ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත් කෙරේ – Saru News Media දේශීය පුවත්

0
24

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශන සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශන සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (29) කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාව සඳහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් ලෙස කමිටු සමාජිකයන් 48 දෙනෙක් හට මෙම පත්වීම් ලිපි ලබාදෙන ලදී.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි මෙම කමිටු සමාජිකයින් පත් කර ඇති අතර වසර 2 ක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම් සිදු කර තිබේ.

මෙම ආංශික උපදේශන සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සිදුකරනු ලබයි.

ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත අංශ සංවර්ධනය සදහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා අදාල කමිටු සාමාජිකයින් සමඟ මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගලගම, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන අංශ 3) නලිනි බාලසුබ්‍රමනියම්, අමාත්‍යාංශ නිලධාරීන් කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here