ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය

0
14

සාමාජික රටවල් සමඟ උපාය මාර්ග සහයෝගීතාව ශක්තිමත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යභාරය අඛණ්ඩව ඉටුකිරීමට ශ්‍රී ලංකාව පූර්ණ සහයෝගීතාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම සහ ප්‍රවීණත්වය සිය සාමාජික රටවල් බහුවිද අභියෝගයන්ට සූදානම් කරවීමට බෙහෙවින් උපකාර වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවැති පාලක මණ්ඩලය සඳහා වූ සැසියේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙම අදහස් පළකළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ආසියානු සංවර්ධන බැංකුවේ දැනුම, සාමාජික රටවල අභියෝග අවම කිරීමට මෙන්ම සමබර පරිසර හා තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය බවයි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here