අතීත ලෝකයේ මිනිස්සුන්ට වද දෙන්නට භාවිතා වුණු, කෘෘර වධ උපකරණ මේවා තමයි! – Saru News Media

0
16

සාමාන්‍යයෙන් කෲරත්වය කියන එක මිනිසාට තියෙන දෙයක්. ඒකට කාලයක් කියලා දේකුත් නැහැ. ඒ කියන්නේ මිනිස් කෲරත්වය මේ කාලෙත් දකින්න පුළුවන් ඉස්සර කාලේ දකින්න තිබුණා. දැන් කාලෙ නම්, රාජ්‍ය අනුග්‍රහය යටතේ, මිනිස්සුන්ට කෲර වධහිංසා වධහිංසා පැමිණවීම් දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. එහෙම දේවල් සිද්ධ සිද්ද නොවෙන්න විවිධ සම්මුති, එකඟතාවයන්, නීති රීති ලෝකයේ ඇතිවෙලා තියෙනවා. හැබැයි ඉස්සර කාලේ එහෙම නෑ. ඉස්සර රජවරුන් අධිරාජවරුන් තමන්ගේ යටත් වැසියන්ව පාලනය කරපු කාලෙ, වැරදි කරපු අයට වගේම, තමන්ගෙ විරුද්ධවාදීන්ටත් දඬුවම් දෙන්න බොහොම කෲර ක්‍රම හොයාගෙන තිබුණා.

උදාහරණ විදියට කියනවා නම්, මධ්‍යකාලීන යුගයේ තිබුණු වග ක්‍රමයක් තමයි, කෙනෙක්ව පණපිටින් හම ගැසීම. සමහර වෙලාවට හම ගහන්න ලේසි වෙන්න මනුස්සයාව උණු වතුරේ තම්බන භාවිතාවකුත් තිබුණා කියලා ඉතිහාසඥයෝ කියනවා. මේ වගේ වද ක්‍රමයක් කොයි තරම් කෲර අමනුෂ්‍ය දෙයක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඒ වගේම ඉතිහාසයේ සඳහන් වෙන තවත් වදයක් තමයි, කෙනෙක්ව බැඳලා, එයාගේ කට බලයෙන් ඇරලා, උණු කරපු රත්තරන් වක්කරන එක. මේක රෝමන්වරු වගේම ස්පාඤ්ඤ ආක්‍රමණිකයෝත් කළා කියලා කියනවා.

ඉතින් මේ වද ක්‍රම වගේම, අතීතයේ මිනිසුන්ට මිනිස්සුන්ට වද දෙන්න උපකරණත් නිර්මාණය වෙලා තිබුණා. අපි කතා කරන්න යන්නේ ඒ විදියේ අතීතයේ වද දෙන්න භාවිතා වුණු වද උපකරණ කිහිපයක් ගැන.

Most painful torture devices in history

මේ හඳුන්වන්නේ අතීත ග්‍රීසියේ භාවිතා වුණු වද උපකරණයක් ගැන. මේක හරකෙක්ගේ හැඩයට තඹ වලින් හදපු මැද හිස් උපකරණයක්. තඹ හරකෙක් කියමු. කතාන්දරවල හැටියට මේ වද උපකරණය භාවිතා කරලා තියෙන්නේ ක්‍රි.පූ 6 වන සියවසේ සිසිලියේ හිටපු පාලකයෙක් වෙන phalaris විසින්.

දැන් කෙනෙක්ව වධ බන්ධනයට ලක් කරන්න ඕන නම්, ඒ කෙනාව මේ තඹ හරකගෙ ඇතුලට දානවා. මිනිහෙක්ව දාලා තියන්න ඕන තරම් ඉඩක් තියෙනවා මේ තඹ හරකගෙ ඇතුලේ. ඊට පස්සේ තඹ හරකගෙ බඩ යටින් ගිනි දල්වනවා. එතකොට ක්‍රමයෙන් තඹ හරකා උණුසුම් වෙනවා. එතකොට හිතාගන්න පුළුවන් නේද ඇතුලේ ඉන්න මනුස්සයට වෙන දේ. රෝස්ට් වෙලා තමයි මැරෙන්නේ. ඒ ඇරෙන්න මේ තඹ හරකගෙ ඇතුලේ, ශබ්ද යාන්ත්‍රණයක් තිබිලා තියෙනවා. ඒක නිසා, ඇතුලේ ඉන්න මනුස්සයා වද වේදනාවෙන් කෑගහනකොට, ඒ කෑගහන ශබ්දය එලියට ඇහෙන්නෙ හරකෙක් තප්පුලනවා වගේලු.

Most painful torture devices in history

මේක හදලා තියෙන්නෙ අතීත ග්‍රීසියේ. ස්පාර්ටා වල රජ කරපු Nabis කියන රජු තමයි මේ උපකරණයට වගකියන්න ඕන. මේක භාවිතා කරලා තියෙන්නේ, බදු සල්ලි ලබා දෙන්න ලබාදෙන්න කැමැත්තක් නොදක්වන ස්පාර්ටා පුරවැසියන්ගෙන් සල්ලි එකතු කරන්න ලු. මේක හදලා තියෙන්නේ මේ රජ්ජුරුවන්ගේ බිසව වුණු Apega වගේ හිටින්න ලු.

වෙන්නේ මෙහෙමයි. මේ කාන්තාවකගේ හැඩය තියෙන යාන්ත්‍රික රොබෝට කාන්තා ඇඳුම් අන්දලා තියෙන්නේ. බදු ගෙවන්න කැමති නැති පුරවැසියෙක්ට රජ්ජුරුවෝ ආරාධනා කරනවා ලු තමන්ගේ බිසව වැළඳ ගන්න කියලා. ඉතින් ඒ පුරවැසියා මේ යාන්ත්‍රික බිසව වැළඳ ගත්ත ගමන්, ඒකේ අත් වලින් ඒ කෙනාව හිර කර ගන්නවා. මේ යාන්ත්‍රික රොබෝගේ ඇඟේ උඩ කොටසේ හයි කරලා තියන ඇණ, එතකොට මේ වැලඳගෙන ඉන්න අවාසනාවන්තයා ගේ ඇඟ මිරිකලා අඹරලා විනාශ කරන්න තරම් බලවත් ලු.

Most painful torture devices in history

ඉතාමත් ඈත අතීතයේ ඉඳන්ම භාවිතා වුණා කියන මේ වද උපකාරණය, ටවර් ඔෆ් ලන්ඩන් සිර මැදිරි වලත් භාවිතා උනාලු සිරකරුවන්ට වද දෙන්න. විශේෂයෙන්ම සැකකරුවන්ගෙන් පාපොච්චාරණයක් ගන්න, සහ ඒ අපරාධ වලට හවුල් වුණු අනෙක් අය කවුද කියල දැනගන්න, ඒ කියන්නේ සිරකරුවන්ගේ කට අරවන වධ බන්ධන ක්‍රමයක් විදිහටත් මේක භාවිතා උනාලු.

මේ වද උපකරණය වැඩ කරන්නේ මෙහෙමයි. වද බන්ධනයට ලක් කරන්නට ඕන කෙනාව මේ ඇඳ වගේ උපකරණයේ බාවලා, එයාගෙ අත් පා මේකේ තියන රෝලර්ස් වලට සම්බන්ධ කරනවා. දැන් හෙලවෙන්නවත් බැරිව ඉන්න මනුස්සයාව මේ උපකරණයේ තියෙන රෝලර්ස් වලට තදින් සවි වෙලා තියෙන්නෙ. මේකෙ තියෙන කප්පි සහ ලීවර් පද්ධතිය කරකැවීම මගින්, මේ වධයට ලක්කරන මේ උපකරණයේ බාවලා ඉන්න මනුස්සයා ගේ අත් පා සහ සන්ධි, හැදෙනකම් ආතතියක් ඇති කරන්නට පුළුවන්. මෙහෙම අවශ්‍ය විදිහට මේ මනුස්සයාගේ ශරීරයේ අත් පා සන්ධි අදින කොට, මාංශ පේශි ඉරී යනවා. අත් පා සන්ධි වලින් පනිනවා. සමහර වෙලාවට අත් පය වෙන් වෙන්නම ඇදෙනවා, අත පය වෙන් වෙනවා කියලා තමයි කියන්නේ.

Most painful torture devices in history

මේකත්, ටවර් ඔෆ් ලන්ඩන් සිර මැදිරිවල වද දෙන්න භාවිතා වූ උපකරණයක් කියලා තමයි කියන්නේ. එංගලන්තයේ හත් වෙනි හෙන්රි රජුගේ කාලයේ, ඒ කියන්නේ 1509-1547 අතර කාලයේ වගේ තමයි මේ වද උපකරණය නිර්මාණය වෙලා තියෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here