කරදගොල්ල නාය යන්නේ උමා ඔය නිසාදැයි විශේෂ පරීක්‍ෂණයක්..

0
15

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ නාය යෑම් තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් හෙට (01) එහි යාමට නියමිත බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රබාත් අබේවර්ධන මහතා පැවසීය.

නාය යෑමට හේතුව උමා ඔය යෝජනා ක්‍රමය බවට ජනතාව නගන චෝදනාවට පැහැදිලි පිළිතුරක් ලබාදීම එහි අරමුණ වී තිබේ.

අදාළ භූ විද්‍යාඥායින් පිරිස කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිට පැමිණීමට නියමිතයි.

ඊයේ (29) දිනයේ නාය යෑම සිදුව ඇතැයි පැවසෙන ස්ථානයේ යුධ හමුදාව සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් කාණු කපා එක් රැස් වී ඇති ජලය බැසයාමට සැලැස්වූ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here