ඉම්රාන් ඛාන්ට තවත් නඩුවක්.

0
8

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබීට එරෙහි ටොෂකානා නඩුව සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඒ, පකිස්තානයේ ජාතික වගවීමේ කාර්යාංශය විසින්.

රාවල්පිණ්ඩිහි එම කාර්යංශය විසින් Adiala බන්ධනාගාරයේ නියෝජ්‍ය අධිකාරීවරයා වෙත ලිපියක් යවා ඇති අතර, පරීක්ෂණය සඳහා සිරකරුවන් සහභාගී කරවන ලෙස එමගින් ඉල්ලා ඇතැයි සඳහන්.

ඉකුත් ජනවාරි 31 වන දින ටොෂකානා නඩුවේදී පකිස්තානයේ වගවීමේ උසාවියක් ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට වසර 14 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේදී විදෙස් රාජ්‍ය නායකයින්ගෙන් ලද ත්‍යාග නීතිවිරෝධී ලෙස භාවිත කිරිමට අදාලව ඔහුට සහ බිරිඳට එරෙහිව මෙම ටොෂකානා නඩුව පවරා තිබුණා.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here