කඩල එක්ක සදුලූණුත් කමු – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
12

සුදුලූණු කරිය සහ කඩල කරිය වෙනවෙනම කලා තිබුණට දෙකම එකට කලා නැතුව ඇති ඔන්න අද අපි කියා දෙන්න යන්නේ කඩල මිශ්‍ර සුදුලූණු කරියක් හසා ගන්න විදිහ ගැනයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මෙන්න මේ ද්‍රව්‍ය…

අවශ්‍ය ද්‍රව්‍ය –

කඩල ග්‍රෑම් 250

සුදුලූනු ග්‍රෑම් 200

රතුලූනු ගෙඩි කීපයක්

අමුමිරිස් කරල් 2-3

කරපිංචා කිනිත්තක්

තුනපහ කුඩු මේස හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/4

ලුණු රසට අනුව

මිටිකිරි අඬු කෝප්ප 3

සාදන ආකාරය –

සුදුලූනු ටික හොඳින් කබ‍ලේ බැදගන්න. කඩල ටික තම්බා දිය බේරා ගන්න. දැන් මේ දෙවර්ගයම භාජනයකට දමන්න.

රතුලූනු, අමුමිරිස් , කරපිංචා කපා දමන්න. තුනපහ කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු සියල්ල දමා හොඳින් මිශ්‍රකර මිටිකිරි එකතු කරන්න.

දැන් ළිප තබා මදගින්දරේ උකු කරියක් සේ පිසගන්න.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here