විශ්මිත පෙනුමකට අයි මේකප් ක්‍රම – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
50

මුහුණේ ඇති වඩාත් හොඳින් හැඟීම් ප්‍රකාශිත අවයවය වන්නේ දෑසයි. එපමණක් ද නොවේ, මුහුණේ ලස්සනට ද වැඩි වශයෙන් දෑස උරුමකම් කියයි.

එවන් වූ දෑසක් මුහුණ මේක්අප් කිරීමේ දී අපට කෙසේවත් සුළුවෙන් තැකිය නොහැකිය. එහෙම නම් අද අපි දෑස මේක්අප් කරන්නේ කෙසේදැයි දැන ගනිමු.

දෑස මේක්අප් කිරීමට ප්‍රථම අයි බේස් එකක් ගෙන ඇසේ උඩු පියන අසල සිට අයි බ්‍රෝ දක්වා ඇති ඉඩ කොටස පුරාම එය තැවරිය යුතුය. මේ සඳහා ඔබට ඇඟිල්ල හෝ අයි බ්‍රෂ් එකක් භාවිත කළ හැකිය. පසුව ඇසේ ඉතිරි මේකප් සියල්ලම තැවරිය යුතු වන්නේ මෙම පසුබිමේ ය.

අයිෂැඩෝ

අයිෂැඩෝ තැවරීමේ දී ළා පැහැති වර්ණ, මධ්‍යස්ථ වර්ණ සහ තද පැහැති වර්ණ තෝරා ගැනීම සාමාන්‍යයෙන් සිදු කෙරෙයි. මේවා ආලේප කළ යුතු නිසි ස්ථාන පිළිබඳ ද ඔබට අවබෝධයක් තිබිය යුතුය. දෑසට අලංකාර පසුබිමක් නිර්මාණය කිරීමට මෙන්ම දෙනෙතට ගැඹුරක් එක් කිරීමට අයි ෂැඩෝ භාවිත කරයි.

මෙම වර්ණ ඇඳුමට ගැළපෙන වර්ණවලින් හෝ එයට ප්‍රතිවිරුද්ධ වර්ණවලින් තෝරාගෙන ආලේප කළ යුතු වේ. මෙම අයි ෂැඩෝ ගැල්වීමේ දී ඇසේ වර්ණය ගැන ද සැලකිලිමත් වීම විය යුතුය.

අද වන විට අයි ෂැඩෝ වර්ග විවිධාකාර වර්ගවලින් සාදා ඇති අතර මැට් වර්ණ , මුතු වර්ණ, ග්ලිටර් වර්ණ , ග්ලොසි වර්ණ ආදී ප්‍රභේද රැසක් ද වේ. අප යන උත්සවයේ ස්වභාව හා එය පැවැත්වෙන වේලාව අනුව (උදේ, දහවල්්, සවස, රාත්‍රී) මෙම වර්ණ ඉතා කල්පනාකාරීව තෝරා ගත යුතුය. අයිෂැඩෝ තනි වර්ණයක් යොදා ගන්නවාට වඩා වර්ණ කිහිපයක් භාවිත කිරීමෙන් වඩා හොඳ මේක්අප් එකක් කිරීමට ඔබට හැකියාව ලැබේ.

 

 

සාමාන්‍යයෙන් අයිෂැඩෝ කිරීමේ දී හයිලයිට් කිරීමට ගන්නා ළා වර්ණ ඇස් පියනේ මැදට සහ අයි බ්‍රෝ පිට කෙලවරේ සහ අයි බ්‍රෝ බෝන් එක ප්‍රදේශයේ ආලේප කරන අතර මධ්‍යස්ථ වර්ණ ඇස් පියනේ ඇතුළත කෙළවරේ ආලේප කළ යුතුය.

තද වර්ණයෙන් අයිෂැඩෝ කළ යුත්තේ ඇස් පියනේ පිටත කෙළවරයි. මෙය අයිෂැඩෝ වර්ණ ගැන්වීමේ දී සිදු කරන සාමාන්‍ය ක්‍රමයයි.

එහෙත් විවිධ ඇස්වල හැඩයන් මේකප් කිරීමේ දී මේ ක්‍රමයන් වෙනස්කර ඇස් අලංකාර කිරීමට අවශ්‍ය ශිල්පීය ක්‍රම සහ අත්දැකීම් භාවිත කළ යුතු වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here