නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ 22ක් අත්අඩංගුවට – Saru News Media උණුසුම් පුවත්

0
9

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් විසි දෙදෙනෙකු ධීවර ආම්පන්න තොගයක් ද සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය නගර් කෝවිල් හා කුඩාරප්පු ප්‍රදේශයන්හි මෙන්ම ත්‍රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුම්වලදී මෙම ධීවරයින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටි මෙම පිරිස ඩිංගි යාත්‍රා 7ක් හා මුහුදු කූඩැල්ලන් 400ක තොගයක් ද සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හා යාත්‍රා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට හා ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here