අපිව අහු කරගන්න හදලා තියෙන එක එක විදියේ ඇඩ්වර්ටයිසින් ට්‍රික්ස්! – Saru News Media

0
10

දැන් ඔය වෙළඳ ප්‍රචාරණය තියෙන්නේ. ඒ කියන්නේ අපි ටීවී එකේ දකින, පත්තර වල දකින, ඉන්ටර්නෙට් එකේ දකින, රේඩියෝ එකේ අහන ඇඩ්, අපි කඩේකට ගියහම ප්‍රොමෝෂන් කියලා ගන්න තියෙන එක එක දේවල් ඇතුළු අපිව මොනවා හරි බඩුවක් හරි සේවාවක් හරි ගන්න පොළඹවන හැම මගුලක්ම වගේ වෙළඳ ප්‍රචාරණය තමයි. හැබැයි ඔය වෙළඳ ප්‍රචාරණය කියන එක සමස්තයක් විදියට ගත්තහම නරක නැහැ. දැන් අපිට ටීවී එකක් ගන්න ඕන වුනහම, අපි ඇඩ්ස් බලලා අපිට හොඳම ටීවී එක මොකද්ද කියලා තෝරගෙන ගිහිල්ලා ගන්නෙ නැද්ද? එතකොට ඇඩ් එකකින් මොනවා හරි බඩුවක් ගැන දැනගෙන ගිහින් අරගෙන නැද්ද? අන්න ඒ නිසා අපි වෙළඳ ප්‍රචාරණය නරකයි කියන්නේ නෑ. හැබැයි ඔය වෙළඳ ප්‍රචාරණය නිසාම අපි අනවශ්‍ය විදියට අහුවෙන තැනුන් තියෙනවා. ආන්න එතනදී වෙළඳ ප්‍රචාරණය නරක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම අපි අහුවෙන්නේ මොන වගේ තැන්වලදීද කියලා දැනගෙන හිටියම කිසිම ගැටළුවක් නෑ. රැවුලත් බේරගෙන කැඳ ටිකත් බොන්න පුළුවන් ආන්න එතකොට. ඉතින් එහෙම ඇඩ්වර්ටයිසින් කාරයන්ගෙන් කණෙනුත් රිංගලා, ඇඩ්වර්ටයිසින් වලින් තමන්ට ඕන දේවල් ටික ගන්න ඩයල් එකක් වෙන්න පුළුවන්, මෙන්න මේ අපිව අහු කරගන්න වෙළඳ ප්‍රචාරණ උපක්‍රම අඳුනගත්තොත්. ආන්න ඒකට තමයි මේ ආටිකල් එක තියෙන්නේ!

 

මෙන්න මේක බොහොම ජනප්‍රිය උපක්‍රමයක්. පිටකොටුවේ තට්ටුවේ තියාගෙන රෙදි විකුණන අයියලාගේ ඉඳන්, ඔන්ලයින් ස්පෙෂල් ඩිස්කවුන්ට් දෙන්න කතාකරන කොම්පැණි දක්වා මේ ක්‍රමේ අනුගමනය කරනවා. ක්‍රමේ තමයි අදාළ භාණ්ඩය හෝ සේවාව ඉවර වෙන්න ලඟයි කියලා පෙන්නන එක. දැන් නිකම්ම ඩිස්කවුන්ට් එකකට දෙයක් දෙනවට වඩා, ඩිස්කවුන්ට් එක තව පැය හතරයි වලංගු වෙන්නේ කියලා දෙනකොට වැඩි දෙනෙක් ගන්න පෙළඹෙනවා. ඔය ඩේලි ඩීල් සයිට් වලත් ඩීල් එක සීමිත කාලයක් තියෙන්නේ කියලා පෙන්නන්නේ ඔය ලොජික් එක උඩ තමයි. හැබැයි ඉතින් ඒ දවස් දෙකෙන් ඉවර වෙනවා කියන ඩීල් එක තව දවස් තුනකට පස්සේ ඔන්න ආයෙමත් දවස් දෙකයි, තොග ඉවර වෙන්න ලඟයි කියලා පෙන්නනවා!

 

දැන් කාලේ ඔය පොත් පත් එහෙම විකුණන කොට ප්‍රකාශකයෝ කරන වැඩක් තමයි පොතෙන් මෙච්චර පිටපත් ප්‍රමාණයක් විකුණුනා, පොතේ දහවෙනි මුද්‍රණයත් ඉවරයි වගේ වචන දාන එක. ඔතන තියෙන්නෙත් පොඩි මයින්ඩ් ට්‍රික් එකක්. අපි පිටපත් දහදාහක් විකිනුණු පොතක් කිව්වහම හිතනවා අනිවා පොත හොඳ ඇති කියලා. එහෙම හිතලා දහදාස් එක් වෙනි කොපිය ඔන්න දුවලා ගිහිල්ලා ගන්නවා. ඇත්තටම හොඳ පොතක් නම් සිටි සිටි ගාලා විකිණෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර ප්‍රකාශකයෝ අච්චර විකිණුනා, මෙච්චර විකිණුනා කියලා බොරු ගණන් දාන එක. හැබැයි පොත් විතරක් නෙවෙයි, ඔය ටීවී වල ස්ටාර් ප්‍රෝග්‍රෑම් වලට ලක්ෂයක් ආවා, දෙකක් ආවා කියලා දාන්නේ. අන්න ඒවත් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඔය කියපු තියරියටම තමයි!

 

මේකත් ජනප්‍රිය ඇඩ්වර්ටයිසින් ක්‍රමයක්. ඒ තමයි අපිට ඇණේ වෙලා ඇඩ් එක කොහොමහරි පෙන්නගන්න එක. ඔය පත්තරයක් ගත්තහම ඒක අස්සෙන් බිමට වැටෙන ලීෆ්ලට් වුනත් එහෙමයි. අපි ඉතින් කොයි තරම් වාතේ වුණත් ලීෆ්ලට් එක ඇහිඳලා අරගෙන කියවලා බලනවා. එතකොට ඔය මොකක් හරි සයිට් එකකට ගියහම පොප්-අප් වෙන ඇඩ්ස්, වීඩියෝ එකක් බලන්න යූටියුබ් එකට ගියහම වීඩියෝ එක මැද්දෙන් මතුවෙන ඇඩ්ස් එහෙම වුනත් අයිති වෙන්නේ ඔය ගණයට තමයි. හැබැයි ඉතින් මේක හදපු උන්ගේ අම්මට මුත්තට බැණ බැණ ඇඩ් එක ක්ලෝස් කළත්, ඇඩ් එක අපේ මතකයේ රැඳෙනවා.

 

සමහර බඩු භාණ්ඩ තියෙනවා, අපි ඇත්තටම දන්නෙ නෑ අපිට ඒවා ඕනද කියලා. ඒත් අපි ගන්නවා. සමහර කෑම බීම තියෙනවා, ඇත්තටම ඒ වලින් අපේ ඇඟට කිසිම ගුණයකුත් නෑ. අපිට කිසිම සහනයක් හෝ ප්‍රායෝගික ප්‍රයෝජනයක් ලබාදෙන්නෙත් නෑ. කොටින්ම කිවුවොත් ඒවා සල්ලි දීලා අරගෙන කන්නෙ බොන්නේ නැතුව හිටියා කියලා කිසිම අවුලකුත් නෑ. ඒත් අපි ඒවා ගන්නවා, කනවා, බොනවා. ඇයි? වෙළඳ ප්‍රචාරණය ඔස්සේ අපේ මනසට කාවද්දලා තියෙනවා අපේ ජීවිතේට ඒවා ඕන කියලා. ඔන්න ඕක බොහොම පරිස්සම් වෙන්න ඕන පොයින්ට් එකක්. මොකද ඔහොම අපේ ජීවිතේට ඕන කියන හැඟීම කාවද්දලා අපිට විකුණන සමහර දේවල් අපේ ජීවිතේට අහිතකර වෙන්නත් පුළුවන් නිසා!

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here