ඇමෙරිකා ජනාධිපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
25

ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා ප්‍රදේශය ආක්‍රමණය කළ හොත් ඔවුන්ට ලබාදෙන යුද ආධාර සීමා කිරීමට සිදුවන බව ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව සඳහන් කළේ සීඑන්එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.

රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කළ හොත් ඊශ්‍රායලයට ඇතැම් යුද උපකරණ ලබාදීම අත්හිටවන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදි අනතුරු අඟවා සිටියේ.

එහෙත් ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීමට තමා සහාය ලබාදෙන බව ද මෙහිදි ඔහු සඳහන් කළා.

ඇමෙරිකාවේ අනතුරු ඇඟවීම් හා දැඩි විරෝධය මධ්‍යයේ වුවද ඊශ්‍රායලය රෆා ප්‍රදේශය තුළ ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ සතු වන බව ද සඳහන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here