මිනිසුන් වංචා කිරීමට පෙළබෙන්නේ ඇයි? – Saru News Media

0
20

අපි කවුරුවත් ආස නෑ කිසිම විදියකින් කිසිම කෙනෙක් අපිට වංචා කරනවට. 

මොකද කෙනෙකු අපිට වංචා කරා කියල දැනගත්තම දැනෙන හැඟීම හරිම වේදනාකාරී නිසා.

 හැබැයි එහෙමයි කියල මිනිස්සු අපිට වංචා නොකර ඉන්නෙත් නෑනෙ. 

ඉතින් කෙනෙක් අපිට වංචාවක් කරා කියන එකේ තේරුම මුලු ලෝකෙම විනාශ වුණා කියන එක නෙවෙයි. ජීවිතේ විනාශ වුණා කියන එක නෙවෙයි. 

1- වංචා කිරීම කොච්චර Common ද?

 අපි කියවන කතාන්දර, බලන චිත්‍රපටි, අහන සිංදුවලින් නම් අපිට හිතෙන්නෙ මේ ලෝකෙ වංචා කිරීම්වලින් පිරිලා කියල.

 මොකද ඒ තරම් බහුතරයක් නවකතා, චිත්‍රපට සහ ගීත වලට හේතුව, පදනම වෙලා තියෙන්නෙ රැවටීම එහෙම නැතිනම් වංචා කිරීම. 2021 අවුරුද්දෙ ඇමරිකාවෙ කරපු research එකකින් හොයාගෙන තියෙනව 21% ක් මිනිසුන් කියල තියෙනව එයාලා එයාලගෙ සහකරුවන්/සහකාරියන් නිසා වංචාවට ලක්වෙලා තියෙනව කියල. ඒ වගේම 55% ඉන්දියන් සහකරුවන් තමන් විවාහ කරගත්ත සහකරුවා/සහකාරියට වංචා කරල තියෙන බවත් මේ ඔස්සේ හොයාගෙන තියෙනවා.

2- රැවටීම හෝ වංචා කිරීමට හේතුවන කරුණු මොනවද?

 හැම සබඳතාවයක්ම හරිම unique. එකිනෙකට වෙනස් උනත් හැම සබඳතාවයකටම වැදගත්කමක්, අගයක් තියෙනවා. ඒත් ඇත්තටම ඇයි මිනිස්සු තව කෙනෙක්ව රවට්ටන්නෙ?

 2021 අවුරුද්දෙ පුද්ගලයන් 495ක් යොදාගෙන කරපු පර්‍යේශනයක් ඔස්සේ මේ කෙනෙක්ව රවට්ටන්න, කෙනෙක්ට වංචා කරන්න අපිට තියෙන හේතු සාදක මොනවද කියල හොයාගෙන තියෙනවා. මෙතනදි මේ පර්‍යේශනයට එකතු වුණ මිනිස්සු සහකරුවව රැවටීමට හේතු විදියට දක්වල තියෙන්නෙ, කෝපය ආදරය අඩුකම කැපවීම අඩුවීම වෙනසක්, විවිදත්වයක් උවමනා වීම ලිංගිකත්වයට ආශා කිරිම සහකරුවාව ගණන් නොගැනීම කියන දේවල්. ඒ වගේම මේ පර්‍යේශනයෙදි සහභාගි වුණ පිරිසෙන් තුනෙන් එකක් වගේ ප්‍රමාණයක් තමයි පිලිඅරගෙන තියෙන්නෙ තමන් තමන්ගෙ සහකරුවව රවට්ටල්ල තියෙනව, එයාට වංචා කරල තියෙනව කියන එක. එතනිනුත් වැඩිහරියක් අය කාන්තාවො.

3- එකපාරක් රවට්ටපු කෙනෙක් තව පාරක් රවට්ටන්න ඉඩ තියෙනවද?

කතාවක් තියෙනවනෙ ඉස්සර කාලෙ ඉඳල එන Once a cheater, always a cheater කියලා. මේ ගැන කරපු අද්‍යයනයකින් හෙළිවෙලා තියෙනව මෙන්න මෙහෙම කාරණාවක්.

 “සබඳතාවයක් ඇතුලෙ තමන්ගෙ සහකරුවා හැර වෙන කෙනෙක් හෝ කීපදෙනෙක් එක්ක ලිංගිකව හැසිරිලා තියෙන පුද්ගලයෙක් ආයෙත් අලුතෙන් ඇතිවන සබඳතාවයකදි ආයෙම වතාවක් ඒ සහකරුවාවත් රවට්ටන්න ඉතාම ලොකු ඉඩක් තියෙන බව” අපි කියනවනෙ කට කතාවට කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නෑ කියල. ඉතින් සබඳතාවයක් ඇතුලෙ උනත් Once a cheater, always a cheater වෙන්න ඉඩක් තියෙනව කියල අමතක කරන්න එපා. 

 4- ඔයාට හිතෙනවනම් එයාව රවට්ටන්න ඕන කියල? ඒකට මොකද කරන්නෙ? 

සබඳතා සහ ලිංගිකත්වය පිළිබඳ විශේෂඥ එස්තර් පෙරෙල් එයාගෙ podcast එකේදි මේ ටොපික් එක ගැන ගොඩක් කතාබස් කරනවා. 

 ඒ podcast එක ඔස්සේ ඇය තම සහකරුට වංචා කිරීමේ සිතුවිල්ල ගැන, එය ඇතිවෙන්න බලපාන හේතු ගැන වඩා පැහැදිලි විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කරනවා. සමහර වෙලාවට අපිට කෙනෙක්ව රවට්ටන්න, වංචා කරන්න හිතෙන්නෙ අපේ මනස ඇතුලෙ තියෙන හැඟීම් සහ සිතුවිලි වල තියෙන විවිද සංකූලතා නිසා බව තමයි ඇය වඩාත් පැහැදිලි කරන්නෙ. ඒ වගේම අතීතයේ සබඳතාවයකදි කෙනෙකු අපිව රවට්ටල තියෙනම් එයාගෙන් පලිගන්න අපි වෙනම කෙනෙක්ට රිදවන්න පුලුවන්. ඒ වගේම කෙනෙක් එක්ක සබඳතාවයක ඉද්දි තවත් කෙනෙක් ගැන සිතුවිල්ලක් ඇති වීම සහ එය පාලනය කරගන්න බැරි වීම හෝ සත්‍ය ප්‍රකාශ කරන්න ඇති මැලිකමත් මේකට හේතුවක් වෙනවා. 

5-රැවටීමට, වංචාවකට ලක්වුණාම මම කොහොමද හැසිරෙන්න ඕන? 

ඔයත් ඔයාගෙ සහකරුවා නිසා රැවටීමට හෝ වංචාවට ලක්වෙලා තියෙනම් ඔයා එතනදි React කරන්න ඕන මොන විදියටද කියන එක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම එහෙම තැනකදි අපේ හැසිරීම මොන වගේ වෙන්න ඕනද? 

 අපි ආදරේ කරන කෙනා, අපි විශ්වාස කරපු කෙනා අපිව රැවැට්ටුව කියල දැනගත්තම හිතට දැනෙන වේදනාව ගැන කියන්න වචන නෑ. ඒක දරාගන්න අමාරු හැඟීමක්. මෙතනදි දැනෙන හැඟීම් අපිට හොඳ හෝ නරක කියල වර්ග කරන්න ඇත්තටම බැහැ. මෙතනදි හොඳිනම් මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙහෙම දෙයක් වුණ පලවෙනි කෙනා ඔයා නෙවෙයි. ඕනතරම් රැවටීමට වංචාවට ලක්වෙච්ච මිනිස්සු ඉන්නව ජීවිතේ විනාශ කරගන්නෙ නැතුව ලස්සනට moveon වුණ. 

ඉතින් ඔයාටත් අද කොච්චර රැවටීමකට ලක්වුණත් ඔයාගෙ ජීවිතේ ලස්සනට ඉස්සරහට ගෙනියන්න ඒ රැවටීම සහ එතනින් ඉගෙන ගත්ත දේ උපකාර කරගන්න පුලුවන්.

 ආදරය සහ ද්‍රෝහිකම පිළිබඳ 2023 අවුරුද්දෙදි කරපු අධ්‍යයනයක දී පර්යේෂකයන් ප්‍රකාශ කළේ ද්‍රෝහිකම මත පදනම් වූ කම්පනය “අතිශය කෝපය, පාවාදීම, අනාරක්ෂිත බව, ලැජ්ජාව, වරදකාරිත්වය, ඊර්ෂ්‍යාව සහ දුක වැනි හැඟීම්” ඇති කරන්න හේතුවක් වෙන බව. 

 ඒත් ඒ හැමදෙයක් අවසානයේම ඔයාට ඒ දුකෙන් මිදෙන්න, වේදනාව අවම කරගෙන ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඔයාට පුලුවන්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපිට කෙනෙක්ව රවට්ටන්න හිතෙන්නෙ එක සබඳතාවයක ඉන්න අතරෙම තව කෙනෙකු ගැන හැඟීමක් ඇතිවෙන එකෙන් නෙ. ඉතින් එහෙම වෙලාවක හිතල බලන්න ආදරේ කරන කෙනෙක්, විශ්වාස කරපු කෙනෙක් අපිව රැවැට්ටුව කියල දැනගත්තම දැනෙන වේදනාව කොච්චරද කියල?

 ඉතින් ඔයා තව කෙනෙක්ට ඒ වේදනාව දෙන්න හිතනවනම් ඒක කොච්චර වරදක්ද කියල දෙපාරක් හිතන්න එපා. ඒ වගේම අමතක කරන්න එපා සමහරවෙලාවට කොච්චර හොඳ සබඳතාවයක හිටියත් වෙන කෙනෙක් ගැන සිතුවිල්ලක් ඇති උනොත් ඒ ගැන අවංකව ඔයාගෙ සහකරුවා එක්ක කතා කරන්න.එයාව රැවටීමට වඩා එයා එක්ක ඒ ගැන Effectively communicate කරන එක වඩා හොඳ විදියට ඒ ප්‍රශ්නෙ දිහා බලන්න ඔයාට උපකාරයක් වෙයි!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here