එක්ස්ප්‍රස් පර්ල් නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

0
6

කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයි රාජා ඉවත් වී තිබෙනවා.

ඔහු එලෙස ඉවත් වී ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා සහ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අපරාධ නඩුවක, විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින්.

මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාල නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඊයේ කැඳවනු ලැබූවා.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස් තුරෙයි රාජා සඳහන් කළේ පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වන දා කැඳවනු ඇති. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here