රුව රැකදෙන පොල් කිරි – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
47

පොල් කිරි වල ඇති ඖෂධීය ගුණය කුඩා දරුවන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය සහ රූපලාවන්‍ය කටයුතු සඳහා පොල් යොදා ගන්නා ආකාරය මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. පොල්තෙල් වල අඩංගු සංතෘප්ත මේද අම්ල බොහෝවිට මව්කිරිවල පවතින අම්ල වලට බොහො‍් සෙයින් සමාන වේ. එසේම පොල් කිරි, පොග්තෙල් පහසුවෙන් මළපහ පිටකරන හොඳ විරේචනයකි. පොල්තෙල් වල කිරි වල දිලීර නාශක ගුණය, බැක්ටීරියා නාෂක ගුණය අඩංගු වේ. මෛගින් ශරීර ශක්තිය වර්ධනය කෙරේ.

එසේ ම මෙහි ඇති ‍ඖෂධීය ගුණ නිසා කුඩා දරුවන්ගේ ශරීරයේ ආලේප කිරිමට සුදුසු වේ. පොල් කිරි ස්වාභාවික මොයිස්චරයක් ලෙසින් පාවිච්චියට ගැනීමට හැකිවීම එයට හේතුව වේ. එසේම පොල් කිරි මුහුණ පිරිසිදු කරන හොඳ ක්ලෙන්සර් එකකි. වතුර දමා මුහුණ සේදූ විට වතුරේ දිය නොවන විෂබීජ පොල් කිරි මගින් හොඳින් ඉවත් වේ. එමගින් මුහුණට ඉතා හොඳ පැහැයක් , පෝෂණයක් විටමින් E අතින් පොහොසත් නිසා සමේ පැහැපත් බවද ලබා දේ. නිවසේ සකසන අත්තෙල් සාමාන්‍ය පොල් තෙල් වලට වඩා ඉතා ගුණදායකයි. ඈත අතීතයේ පටන්ම හිසට යොදාගෙන ඇත්තේ එම තෙල්ය. මේ නිසා පොල් තෙල් සහ පොල් කිරි හිසට ගුණදායකයි. හිස් හොරි වළකයි. අමු පොල් කිරි හිසකෙස් වල දුර්වරණ ගතිය නැති කරයි. එම නිසා පොල් තෙල් සහ පොල් කිරි යොදා හිසේ සහ සමේ නිරෝගි බව ආරක්ෂා කිරීමට යොදාගත හැකි ස්වාභාවික ඖෂධයක් දෙස හැඳින්විය හැක. මෙහි විෂබීජ නාෂක ගුණය ඉතා ඉහළය. මෙහි ස්වාභාවික ඇසීන් අඩංගු ය.

මුහුණ පැහැලත් කර ගැනීම සඳහා පොල් කිරි, මී පැණි, මුං ඇට හෝ කඩල පිටි තේ හැඳි 1 බැගින් ගෙන (වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය නම් අනුපාත ක්‍රමය වැඩා කර ගන්න) මිශ්‍ර කර විනාඩි 30 ක් තබා මද උණුසුම් වතුරෙන් සෝදන්න .

අකලට හිසකෙස් පැසීම වලක්වා ගැනීම සඳහා දෙහි යුෂ තේ හැඳි ¼ ක්, යෝගට් තේ හැඳි 2 ක් , පෝල් කිරි තේ හැඳි 2 ක් එකට මිශ්‍ර කර හිසේ ආලේප කරන්න. ඉන් පසු පැයක් පමණ තබා සෝදන්න.

හිස මසාජ් කිරීම නම් ගාගත් පොල් කෝප්පයකට වතුර කෝප්පයක් දමා රත් කර එහි වතුර පෙරා එම වතුර ගෙන අගපත මුහුණ මසාජ් කරන්න. පැයකට පමණ පසු මඳ උණුසුම් වතුරෙන් සෝදන්න. පොල් වලින් ලබා ගත හැකි රුව ගුණ නිවසේදී ඔබටත් අත්හදා බැලිය හැක.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here