රුසියාවට අයත් භූමි ප්‍රදේශයකට යුක්‍රේන හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් 16 දෙනෙකු මිය යයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
22

යුක්‍රේන හමුදාව විසින්  රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයකට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයක් වන දකුණු Zaporizhzhia හි Tokmak නම් ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ලවී තිබුණා.

රුසියාවට අයත් මෙම භූමි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් ෂෙල් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 12 දෙනෙකුගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here