G 7 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන්න බයිඩන් තීරණය කරයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
327

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද (දිනයේ ජී 07 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඉරානය විසින් සිදුකළ නිර්ලජ්ජිත ප්‍රහාරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලය සමග සමීපව කටයුතු කරන අතර එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන මාර්ගය ඔස්සේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තමා සාකච්ඡා කළ බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඉරානය විසින් ඊයේ (13) දිනයේ දී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ අතර ඩ්‍රෝන යනා රැසක් විනාශ කිරීමට පියවර ගත් බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ කර නොමැති බව සඳහන් වෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here