අපේ මැයි රැළි හතරට එකකට ලක්‍ෂය පන්නලා ආවා.. අපට දැන් රැළියක් කරන්න ඉඩ තියෙන තැනක් නෑ..

0
17

ජාතික ජනබලවේගය විසින් පවත්වන ලද මැයි රැලි සඳහා එකකට ලක්ෂයක් ඉක්මවූ ප්‍රමාණය බැගින් පැමිණ සිටි බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හෙරත් මහතා සඳහන් කරයි.

තම පක්‍ෂයට කොළඹ මැයි රැළියක් පැවැත්වීමට තරම් ඉඩ පහසුකම් ඇති ස්ථානයක් මේ වන විට නැති බවද ඔහු කියා සිටියි.

ඒ හේතුවෙන් තම පක්‍ෂයට මැයි රැළි හතරක් රටේ ස්ථාන හතරකදී පැවැත්වීමට සිදුවූ බවද ඔහු පැවසීය.

මෙවර මැයි දිනයේදී වැඩිම ජන සහභාගිත්තක් හා සංවිධානයක් සහිතව පැවැත්වුවේ තම පක්ෂය බවත් ඔහු පෙන්වා දෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂය ජයග්‍රහණය කරවීමට රටේ ජනතාව මේ වනවිටත් සැදී පැහැදී සිටින බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here