්න තමන්ගෙ ඇඳුම බාධාවක් වෙනවද කියන එක. උදාහරණයකට හිතන්න ඔයා පාටියට යන්නෙ සරමක් ඇඳගෙනය කියලා. සරමක් ඇන්ද වෙලාවකට පාටියේදි ඩාන්ස් පාරක් එහෙම දාන්න උනොත් ඔයාට ඒ වැඩේට යන්න වෙන්නෙ ඔයාගෙ ෆෝන් එක, පර්ස් එක වගේ දේවල් පැත්තකින් තියලයි. ඒවා ඒ බඩු භාණ්ඩ වල ආරක්ෂාවට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි ටිකක් විතර පිස්සු කෙළින යාළුවෝ සෙට් ඉන්න පාටි වලට ඉක්මනින් නාස්ති වෙන්න පුළුවන් වටිනා ඇඳුම් ඇඳීමෙන් පරිස්සම් වෙන එක ගැනත් හිතන්න.

 

තමන් තමන් ම විය යුතුයි. කාගෙවත් ඇඳුම් වල පාට, හැඩය ගැන හිතලා ඇඳුම තෝරගන්න යන්න එපා. ඒක පස්සෙ ඔබට පශ්චාත්තාපයක් ගේන්න පුලුවන්. ඒ හන්දා ඔබට පහසු, ඔබේ ක්‍රමයට ගැළපෙන ඇඳුමක් තෝරගන්න.

 

පාට තෝරගනිද්දිත් අර උඩදී කිවුවා වගේ ඔබ යන්න ඉන්න සාදයේ අරමුණ ගැනත් ටිකක් හිතන්න. උදාහරණෙකට ගත්තොත් නත්තල් සාදයකට යද්දී අපි මුල් තැන දෙන්නෙ රතු පාටට නේ. අන්න ඒ විදිහට අරමුණට වර්ණ ගලපන්න.

ඒ වගේම ඔබට ගැළපෙන පාටකට යන්න.
– ඔබේ හමේ පාට අඳුරට හුරුනම් අඳුරුත් නැති එළියත් නැති මැද පාටකින් ඇඳුම තෝරගන්න.
– ඔබ සුදුනම් අඳුරු පාට වලට ගියොත් ඔබව හොඳට කැපිලා පෙනේවි.
– තලෙළු අයටනම් ඉතින් පාට මහ ලොකුවට බලපාන එකක් නෑ. ඒත් ඒ අය ඇඳුම් තෝරාගැනීමේදී පරිස්සම් විය යුතු සමහර වර්ණ තියනවා.

 

ඇඳුම කියද්දී ඉතින් ඒත් එක්කම ඒ වෙනුවෙන් පැළඳුමක් කරනවනම් ඒ ඔක්කොම ගැන හිතන්න ඕන. රාත්‍රී සාදයකට අඳින තද පාට ඇඳුමකට නම් හරියන්නෙ අඳුරට හුරු ඒත් ටිකක් ආලෝකමත් වර්ණ වලින් යුතු පැළඳුම්. උදාහරණයකට කලු ශර්ට් එකක් එක්ක හරියන්නෙ අඳුරට හුරු තද නිල් වගේ පාටක ටයි එකක්.

ලා වර්ණයක් එක්ක හරියන්නේ නම් ටිකක් තද වර්ණයක පැළඳුම්. උදාහරණයක් දුන්නොත් සුදු වගේ වර්ණයක් එක්ක යන්නේ තද නිල් පාට වගේ ටයි එකක්.

ඇඳුමෙන් ඇඳුමට අත් ඔරලෝසු ගන්න බැරි හන්දා කලු හෝ රිදී පැහැති හැම ඇඳුමටම ගැළපෙන අත් ඔරලෝසුවක් අරන් තියාගත්තනම් හොඳයි.

තද කලු පාට වගේ සපත්තු කූට්ටමක් උනත් ඕනම ඇඳුමකටම ගැළපේවි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here