අධිවේගයේ කඩවත මීරිගම කොටසක් කඩාවැටීම ගැන හොයන්න කණ්ඩායම් 2ක් – Saru News Media දේශීය පුවත්

0
7

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත මීරිගම කොටසේ කොන්ක්‍රීට් කදම්භයක් කඩාවැටීම පිළිබඳ පරීක්ෂණ පැවැත්විමට විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා.

සෙසු කොන්ක්‍රීට් කදම්භවල තත්ත්වය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙම පරීක්ෂණ කණ්ඩායමට පවරා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

2021 වසරේ නොවැම්බර් මාසයේ දී මෙම කොන්ක්‍රීට් කදම්භය කොන්ක්‍රීට් කණු මත ස්ථානගත කළ ද ඉතිරිව ඇති කොටස නිම කිරීමට නොහැකි වී තිබෙනවා.

කොන්ක්‍රීට් කදම්භවල ආරක්ෂාව සදහා රබර් බෙයාරීන් පෑඩ් මත ස්ථානගත කිරීම සිදුකෙරෙන අතර නිරීක්ෂණය වී ඇත්තේ මෙම බාල්කය එම රබර් බෙයාරීන් වලින් ඉවත්ව කඩා වැටී ඇති බවයි.

ඒ හේතුවෙන් තවත් බාල්ක දෙකකට ද හානි සිදුව තිබෙනවා.

මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් දැනට සිදුවන බැවින් කොන්ත්‍රාත්කරුවන් මූල්‍ය පාඩුව දරාගනු ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here