කකුලට වද දෙන සපත්තු කකුලට සැප දෙන මට්ටමට හදා ගමු – Saru News Media

0
10

කඩවල සපත්තු ලස්සනට පේන්න දාලා තියෙනවා. අපි ඒවා එතනදි ම දාලා පොඩි ටෙස්ටින් පාරකට එහෙ මෙහෙ ඇවිදිනවා. එතකොට කිසි ම ගින්නක් නෑ. හැබැයි ගෙදර අරන් ඇවිත් ටික දවසක් යනකන් දේවාලෙක ගිනි පාගන තත්ත්වයක් වගේ එකක් උදා වෙනවා. ඉතින් ඒකට විසඳුම් තියෙද්දි අමාරුවෙන් කකුලට දස වධ දෙන්නේ මොකටද?


ඩෙනිමක් ඇන්දම තියන සැප ගතිය කකුල් දෙකටත් දෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියනවා. එකක් තමයි සපත්තුව ඇතුළින් තැනක ලිහුණොත් වෙන වැඩේ. එහෙම වුණොත් ඉඳිකටු තුඩු ඇනෙනවා වගේ විසුමක් නෑ. ඒ වෙලාවට ඩෙනිම් කෑල්ලක් අරන් එතනට තියලා පැච් එකක් දාගන්න පුළුවන්. අනික් ක්‍රමය තමයි එහෙම කිසිම විදියක පළුද්දක් නැතුව ඩෙනිම් රෙදි කෑල්ලක් ඇතුළතින් අල්ලලා මහන එක. ඒක කකුලට හිතනවට වඩා පහසුවක්.


ටිකක් විතර කකුලේ ගාණටම තියන හිර සපත්තු දෙකක් සෙට් වුණා කියලා හිතන්නකෝ. කකුල සපත්තුවට බස්ස ගන්න තැන ඉඳන් ම වැඩ කරන ප්‍රතිකාරය තමයි පවුඩර්. යටිපතුල සහ විළුඹ ආශ්‍රිතවත් සපත්තුව ඇතුළෙත් හොඳින් පවුඩර් ගාන්න. බබා වගේ කකුල සපත්තුව ඇතුළේ තියෙයි. ඒ විතරක් නෙවේ ඉතින්. ඇවිදිද්දිත් පොඩි කිතියක් තියනවා.


සපත්තුව ඇතුළු පැත්තේ වාටියේ ඩියෝ ආලේප කරන එකේ වාසි දෙකක් තියනවා. එකක් තමයි පවුඩර් දැම්මා වගේ ම සපත්තුව ඇතුළට කකුල දාන්න සහ ඇවිදින්න තියන පහසුව. අනෙක් දේ තමයි කකුල්වල හැදෙන දියපට්ටා. ඒවා හැදෙන්නේ සපත්තුවත් කකුලත් අතර අනවශ්‍ය ඝර්ෂණයක් ඇති වුණාම. ඩියෝවලින් ඒක නැති කරන නිසා දියපට්ටා ඇතිවෙන්නේ නෑ.


අලුත් සපත්තු ජෝඩුවක් එක පාර ගමනක් බිමනක් යන්න දාද්දි චකිතයක් එනවනේ ඕක ටික දොහක් ඇවිද්ද ගමන් කැපෙන්න ගනී කියලා. ඒකට විකල්පයක් තමයි මේස් දෙකක් දාගෙන සපත්තුවට බැහැලා ගෙදරදී නිකන් ඇවිදින එක. මෙතන දී මේස් දෙකක් දාන්න ඕනි එක කකුලකට. මේකෙන් සපත්තුව කකුලට පහසු විදියට හැඩ ගැහෙනවා.

 


ක්‍රීඩාවලට භාවිත කරන ඕනෑම මාදිලියක සපත්තුවල දැකලා ඇති ලේස් දැම්මට පස්සේ අමතරව ඉතුරුවන හිල් දෙකක්. ඒ දෙකත් භාවිත කරන්න ඕනි. එතකොට කකුල ගාණට සපත්තුවට සෙට් වෙනවා. දුවද්දි පනිද්දි ඇඟිලි ටික ඉස්සරහට ගිහින් වැදෙන්නේ එහෙමත් නැහැ. හැබැයි ඒ අමතර ඒවා භාවිත කිරීමේ දී ඒක කරන්න ඕනි සාමාන්‍ය විදියට නම් නෙවෙයි. මේ වීඩියෝ එක බලන්න.

 


Heel Cap එකක් කියලා කියන්නේ සපත්තුවක අඩියේ සපත්තුව උස්සලා තියන ගැජමැටික් එක. ඒක අඩි උස සපත්තුවක වගේ ම බූට් සපත්තුවල පවා තියනවා. කාලයක් භාවිත කරා ම මේ කැප් එක ගෙවෙනවා. එතකොට ඇවිදින එක අපහසුවක් ඇති කරනවා. ඉතින් ඊළඟ පාර ආසම සපත්තුව දාන්න කලින් කැප් එක මාරු කරන්න ඕනි ද නැද්ද කියලා චෙක් කරලා බලන්න.


හීල් එක අඩු සපත්තුවල පිටුපසින් දියපට්ටා සහ කැපුම් ඇති වන එක නවත්තන්න කකුල පිටිපස්සේ සපත්තුවේ දාරය හරියට ම සෙට් වෙන තැන ප්ලාස්ටර් එකක් අලවන්න. ඝර්ෂණය අඩු වෙන එකෙන් දියපට්ටා දාන්නේ නැහැ. දාරය කෙලින් ම කකුලේ වදින්නේ නැති නිසා කැපෙන්නේ නැහැ.


 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here