ආර්ථික කමිටු විවාදය මග හැර දුවන්නේ ඇයි..- SJBන් මාලිමාවට හරස් පොල්ලක්..

0
18

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර විවාදය සඳහා දින යෝජනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් යොමුකරන ලද ලිපියට සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රදානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රතිචාර දක්වයි.

නලින්ද ජයතිස්ස මහතා වෙත මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

2024.04.23
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
ජාතික විධායක සහික,
ජාතික ජන බලවේගය,
අංක 644/20,
පන්නිපිටිය පාර,
පැලවත්ත,
බත්තරමුල්ල

මහත්මයාණෙනි.
විවාදය සඳහා දින නියමකර ගැනීම පිළිබඳවයි.

උක්ත මැයෙන් ඔබ විසින් 2024-04-22 දා තමින් සමගි ජන බලවේගය මහලේකම්වරයා වෙත යොමු කළ ලිපිය හා බැදේ.

අප විසින් විවාදය සදහා ඉදිරිපත් කළ යෝජනාවට පදනම් වූයේ සමගි ජන බලවේගයේ ආර්ථික කට්ටුව හා ඔබගේ පක්ෂයේ ආර්ථික කමිටුව අතර පක්ෂ දෙකෙහි ආර්ථික ප්‍රතිපත්ති පිළිබද වූ විවාදයක් පැවැත්වීමටයි.

එම විවාදයට කිසිදු සාධනීය පිළිතුරක් ලබා නොදෙමින් පක්ෂ නායකයින් අතර විවාදයකට ඔබ පක්ෂය විසින් යෝජනාවක් ඉදිරිපත් කළ අතර එම විවාදයට තමන් සුදා නම් බව අපගේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර මෙම විවාද පිළිබඳව 2024-04-09 දා තමින් මා විසින් ඔබ වෙත යොමු කළ ලිපියට යළිත් අවධානය යොමු කරවමි.

අදාළ ලිපියෙන් යෝජනා කරනු ලැබුයේ පළමුව ආර්ථික කමිටුව අතර විවාදයත් දෙවනුව නායකත්ව මට්ටමේ විවාදයත් පැවැත්වීමත්, එම විවාද දෙකම මැයි මාසය තුළ පැවැත්වීමට දෙපාර්ශ්වයම සාකච්ඡා කොට එකවර දින නියම කිරීමත්ය.

2024-04-22 ඔබ විසින් යොමු කළ ලිපියේ ආර්ථික කමිටු විවාදය ගැන සඳහනක් නොමැත. එම විවාදයට ඔබ එකඟ වන්නේ ද? නැද්ද? යන්න පැහැදිලි කිරීම අත්‍යාවශ්‍ය වූවකි. ඒ පිළිබඳව කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරමි.

කෙසේ වුවත් අදාළ විවාදයන් දෙක පැවැත්වීම පිළිබඳ දිනයන් සහ අනෙකුත් විධි විධාන සැලසීම පිළිබඳව වු සාකච්ඡාවකට 2024-04-25 හෝ 26 යන දින දෙකකින් ඔබට පහසු දිනයකදී පාර්ලිමේන්තුවට පැමිණෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here