අනුර සජිත්ගෙන් 20ට පෙර දිනයක් ඉල්ලයි

0
12

විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ  (01) මැයි රැලිය අමතමින් සමගි ජන බලවේගයට පැවසීය.

ඔහු සඳහන් කළේ මෙම මැයි රැලිය දූෂිත පාලකයන් යටතේ ජාතික ජන බලවේගය පවත්වන අවසන් මැයි රැලිය බවයි.

“මේ රට විනාශයට පත්කරන ලද අපරාධකරුවන් යටතේ පවත්වනු ලබන අවසන් මැයි රැලිය තමයි ජාතික ජන බලවේගය අද මේ පවත්වන්නේ.”

“අර සජබෙ ඇඬියාව…මළ කරදරයක් නේ. විවාදයකට එන්නලු. අපි දින 4ක් දුන්නා. දින 4ම එයාට වැඩ ලු. රෑත් වැඩ. ඊට පස්සේ අපි කිව්වා මැයි 20ට කලින් අපිට දිනයක් දෙන්න කියලා. ඒ ඕන දිනයකට අපි ලෑස්තියි. මොකද මේ ඇඬියාව ඉවර කරන්න ඕනේ.” 

“මොනරාගල පැත්තේ ගිහින් ශිෂ්‍යත්වේ ළමයි එකතු කරගෙන මම බය නැහැ විවාදෙට. නිවටයෝ වගේ පැනලා යන්නේ නැහැ….කියනවා.”

“බය වැඩිම හාදයා තමයි සොහොන ගාවින් හූ කියාගෙන යන්නේ.” 

මිනීමරුවන්ට, ළමා අපචාරකයින්ට, ස්ත්‍රී දූෂකයින්ට තම රජයක් යටතේ ජනාධිපති සමාවක් කිසිසේත් නොදෙන බවද අනුර කුමාර දිසානායක මෙම මැයි දින රැලියේදී අවධාරණය කළේය.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here