ඇමති විජේදාසට ලැබුණු තීන්දුව – Saru News Media දේශීය පුවත්

0
9

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පැනවූ වාරණය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළා.

ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීම සදහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිශ්ප්‍රභ කරන බව අධිකරණය සදහන් කළා.

අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න / මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළේ.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසාරි ජයසේකර මහතා ද නිදහස් පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකළා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here