ඔක්ටෝබර්ෆෙස්ට්! ලෝකයේ විශාලතම බියර් ලෝලීන්ගේ උත්සවය ලංකාවේත් තියෙනවද? – Saru News Media

0
5

ඔක්ටෝබර්ෆෙස්ට් කිවුවහම ඉස්සර නම් මූණට මූණ බැලුවත්, දැන් දැන් ලංකාවේ වුනත් අප්ඩේට් වෙලා ඉන්න කට්ටිය දන්නවා ඔක්ටෝබර්ෆෙස්ට් කියන්නේ ලෝකේ ලොකුම බියර් ෆෙස්ටිවල් එකක් කියලා. මේ ලෝකේ ලොකුම බියර් ෆෙස්ටිවල් එක වාර්ෂිකව පැවැත්වෙන්නේ ජර්මනියේ මියුනිච් වල වුනත්, ලෝකේ වෙන රටවලත් ඔක්ටෝබර්ෆෙස්ට් බියර් ෆෙස්ටිවල් පැවැත්වෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේත් ඔක්ටෝබර්ෆෙස්ට් බියර් ෆෙස්ටිවල් තියෙනවා. අමද්‍යප හාදයෙක්ට හාදියක්ට නං ඔක්ටෝබර්ෆෙස්ට් එකට ගිහින් ලොකූ ආතල් එකක් නැති වුනත්, බියර් ලෝලියෙක්ට නං ඔක්ටෝබර්ෆෙස්ට් කියන්නේ කලින් ආපු නත්තල් වගේ තමයි!

ලෝකේ තියෙන ඔක්ටෝබර්ෆෙස්ට් උත්සව ගැන වගේම ලංකාවේ පැවැත්වෙන ඔක්ටෝබර්ෆෙස්ට් උත්සව ගැනත් දැනගන්න ඕනෑ නම් දිගටම කියවාගෙන යන්න.

 

මේ උත්සවය ආරම්භ වෙන්නේ චාරිත්‍රයක් විදියට වුණු උත්සවයක් විදියට කියලා තමයි ඉතිහාස පොතේ සඳහන් වෙන්නේ. 1810 ඔක්‍තෝබර් 12 වෙනිදා බැවේරියානු ඔ‍ටුන්න හිමි කුමාරයා වෙන ලුග්විග් කුමරු විවාහප්‍රාප්ත වෙනවා සැක්සනි හිල්ඩ්බර්ග්හවුසන් කුමරිය තෙරේසා එක්ක. මේ විවාහ මංගල්‍යය වෙනුවෙන් වෙන ප්‍රීති උත්සවය දවස් පහක් පුරාවට නගර වාසල් දොර‍ටු අසබඩ පැවැත්වුණා. ඒකට මියුනිච් වල සියලුම පුරවැසියන්ට ආරාධනා ලැබුණා. හැබැයි මේ පළවෙනි ඔක්ටෝබර්ෆෙස්ට් උත්සවයේ මූලික අංගය වුණේ අශ්ව රේස් එකක්!

ඊට පස්සේ කොහොමින් කොහොම හරි මේ ඔක්ටෝබර්ෆෙස්ට් එක වසරක් පාසා පැවැත්වෙන්න පටන් ගත්තා. ඒ වගේම වසරක් පාසා ඔක්ටෝබර්ෆෙස්ට් උත්සවයට වඩ වඩාත් සුවිශේෂී අංග එකතුවෙන්නත් පටන් ගත්තා. අන්තිමට මේක වීල්බැරෝ රේස්, ගෝනි රේස්, ගස් නැගීමේ තරග, පාත්තයෝ ඇල්ලීමේ තරග වගේ නානාප්‍රකාර විනෝද අංග ඇතුළත්, හොඳට කන්න බොන්න තියෙන විනෝද උත්සවයක් බවට පරිවර්තනය වුනා. කොහොම හරි මේ උත්සවය තියෙන භූමියට බියර් ගේන්න අවසරය නගර අධිකාරියෙන් ලැබීමත් එක්ක පොඩි පොඩි බීර හල් එහෙමත් ඔක්ටෝබර්ෆෙස්ට් එකට එකතු වෙන්න පටන් ගත්තා. හැබැයි 1896 වගේ වෙනකොට මේ පොඩි පොඩි බීර කුටි විශාල බීර ශාලාවලට මාරු වුනා. ප්‍රදේශයේ බීර පෙරන්නෝ තමයි ඒවලට අනුග්‍රහය ලබාදුන්නේ.

 

ඔරිජිනල් මියුනිච් ඔක්ටෝබර්ෆෙස්ට් එක ඇත්තටම බියර් උත්සවයක් නෙවෙයි කියලා අපි කිවුවනේ. ඒ වගේම තමයි පස්සේ කාලෙක බියර් මේ ෆෙස්ටිවල් එකට ආවට පස්සෙත් ඒ සම්බන්ධයෙන් එක එක සීමාවන් පැනවිලා තිබුණා. ඔක්ටෝබර්ෆෙස්ට් එකේදී මියුනිච් වල පෙරපු බීර ඇරෙන්න වෙන කිසිම බීර වර්ගයක් බොන්න තහනම්. ඒ බීර පෙරන්න ඕන මියුනිච් නගර සීමාව ඇතුලේ තියෙන ඓතිහාසිකව විශේෂ ඉස්කාගාර හයක විතරයි. හිතාගන්න පුලුවන්නේ මේ ඉස්කාගාර තමන්ගේ බීර ගැන කොයි තරම් ආඩම්බර වෙන්න ඇත්ද කියලා.

කොහොමත් බැවේරියානු බියර් ලෝකයේ විශිෂ්ටතම බියර් විදියට ලෝක ප්‍රසිද්ධයි. බැවේරියානු බීර පෙරීමේ නුමුහුම් අවශ්‍යතාවලට අනුව බීර පෙරන ක්‍රියාවලියට යොදාගන්න පුලුවන් අමුද්‍රව්‍ය තුනක් විතරයි. බාර්ලි, බීර මල් සහ වතුර. එච්චරයි!

 

පළමුවෙනි ඔක්ටෝබර්ෆෙස්ට් උත්සවයෙන් පස්සේ අද වෙනකොට අවුරුදු 208 ක් ගෙවිලා ගිහින්. හැබැයි මේ සියවස් දෙකකටත් වැඩි කාලයක් නොනවත්වාම පැවැත්වුණු ඔක්ටෝබර්ෆෙස්ට් උත්සවය මේ ඉතිහාසය පුරාම නොපැවැත්විලා තියෙන්නේ 24 වතාවක් විතරයි. ඒකට එක හේතුවක් වුණේ ලෝක යුද්ධයන්. අනෙක් හේතුව වුනේ එක්තරා කාලෙක යුරෝපයම බිලිගත්තු කොළරා වසංගතය. එතකොට හිතලා බලන්න, මේ වෙනකොට ඔක්ටෝබර්ෆෙස්ට් උත්සව සියල්ලම ගත්තහම කොහොම බීර ප්‍රමාණයක් උතුරන්න ඇත්ද!

 

දැන් අපි කිවුවනේ පළමුවෙනි ඔක්ටෝබර්ෆෙස්ට් උළෙල පැවැත්වුණේ 1810 ඔක්තෝබර් 12 වෙනිදා කියලා. හැබැයි පස්සෙන් පහු වෙනකොට ඔක්ටෝබර්ෆෙස්ට් එක ඔක්තෝබර් වලින් සැප්තැම්බර් වලට මාරු වුනා. අපි මේ කියන්නේ ඔරිජිනල් ඔක්ටෝබර්ෆෙස්ට් එක ගැන. ඒකට හේතුව තමයි කාලගුණය. සැප්තැම්බර් මාසේ මැද හරියේ ඔක්ටෝබර්ෆෙස්ට් ආරම්භ වෙන්න පටන් ගත්තේ යුරෝපයේ සැප්තැම්බර් මාසේ වඩාත් උණුසුම්, හිරු එළිය තියෙන දවස් තියෙන නිසා. ගොඩක් වෙලාවට මෙහෙම පටන් ගන්න ඔක්ටෝබර්ෆෙස්ට් එක ඉවර වෙන්නේ ඔක්තෝබර් මාසේ මුල් දින වලදී. හැබැයි ඉතින් අනෙක් රටවල පවත්වන ඔක්ටෝබර්ෆෙස්ට් වල නම් එහෙම විශේෂයෙන්ම සැප්තැම්බර් වල තියෙන්නේ කියලා එකක් නෑ.

 

මේකේ තේරුම වෙන්නේ Very Important Beer කියන එක. නමෙන්ම හිතාගන්න පුලුවන්නේ ඔක්ටෝබර්ෆෙස්ට් වෙනුවෙන්ම නිෂ්පාදනය වෙන බැවේරියානු බියර් වලට වෙන්න ඇති මෙහෙම කියන්නේ කියලා. හැබැයි සංකේතාත්මකව විතරක් නෙවෙයි මේ ඔක්ටෝබර්ෆෙස්ට් බියර් සුවිශේෂී වෙන්නේ. ඇල්කොහොල් සාන්ද්‍රණය අතිනුත් මේ බියර් බොහොම ඉහළයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බොන 3.8% ඉඳන් 4.2% වගේ වෙනකල් තියෙන බියර් වලට වෙනස් විදියට, ඔක්ටෝබර්ෆෙස්ට් බියර් වල ඇල්කොහොල් සාන්ද්‍රණය 6% ක් වෙනවා. ඒ කියන්නේ සෑහෙන්න හොඳ පන්ච් එකක්. හැබැයි ඉතින් ලංකාවේ ස්ට්‍රෝන්ග් බියර් බොන අපිව වට්ටවන්න නම් ඔක්ටෝබර්ෆෙස්ට් බැවේරියන් බියර් වලට පුලුවන් වෙයිද කියන එක හොඳ ප්‍රශ්නයක්!

මේ ඔක්ටෝබර්ෆෙස්ට් බීර දෙන්නේ අර ලීටරේ ලොකු බියර් භාජන වල. එතකොට සාමාන්‍යයෙන් එක අවුරුද්දක් ඔක්ටෝබර්ෆෙස්ට් එකකදී මේ බීර ලීටර මිලියන 6.4 ක් විතර බොනවා කියලා තමයි මියුනිච් පැත්තෙන් ආරංචි වෙන්නේ!

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here