ආදරේ වර්ග 7 ගැ​න දන්නවද? ඔබේ ආදරය මින් මොන වර්ගයට අයත්ද? – Saru News Media

0
26

ආදරේ කියන්නෙ අපි කාටවත්ම මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්න පුළුවන්කමක් නැති අති​ශය මානුෂික හැඟීමක්. ජිවිතේ කොයි අවධියක හරි, කොයි විදිහක හරි ආදරයක් ඕනම කෙනෙක් විඳල තියෙනවනෙ. ඒකනෙ අර සින්දුවකිනුත් කියන්නෙ “ප්‍රේමය ලොව හැමතැනම ඇතී, හැම දෙනාටම හමුවෙලා ඇතී…” කියල. හැබැයි ඒ ගීතයේම අනික් පදවැල් වලින් කියන විදිහට ප්‍රේමය කියන ප්‍රෙහේළිකාව හරියටම විසඳගන්න පුළුවන් වුණ කෙනෙක්නම් මේ මිහිමත ඇත්තෙ නැහැ. ඇත්තටම ඒක එහෙමමද කියල ඇහුවොත් හුඟක් දෙනෙකුගෙන් අපිට ලැබෙන උත්තරේ තමයි ඔව් කියන එක. මොකද ආදරය කියල කිව්වම කාගෙත් ඔළුවට ඉස්සෙල්ලාම එන්නෙ යෞවන යෞවනියන් අතරේ ඇතිවෙන ශෘංගාරය පදනම් කරගත්ත ආදරයනේ. එත් ආදරය කියන්නෙ ඒකම විතරක් නම් නෙමෙයි. දෙමව්පියන්ගෙ හිතේ දරුවන්ට ඇතිවෙන අසීමිත ආදරේ, ලඟම මිතුරු මිතුරියන් ගැන දැනෙන ආදරේ වගේ හැඟීම් වලටත් ආදරේ කියන නමම තමයි තියෙන්නෙ.

ඉතින් මේ එක එක විදිහේ ආදරේ වර්ග ගැන තමයි අද කතාව. ආදරේ කරලා තිබුණට, ආදරේ විඳලා තිබුණට මේකනම් හුඟක් දෙනෙක් අහල නැති කතාවක්. පුරාණ ග්‍රීක දර්ශනිකයෝ මේ ආදරේ වර්ග 7කට වෙන් කරල මේ විදිහට විස්තර කරලා තියෙනවා. 

 

 

 

මේ කියන්නෙ ශෘංගාරාත්මක ආදරය ගැනයි. හරියටම කිව්වොත් කාමය කෙරෙහි ඇතිවෙන තණ්හාව. මේක ටිකක් භයානක වර්ගයක ආදරයක්. මිනිස් හිතක ඇතිවෙන මේ වර්ගයේ ආදරය, හරියටම කිව්වොත් වෙන කෙනෙකුගේ භෞතික ශරීරයක් කෙරෙහි ඇතිවෙන ලිංගික ආකර්ෂණය නිසාම ඒ අවස්ථාවේ කරන කියන දේවල් ගැන පාලනයක් පවා නැතිවෙන්න පුළුවන්. මේ බාහිරින් ඇතිවෙන ලිංගික ආකර්ෂණය මතම පමණක් පදනම් වෙලා කෙනෙක් කෙරෙහි ඇතිවෙන Eros කියන ආදරය සම්පූර්ණයෙන්ම තාවකාලික හැඟීමක්. එහෙම හැඟීමක් මත පදනම් වෙලා පටන් ගන්න ආදර සම්බන්ධතා වලටත් වැඩිදුරනම් ආයුෂ නැහැ.

 

 

 

Philia කියන්නෙ කෙනෙකුට තමන්ගේ දෙමව්පියන්, සහෝදරයින්, ලඟම යහළු හිතමිත්‍රාදීන් වගේ අය ගැන ඇතිවෙන විදිහේ හරිම දයාබර හැඟීමකට. මේ ආදරේ හැම වෙලාවෙම ලෙන්ගතුයි, මිත්‍රශීලීයි ඒ වගේම විශ්වාසවන්තයි. බොහෝවිට එකවගේම අත්දැකීම්, එකවගේ සිතුවිලි තියෙන අය අතරේ තමයි මේ වර්ගයේ ආදරයක් ඇතිවෙන්න පුළුවන්. මේක හරිම යහපත් චේතනාවන් පෙරදැරි කරගෙන ඇතිවෙන ආදරයක්. මූලිකව Eros කියන ආදරය ඇතුව පටන් ගන්න සම්බන්ධතාවයක් උනත් මේ Philia කියන හැඟීම එක්ක ඉස්සරහට ගෙනිච්චොත් බොහොම ශක්තිමත් සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here